ගම්පහ කච්චේරිය නෙමේ.
1. අයිඩෙන්ටිටි කාඩ් එක විතරක් ගෙනිච්චම ඇති, පරණ ලයිසන් එකත් ගෙනියන්ඩ
2. දකුණු අත පැත්තෙ තියෙන පෝලිමේ ඉන්ඩ
3. ඉස්සරහට ගියාම නොම්බරේ ලියපු ෆෝම් එකක් දෙනව, ඒකෙ නම, ටෙලිෆෝන් නොම්බරේ ලියන්ඩ, ආපු කාරණය ඉස්සරහින් හරියක් දාන්ඩ.
නොම්බර කතා කරන්ඩ තව පැයක් විතර යන හින්ද එළියට ගිහින් කාල කරල ආවැකි
4. නොම්බර දහය දහය ඇතුලට ගන්නෙ, එතනදි සිකුරිටි උස මනිනව, එතන තියෙන තරාදියෙන් බරත් මැනගෙන අපි අර ෆෝම් එකේ ලියාගන්ඩෝන
ස්ථානය 1 - මිස්ල හතර දෙනෙක් ඉන්නව, එක්කෙනෙක් ඉස්සරහ අපි පුටුවෙ ඉඳ ගන්නව, එතන තමයි රෙජිසටර් කරං අපේ පොටෝ එකකුත් ගන්නෙ
ස්ථානය 2 - සල්ලි ගෙවල රිසිට් එක ගන්නව, මතක් කරල එයාගෙන්ම ඉතුරු සල්ලි ටික ඉල්ල ගන්ඩ , ගාස්තුව රුපියල් 800යි
ස්ථානය 3 - ඇඟිල්ලෙන් ලේ ගන්නව
ඊට පස්සෙ අපි නම් කතා කරනකං ඉන්නව, 15ක් වගේ කට්ටි කට්ටි ඇතුලට එක්කං යනව, එතන හැමෝම එක පාර කියන විදියට අත් කකුල් උස්සන්ඩෝන, බඩ පපුව පිට පේන්ඩ ඇඳුම් උස්සල පෙන්නන්ඩත් කියනව, ඇස් චෙක් කෙරුවෙත් මෙතනම තමා
අතුලට ගන්ඩ කලිං කලිසං දනහිස පේන මට්ටමට උස්සගන්ඩ කියනව, අනේමංද එහෙම කියන්නෙ දනහිස පේන්ඩද නැත්තං ආපහු කලිසම පහලට දිග ඇරෙන හින්දද මංද
මාත් ඇතුලුව කීප දෙනෙක්ගෙ කලිසං දනහිස ගාවට කිට්ටු කරන්ඩ බෑ හිරයි, ඒත් ඒක අවුලක් වුණේ නෑ
ඊට ටිකක් ඉස්සරහට වෙන්ඩ බයික් දාන්ඩ පාකිං තියෙනව, රුපියල් පණහයි

Last edited: