වාහන හීන උඩු යටිකරු වේ…Prius බද්ද ලක්‍ෂ 72යි.. X-trail බද්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වාහන හීන උඩු යටිකරු වේ…Prius බද්ද ලක්‍ෂ 72යි.. X-trail බද්

    ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බදු ඉහල නැවීම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු ගණනයේදී තිබූ ක‍්‍රමවේදය වෙනස් කරමින් හඳුන්වා දී ඇති අවම ඒකක බද්ද නිසා මෙසේ මිල වැඩිවනු ඇති බවයි.

    නව බදු නිසා මෙතෙක් ලක්ෂ 33ක් ලෙස ප්‍රියස් රථයකට තිබූ බද්ද ලක්ෂ 72 දක්වාත්, ලක්ෂ 40ක්ව තිබූ x-trail රථයක බද්ද ලක්ෂ 80 දක්වාත් ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

    නව බදු ගණනය අනුය එන්ජින් ධාරිතාව 1500cc දක්වා වූ සියළු වාහන සඳහා බද්ද ලක්ෂ 30 ක්ද, 1500 cc -1600 cc දක්වා වූ වාහන සඳහා වැඩි ව එක් ඒකකයට රුපියල් 3,500 බැගින් හා 1600cc වැඩි වන ඒකකයක රු. 4,000 බැගින් වූ බදු එක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඉස්සරහට මල් ගහගෙන වෙඩින් වලට යන ති විල් එහෙම දැකගන්න පුළුවන් වෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බදු වැඩිකිරීම තුලින් නව රැකියා බිහිවෙනවා.රැකියා දසලක්ශේ දෙන්නේ මේ විදියට තමයි.

    දැන් බලපන් බදු වැඩිකලාම කරත්ත පාවිච්චි කරන්න ගන්නවා.එතකොට කරත්ත එලවන අය,කරත්ත හදන අය,ගවයන්,අශ්වයන් බෝ කරන තැන් වගේ කී දෙනෙක්ට අලුත් රස්සාවල් බිස්නස් හැදෙනවද.තව රික්ශෝ පදින අය එහෙම බිහිවෙනවා.

    කොහේද උඹලට මේවා තේරෙන එකක්යැයි.හැමදේම දිහා බයි කෝනෙන් බලන් නැතුව සුබවාදීව බලන්න පුරුදු වෙයල්ලා.
    :growl::growl: