ඒක නිසා තමයි ඕවට සල්ලි තියන එකෙක් වත් ලොකු ගානක් බිඩ් කරන්නෙ නැත්තෙ
සර්විස් නොකර දුවල අමු මරාල වෙලා ඇත්තෙ
කෑලි බෑලි ගලවලා තියෙන්න පුලුවන්
වාහන රීසේල් මාකට් එක ගැන තියෙන වැරදි මතය ඕක. එන්ජින් වැඩ වලට එහෙම ලොකුවට වියදම් වෙන්නෙ නෑ. අපිට ලොකු වියදම් වගේ පේන්නෙ අපි ගැරිජ් එකකින් හදවන නිසා කුලිය විදියට ලොකු ගනන් යන නිසා. ඒත් ඇත්තටම වාහන රීසේල් කරන උන්ට කන්ට්රෑක්ට් ගැරිජ් හෝ උන්ගෙම ගැරිජ් තියෙනව ටෙක් වලින් අවුට් උන් කොල්ලො දාගෙන කරන ඒව. අනික උන්ට පාට්ස් හම්බෙන්නෙත් අපි ගන්න ගානට නෙමේ. ඉතින් උන්ට හදන්න යන වියදම් අඩුයි.
බොඩි දිරුම් තමයි ලොකුවටම බලන්නෙ. මොකද ඒව හදන්න අමාරුයි. අනික චැසි ඇද ගහපුව, කනු ඇද ගහපුව. ඒව අවිලක් නැත්නම් ඇන්ජින් අදාලම නෑ. උන් ඇන්ජිමක් පිටින් තියන්න හරි බලන් තමා ගන්නෙ. ඔය සරිවිස් රෙකෝඩ්ස් කියන්නෙ අපේ උන් හදාගත්ත කිසිම තේරුමක් නැති කතාවක්. සේල් එකකින් සර්විස් රෙකෝඩ්ස් එක්ක ගන්නව කියන්නෙ ඉතින් මීටර් කරකෝල තනිකරම බොරුවක් වෙන්න ලොකු ඉඩක් තියෙන්නෙ. ඔතන දුම් පරික්ශනය තියෙනවා නම් සහ අදායම් බලපත්ර හිස්ට්රි එක තියෙනවා නම් ශේප්. හොරාට සර්ටිෆිකේට් ගහන රටෙ සර්විස් රෙකොඩ්ස් වගේ කිසිම proof check කරගන්න බැරි දෙයක් හදනව කියන්නෙ ඉතින් නතින්ග්.