පැරණි බස් රථ වල තිබුණු රේඩියෝ.
... මේ ඔබ දකින්නේ ජර්මනියේ බෙන්ස් සමාගමෙන් 1960 දශකයේ මුලදී ලංකාවට ගෙන්වන ලද බස් රියක්. මේවා අධ්‍යාපන ගමන් සහ විනෝද චාරිකා සඳහා ඒ කාලේ භාවිතා කලා. කාර්මික දේවල් නැතිව අද අමතර දෙයක් කියන්නම්. මේ වාහනේ රේඩියෝවක් තිබුනා. එය තිබුනේ බස් රියේ පසු පසයි. හේතුව එය රාත්තල් 200 ක් පමණ බර නිසා. අනෙක් දේ, එන්ජිමෙන් එන යම් යම් විදුළි සඥා වලින් රේඩියෝවේ ක්‍රියාත්මක වීමට වන බාධාව අඩු කරන්නටයි. එය වෑල්ව් රේඩියෝ එකක්. එහි තිබුණු වොලියුම් කොන්ට්‍රෝලයේ (ශබ්දය වැඩි කරන උපකරණය) ටියුනින් කන්ඩෙන්සරේ, ඒ කියන්නේ එක් එක් රේඩියෝ චැනල අල්ලන හෙවත් සුසර කරන උපකරණයේ සිට, රියදුරු අසුන තෙක් කේබල් ඇද තිබුනා. ඉතින් රියදුරාට ඒ ආකාරයට රේඩියෝව ක්‍රියාත්මක කරන්න හැකියාව තිබුනා. රේඩියෝවට බලය සපයා මිනිත්තු 5කට පමණ පසුයි ශබ්දය ඇහෙන්නේ. මොකද එහි වෑල්ව්ස් පත්තු වෙලා ක්‍රියාත්මක වෙන්න කාලයක් යන නිසා. සමහර අයට මතක ඇති, මීට අවුරුදු හතළිහකට පමණ පෙර 'රෙඩිෆියුෂන්' කියලා ස්පීකර්ස් වගයක් ආවා. අන්න ඒ වාගේ ලොකු ස්පීකර් මේ බසයේ තිබුනා...
... මේ වාහනේ මගේ නෑදෑයෙක්ට අයිති එකක්. අර කියපු රේඩියෝව කැඩිලා හදන්න බාර ගත්තේ අපේ අයියා. මිනිහා වෑල්ව් රේඩියෝ වැඩ්ඩෙක්. විනෝදෙට කලේ වෑල්ව් ඇම්ප් හදන එක සහ ඒවා විකුණන එක. එයාගෙන් ඕවා ඉගෙන ගන්න ඒ කාලේ මම පොඩි වැඩියි. හැබැයි එයාටත් ඕක හදන්න වුනේ නැහැ. හේතුව ඒ කාලේ ඕවා හදන්න බඩු තිබුනේ නැති එකත්, ට්‍රාන්සිස්ටර් 7, 8 පමණ කුඩා රේඩියෝ පැමිණුන නිසාත්. තාත්තා ඒ කාලේ ගෙනාපු, ගෙදර තිබුණු ට්‍රාන්සිස්ටර් 7 පිලිප්ස් රේඩියෝව සහ මේ දැවැන්ත රේඩියෝව මම සසඳන්න බැලුවා. ඉතින් ඔය කියන රේඩියෝව අපි අරගෙන ආවේ ට්‍රැක්ටරයක දාගෙන. ඒ රේඩියෝවේ නා නා ආකාරයේ කෑලි නිසා, වාහන වලට ඇදුනු මගේ ජීවිතය වෙන අතකට වෙනස් කලා කිව්වොත් නිවැරදියි. ඒක වෙන කතාවක්. ඉතින්, අර කියපු කේබල් වලින් ලොකු මහතම කේබල් එක ඇතුලේ තිබුණු කම්බිය, තාත්තා ගෙට නැවිලා තිබුණු පොල් ගහක් අදින්නට ගත්තා. ජර්මන් කම්බි ඔය බස් එක වගේම ශක්තිමත්...
... "ඉලෙක්ට්‍රොනික විද්‍යාව ලෙස මෝටර් කර්මාන්තය දියුණු වුවා නම් අද සාමාන්‍ය මෝටර් රථයක් ඩොලර් දහයකට ගන්න හැකි වේවි"...කියා කතාවක් තියෙනවා. ඒක ඇත්ත. දැන් පොඩ්ඩක් ඔබ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක දෙස බලන්න. සාමාන්‍ය ෆෝන් එකක, අඩුම ගානේ ට්‍රාන්සිස්ටර් ලක්ෂයක් දෙකක් විතර තියේවි. හැබැයි, මේ පින්තුරයේ පෙන්වන බස් රථයේ තියෙන සිලින්ඩර අට වගේම, අද ඇති බසයක ඇත්තෙත් සිලින්ඩර අටයි. කොහොමද කර්මාන්ත දෙකක දියුණුවේ වෙනස...?...? ඇයි එහෙම වුනේ?...?
... ලෝකයේ අනන්ත ජනතාවට කොකා පෙන්වා, ඇමරිකාවේ රොකෆෙලර්, හාර්ක්නස්, විට්නේ, වැනි වැනි සුපිරි ධනවත් පවුල් වල අතකොළුවක් වූ ඇමරිකානු සමාජය, ඇමරිකානු ආණ්ඩු සමඟ එක්වූ තෙල් රටවල් ඒ අවස්ථාව අපට අහිමිකර තියෙනවා. ඒ අතර නැවත මුල් තත්වයට ගත නොහැකි සේ, ලෝකය භයානක ලෙස පාරිසරික තර්ජන වලට තල්ලු කර තියෙනවා...
... මේ වාගේ උදාහරණ වලින්, වාහනයේ ඉන්ධන පිරිමැසීම අඩු කරන්නේ කොහොමද කියා ඉගෙන ගැනීමත්, හැකිතාක් විදුළි වාහන ගැන ඉගෙනීම සහ භාවිතා කිරීම මෙන්ම, හැකිතාක් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වැනි ඉන්ධන වර්ජනය කිරීමත් අප ගත යුතු පාඩම් වෙනවා...
(පින්තුරයේ අනුග්‍රහය:- දොන් විජේපාල හපුආරච්චි මහතා. University Autos අයිතිකරු, කේම්බ්‍රිජ්, එංගලන්තය...)

(ෆේස්බුක් එකෙන් ඉස්සුවෙ)

යකෝ තොට පිස්සුද මේ රෙප් රෙප් ගගා මැරෙන්න හදන්නේ? උඹ පොඩ්ඩක් එලියකට පහලියකට බැහැලා කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක සෙල්ලම් කරපන්. ක්‍රිකට් ගහපන්. ජයපරාජය කියන දෙකම ජීවිතේට එකතු කරගනින්. උඹේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය මේ සයිට් එකක + රෙප් ටිකක් කරගන්න තරම් හීනමානයක් හදාගන්න එපා. මම තව හුඟක් ත්‍රේඩ් වල දැක්කා උඹ මේ රෙප් ටිකකට මැරෙන්න හදනවා.