මේක ඇත්තද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    13322125_1149804145064299_3888856976981705218_n.png

    13265999_1149796345065079_2279527106849165448_n.png

    නව බදු නිසා මෙතෙක් ලක්ෂ 33ක් ලෙස ප්‍රියස් රථයකට තිබූ බද්ද ලක්ෂ 72 දක්වාත්, ලක්ෂ 40ක්ව තිබූ x-trail රථයක බද්ද ලක්ෂ 80 දක්වාත් ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

    නව බදු ගණනය අනුය එන්ජින් ධාරිතාව 1500cc දක්වා වූ සියළු වාහන සඳහා බද්ද ලක්ෂ 30 ක්ද, 1500 cc -1600 cc දක්වා වූ වාහන සඳහා වැඩි ව එක් ඒකකයට රුපියල් 3,500 බැගින් හා 1600cc වැඩි වන ඒකකයක රු. 4,000 බැගින් වූ බදු එක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    • Like
    Reactions: somalal

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහන එපා කරත්තවල පලයල්ලා.. හැබැයි කරත්තවල සත්තු බදින්න බෑ.. උබලම ඇදගෙන පලයල්ලා :angry:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ekath hodai mage vios eka 5 million wage dila aus yanna puluwan ban:lol::lol::lol:.keri fun mun denne.

    දැන් අව්රුදු 10ක් විටර පරණ වහනවලටත් අලුත් tax එකතු වෙනවද? ගත්ත ගාන වගේ 3ගුනයක් විතර වැඩියෙන් තමා මුන් විකුනන්නේ :growl::growl::growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ඔටුවා තමා මෙහාට ශේරම ගැලපෙනවා නානා.:baffled:

    යේක දැක්කනේ මෝඩ ශින්හලය රෙවටුනා.. අපිලනම් ෂපාන් එකේ ඔටුවගේ පිටේ යෙනවා තමා :lol:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

    ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

    වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

    මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.

    එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.

    එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

    විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

    නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

    මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

    කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

    රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=60523