බැංකුවලට පොලු තැබූ රනිල්ගේ ගෝලයන් බේරා ගැනීමට කෝටි 45,000ක්
November 14, 2023
0
in
ආර්ථික පුවත්,
ප්රමුඛ පුවත්
මුදල ඇමති රනිල් වික්රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව බැංකු ප්රතිප්රාග්ධනීකරණය කිරීම සඳහා යැයි පවසමින් වෙන් කර තිබෙන රුපියල් කෝටි 45,000 මුදලක් රාජ්ය බැංකුවලට පොලු තැබූ තම ජග මිතුරන්ගේ ණය කපා හැරීමට යොදවනු ඇතැයි බරපතළ සැකයක් මතු වී තිබේ.
මේ වනවිට දයා ගමගේ ඇතුළු රනිල් වික්රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂ පවුලේ ගජමිතුරන් විශාල වශයෙන් රාජ්ය බැංකුවලින් ණය ගෙන ආපසු ගෙවා නැති බව හෙළි වී ඇත. අයවැය කතාවේදී ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 20%ක් උපාය මාර්ගික ආයෝජකයන්ට ලබා දෙන බව මුදල් ඇමති රනිල් වික්රමසිංහ සෘජුවම ප්රකාශ කර තිබේ.
මෙලෙස රාජ්ය බැංකු දෙකේ කොටස් විකිණීමට පෙර අක්රීය ණය සහ බොල් ණය ලෙස පවතින ණය කපා හැරීමට සිදු වන බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මෙලෙස විශාල මුදලක් පොලු තබා ඇත්තේ රාජපක්ෂ ගජමිතුරන් සහ රනිල් වික්රමසිංහගේ ගජමිතුරන්ය. මේ බව විවිධ අවස්ථාවලදී කෝප් කමිටු වාර්තාවලින් පවා හෙළි වී තිබේ.
බැංකු ප්රතිප්රාග්ධනීකරණය කිරීම යනුවෙන් එම බොල් ණය කපා හැර ප්රාග්ධනය ශක්තිමත් කිරීම සිදු කිරීමට මහජන ධනය රුපියල් කෝටි 45,000ක් වැය කිරීමට යෝජනා කර තිබීම ගජමිතුරන් වෙනුවෙන් යොදන ලද උපක්රමයක් බව තහවුරු වේ. එම මහජන ධනය යෙදවීමෙන් පසුව කොටස් වෙළඳපොළේ විකුණන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් නැවත වටයකින් මෙම දේශපාලන ජාවාරම් කරුවන් හටම මිල දී ගැනීමේ හැකියාවද උදාවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මෙම රුපියල් කෝටි 45,000ක මුදල් යෙදවීම අයවැය කතාවේ කිසිම තැනක සඳහන් නොවන අතර ඇමුණුම 02 කොටසේ පාද සටහන්වල පමණක් එය දක්වා තිබේ.