වාහන මිළ ඉදිරියේදී අසීමිතව වැඩි වෙනවා, ඒක ඉර හඳ වගේ විශ්වාසයි, දැනට මිල බැසීමක් වගේ පෙනුනට ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ බොරැ මතයක් විතරයි, මේ දවස්වල වාහන වලට තියෙන ඉල්ලුම 80%කින් විතර අඩුවෙලා ඊට මූලික හේතුව ලීසින් පොලිය 40% ක ආසන්න වීමයි, ලංකාවෙ මිනිස්සු 75% ක් විතර අළුතින් වාහන ගත්තෙ එක්කො ලීසින් පහසුකම් වලට නැතිනම් වෙනත් ණය පහසුකම් උපයෝගී කරගෙන, දැනට පවතින අධික පොලියට කිසිම කෙනෙක් අලුතින් වාහනයක් ගන්න පෙලබෙන්නෙ නැහැ,
සාමාන්‍ය අය නොදන්න දෙයක් තමයි දැනට ලීසින් පහසුකම් යටතෙ මිලදී ගෙන තියෙන බොහෝ වාහන සදහා ගෙවන්නෙ ඉතා අඩු පොලී ප්‍රතිශතයක් බව ( බොහෝ විට 15%ට අඩුයි) අනෙකුත් ණය වගේ ලීසින් එකක් ගත්තොත් එම ලීසින් කාලය ඉවර වන තෙක් එහි පොලී අනුපාතය වෙනස් කරන්න බැහැ, ඒක නීතියක් නමුත් වෙනත් ණය වල පොලිය වෙනස් කරන්න පුළුවන් ආයතනයේ කැමැත්ත සහ රටේ පවතින පොලී අනුපාතයට සමානුපාතිකව නමුත් ලීසින්වල එහෙම බැහැ, ඒ නිසා දැනට ගෙවාගෙන යන ලීසින් එක ලාබදායක නිසා ලීසින් එකක් ගත්ත බහුතරයක් තියෙන වාහනේ විකුණන්නෙ නැහැ, අළුතෙන් වාහන වලට ඉල්ලුම අඩුවීම නිසා සේල් කරැවන් ඉතා අසරණ වෙලා, ඒ අය වාහණ අරගෙන තියෙන්නෙ ඉතා විශාල වශයෙන් බැංකු වලින් ණය සහ අයිරා පහසුකම් යටතේයි, මේ දවස් වල අයිරා පොලිය 41%ක් විතර වෙනවා, ඉතිං ඒ අය ලග වාහන නොවිකිනී තියෙනවා කියන්නෙ බැංකු පොලිය පැටව් ගහනවා කියන එකයි අනික ඒ අය තමන්ගෙ සේවකයන්ගෙ පඩි නඩි සහ ආයන කුලී විදුලිය සහ අනෙකුත් අසීමිත වියදම් දැරිය යුතුයි, එනිසා සේල් වල වාහන ගොඩ ගසා ඉන්නවාට වඩා පාඩුවට හරි විකුණා ණය බරෙන් නිදහස් වෙන එක ඒ අයට ලාබ දායකයි, ඒ නිසයි වෙළද පලේ වාහන මිළ අඩු බව දැනෙන්නෙ, නමුත් පුද්ගයන් සතු වාහන එහෙම හදිසියට කුණු කොල්ලයට විකුණන්නෙ නැහැ, දැනට පවතින පොලී අනුපාත ලබන මාර්තු අප්‍රේල් වන විට විශාල වශයෙන් අඩු වෙනවා, එතකොට තත්වෙ එහෙන් පිටින්ම වෙනස් වෙනවා, තව අවුරැදු පහකට වත් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ, නමුත් පොලී අනුපාත අඩුවෙලා ලීසින් වාරික අඩුවුන සැනින් වාහන වලට පවතින ඉල්ලුම අධිකව ඉහල යනවා, එතකොට අනම්‍ය ඉල්ලුම සහ සීමිත සැපයුම යන මූලධර්මය මත වාහන මිල අධිකව ඉහල යනවා, ඔය පදනම මත තමයි අපි අපේ බැංකුවල ලබන අවුරැද්දට budget හැදුවෙ, ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි මම මේක අමාරැවෙන් හරි කෙටුවෙ, තව දෙයක් කියන්න ඕනෙ, ම්ට වසර දෙකකට පෙර, වාහන මිල ඉදිරියේදී අඩුවන බව මම පුරෝකථනය කලාම කිරියෙ බොහෝ දෙනෙක් මට අපහාස කලබව, මම හැමදේම කීවෙ ආර්ථික සිද්ධාන්ත මතයි