වාහන වීල් එලයින්මන්ට්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වාහන වීල් එලයින්මන්ට්

    මේ දවස වල ටිකක් වැඩ නිසා අලුතින් දෙයක් කියල දෙන්නත් බැරි උනා. මේකෙන් කියන්න යන්නේ වාහනේක රෝදයක් පිහිටලා තියන්නේ කොහොමද කියල. මොකද අපිට පිටින් පේන දේට වඩා ලොකු දෙයක් මේකේ තියනවා. තව දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ පාඩම ටිකක් ගැඹුරට යන දෙයක්. තේරෙන්නේ නැත්නම් ඕන දෙයක් අහන්න. පිළිවන් විදියට උත්තර දෙන්නම්.

    මේක යටතේ මම මාතෘකා 4 ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    1. camber
    2. steering axis
    3. caster
    4. toe

    වැඩි කතා නැතුව වැඩේට බහිමු.
    1. camber

    camber කියන්නේ 'නෙරිම' වගේ අදහසක්. සිංහලෙන් මේකට කියන දේ නම් දන්නේ නෑ. හැම වහනේකම මෙහෙම වාහනේ රෝද ධන හෝ රින වශයෙන් එලියට හෝ ඇතුලට නෙරළ තියනවා. ඔන්න ඔය විදියට.

    ifvbic.jpg

    ඇයි එතකොට මෙහෙම තියන්නේ?
    මේකට හේතු කිහිපයක්ම තියනවා.
    positive camber
    පලවෙනි රූපේ තියන්නේ මේක. සියලුම සාමාන්‍ය වාහන වල තියන්නේ මෙන්න මේක. steering axis එක ගැන කතා කරනකොට වැඩි දුර තේරෙයි.
    negative camber
    රේසින් කාර් වල තියන්නේ දෙවැනි රූපේ වගේ නෙරීමක්. ගොඩක් වේගෙන් ගිහින් වංගුවක් ගන්නකොට වාහනේ පෙරලෙන්න තියන ඉඩකට අවම වෙනවා මෙන්න මේ හේතුව නිසා.

    2. steering axis

    දැන් කාටත් ප්‍රශ්නයක් වෙලා ඇති පෙරලෙන එකත් අඩු නම්, ඇයි හැම වාහනේකටම negative camber එකක් යොදා ගන්නේ නැත්තේ කියල. එකට හේතුව තමයි මේ,

    9zonww.jpg

    මේකේ මුල පින්තූරේ පෙන්නලා තියනවා මොකක්ද මේ steering axis එක කියන්නේ කියල. සරලව කිව්වොත් එතන වටා තමයි රෝදයක් හැරෙන්නේ. නමුත් මේ අක්ෂය තරමක් ආනත කරලා තමයි තියන්නේ. ඔය මුල් රූපයේ උඩින්ම පෙන්නලා තියන විදියට. ඒකෙම පෙන්නලා තියනවා camber එකක් නැති උනොත් රෝදයේ අක්ෂය සහ හරවන අක්ෂය එක තැනකට එකතු වෙන්නේ නෑ කියල. අන්න ඒ හේතුව නිසා තමයි සාමාන්‍ය වාහනෙකට positive camber එකක් අවශ්‍ය වෙන්නේ. මොකද ඔය නම් කරලා තියන scrub radius එක, ඒ කියන්නේ ටයර් එක හැරවෙනකොට පොලවේ ඇතිල්ලෙන ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න හරවන්න යොදන්න ඕන බලය වැඩි වෙනවා.

    steering axis එක ආනත නොකර සහ camber එකක් නොමැතිව තිබුනොත් scrub radius ගොඩක් වැඩි වෙනවා. එතකොට ඉතින් වාහනේ හරවන්න ලයිසන් ගන්න කලින් ජිම් ගිහින් අංග හදාගන්න වෙනවා.

    තුන්වෙනි කොටසෙන් පෙන්නන්නේ steering axis එක සහ camber එක දෙකම නියම ආකාරයෙන් තියනකොට scrub radius එක තියන්නේ කියල.
    දැන් දුවල දුවල ගිහින් වාහනේ ස්ටාර්ට් කරලා එකතැන නවත්තගෙන වාහනේ හරවල බලන්න වාහනේ එක පැත්තක ඉස්සෙනවා කියල තේරෙනවා නේ? අන්න ඒක වෙන්නේ මේ විදියට රෝද වල steering axis එක ආනත කරලා තියන නිසා. පොඩ්ඩක් ත්‍රිමාණ විදියට මේ ගැන හිතුවොත් ඒකෙම ඉස්සෙන්නේ මොකද කියල හිතාගත හැකි. ඇත්තටම රෝද හැරවෙද්දී ඒවා පොඩ්ඩක් පොලව පැත්තටත් කරකැවෙනවා. ඒ නිසා තමයි වාහනේ ඉස්සෙන්නේ.
    මෙන්න මෙහෙම ඉස්සුනාම වාහනේ කැමති නෑ එහෙම ඉස්සිලා ඉන්න. ඒ නිසා කොහොම හරි බලන්නේ කලින් තිබුණු විදියට එන්න. අන්න ඒක නිසා තමයි වාහනේ සුක්කානම කලින් තිබුණු තැනටම එන්නේ. එහෙම වෙන්න තව හේතුවක් තියනවා. ඒක ඊළඟ කොටසෙන් තේරෙනවා.

    3. caster

    1s1s09.jpg

    ඔන්න ඔය විදියට වාහනේ පැත්තෙන් බැලුවමත් ඔය විදියට ඉදිරියට හෝ පසුපසට හැරවෙන අක්ෂය ආනත කරලා තියන්නේ. මෙන්න මේකට තමයි caster කියන්නේ.

    මේකෙන් වැඩියෙන්ම භාවිතා වෙන්නේ (99.99%) positive caster තමයි.
    මතකද ඔය සුපර් මාර්කට් එකට ගියාම ඔය තල්ලු කරන යන ඒවා තියන්නේ? ඔව් ඔව් ඔය බඩු දාගෙන යන ඒවා තමයි. අන්න ඒවා තල්ලු කරනකොට ඒවගේ රෝද දිහා බලල තියනවද? තියනවා නම් මතක වෙයි මොන පැත්තට තල්ලු කරත් ඒකේ රෝද එක පැත්තකට විතරයි නේද හැරෙන්නේ? මෙන්න මේ පින්තූරේ බලන්න,:shocked::shocked::shocked:

    2dm5xk5.gif

    ඔය pivot කියන අක්ෂය හැම වෙලාවේම රෝදෙට වඩා ඉස්සරහින් තියනවා. මෙතැනදී වෙන්නේ රෝදය හරවන අක්ෂය රෝදයේ අක්ෂයව වඩා ඉදිරියෙන් තියන ඒක. එතකොට මේ හරවන අක්ෂය follow කිරීමක්, එහෙම නැත්නම් පස්සෙන් යාමක් වගේ තමයි වෙන්නේ. එතකොට හිතල බලන්න negative caster එකක් තිබුනොත් රෝදය ඒක පැත්තකට යොමු කරන්න කොච්චර අමාරුද කියල? විසේශයෙන්ම වේගෙන් යනකොට.:oo::oo::oo:

    4. toe

    මේක ඇඟිල්ලක් එහෙම නෙවෙයි. මෙන්න මේ පින්තූරේ තියන විදියට වාහනේ රෝද තියන ඒක තමයි මෙතැනදී toe කියල අදහස වෙන්නේ.

    11vl355.gif

    මතකනේ 2 වෙනි මාතෘකාවේ කතා කරා steering axis එක තරමක් දුරට ආනත කරලා තියන්නේ කියල? අපි හිතමු අපේ වාහනේ RWD වාහනයක් කියල. එතකොට ඉස්සරහ රෝද දෙක අර කලින් කියපු විදියට ආනත කරලා තියන නිසා ඒවා toe- out වෙන්න බලනවා. මෙන්න මේ හේතුව නිසා ඒවා toe-in විදියට හදල තියනවා. එතකොට FWD වාහනයක ඉස්සරහ රෝද ඇදගෙන යන්න බලන නිසා ඒවා toe-in වෙන්න බලනවා. ඒ නිසා toe-out විදියට හදල තියනවා.:lol::lol::lol:

    හැබැයි මේ එකක්වත් ඔය වාහනවල රෝද දිහා බැලුවට පේන්නේ නැහැ. මොකද මේ පින්තූර වල තරම් මේ ආනති විශාල නැහැ. නමුත් කුඩා ආනති වාහනයේ කල පැවැත්මට සහ ආරක්ෂා කාරී ගමනකට ඉතාමත් වැදගත්. මෙන්න මම අන්තර්ජාලයෙන් හොයාගතපු වගුවක්. මේකේ පැහැදිලිව පෙන්නලා තියනවා කොහොමද රෝද ගෙවීම අනුව වාහනේ එලයින්මන්ට් අවුල්ද නැද්ද කියල බලාගන්න හැටි. මේ ඉහතින් කියල තියන ආනති විවිධ හේතු නිසා වෙනස් වෙනවා. ඒ නිසා කිලෝමීටර 5000 කට විතර සැරයක් වීල් එලයින්මන්ට් බලන එක තමා හොඳ.:):)

    whm89c.gif

    අදට වැඩේ ඉවරයි. හැමදාම කියනවා වගේ බම්ප් එකක් තිබුනොත් හොඳටම ඇති.:cool::cool:
    මෙන්න තියනවා වාහන ගැන කලින් දාපුවා.
    වාහන ඩිෆරන්ශල්
    වාහන ගියර්
    වාහන පේන්ට්
    වාහන බ්‍රේක්
    වාහන බ්‍රේක් 2
    වාහන ටයර්/රෝද
    වාහන ක්ලච්
    වාහන ක්ලච් 2
    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
    මොනවද මේ වාහන පර්මිට්?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    niyama post ekak machan. mechchara seen ekak mama danan hitiye naa.
    title eke english walinuth kotasak daanawanam bookmark karaganna ayata search karanna lesiy (mama wage - mokada bookmark set eka sinhalen search karanne nathi nisa)
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මචන් අපි මෙහෙම හිතමු වාහනයක රෝද හතරේ ගෙවිල තියන විදිහ වෙනස් කියලා එතකොට වීල් එලයිමන්ට් කරන්න හොද් නෑද්ද ?
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බොහොම ස්තුතියි හැමෝටම.

    මචන් අපි මෙහෙම හිතමු වාහනයක රෝද හතරේ ගෙවිල තියන විදිහ වෙනස් කියලා එතකොට වීල් එලයිමන්ට් කරන්න හොද් නෑද්ද ?
    ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම තියෙද්දී රෝද මාරු කර ගමන් තියන එලයින්මන්ට් වෙනස් වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැහැදිලිව විස්තර කරලා තියෙනවා මචං... අද තමයි හරියටම මේවා ගැන දැනගත්තෙ... ගොඩක් ස්තූතියි... :cool::)
    රෙප්+