නොදන්න අයට දැනගන්න මගේ වැඩේ වුණු විදිහ දාල තියන්නම්. වාහනය විකුණන කෙනා මම.
2023.07.01 සෙනසුරාදා වාහනේ ගන්න ආව අය CDB එකෙන් ෆිනෑන්ස් එකක් දාල ගන්න ඕන කීවා. ඇඩ්වාන්ස් එකක් ගත්ත. මේ මාසේ 01, 02, 03 නිවාඩු දවස්.
2023.07.04 වාහනේ කුරුණෑගල CDB එකට පෙන්නුව. (ගන්න එය ෆිනෑන්ස් එක දාන්නෙ නුවරඑළිය CDB එකෙන්) වාහනේ ෆොටෝස්, වැලිවේෂන්, ඩොකියුමන්ට් වගේකට අත්සන් ගත්ත. ආයතනයේ වැලිවේෂන් කරන කෙනෙක්ට පෙන්නල වාර්තාවක් අරන් දුන්න. ඒකට 4000ක් ගියා. ඒක වාහනේ ගන්න කෙනා ගෙවන්න ඕන.
2023.07.08 සෙනසුරාදා වාහනේ ගන්න කෙනා එක්ක ගිහින් වාහනේ ඉතුරු සල්ලි ටික එයාගෙන් අරන් Transfer papers අත්සන් කරල, වාහනේ ලියාපදිංචි සහතිකය, ආදායම් බලපත්‍රය CDB එකට බාරදීල, Delivery Order එක CDB එකෙන් ගත්ත. ඊට පස්සේ වාහනේ ගන්න කෙනාට වාහනේ, යතුරු භාර දුන්න. භාරගත්ත කියල එයාගෙන් ලියුමකටත් අත්සන්කරගත්ත. CDB එකෙන් කීව 10 වෙනිද (සදුද) අදාළ ඩොකියුමන්ට් නුවරඑළිය බ්‍රාන්ච් එකට යවනව කියල. එහෙන් 2023.07.10 අගහරුවාදා RMV එක්දින පවරාගැනීමකට යවනව කියල. වාහනේ පවරාගැනීම උනාට පස්සේ අනිත් දවසේ 2023.07.12 අපි ලබාදුන්න බැංකු එකවුන්ට් එකට අදාළ මුදල් බැරවෙයි කීව. එදාට කියන්නම් කියපු විදිහට වැඩේ උනාද කියල.
බැංකුවේ සහ ගන්න අය කියන කතා සුවර් කරගෙන නම් සල්ලි හදිස්සී නම් ලීසිං දාල වාහන විකුණන් එපා. ගොඩක් වෙලාවට කියන්නේ අද දැම්මොත් හෙට DO එක දෙනව, අනිද්ද RMV දානව, ඊට පස්සේ දවසේ සල්ලි වැටෙනව කියල. ඒත් කියද්දි කියන දිනේට වඩා ගොඩක් වෙලාවට කල් යනව. මගේ එකේදිනම් ලීසිං එක දාන කෙනා වෙන පළාතක බ්‍රාන්ච් එකකින් ලීසිං දැම්ම එක, නිවාඩු දවස් සෙට් වුන එක, ගත්ත කෙනා අළුත් තැනක වැඩට ගිය නිසා එතනින් ඕන වැටුප් වාර් තාවක් ලබාගැනීමට ප්‍රමාදවීම, නැවත සෙනසුරාදා ඉරිද සෙට්වීම වගේ දේවල් බලපෑව. ඒ නිසා මම ගන්න යන වාහනේට ඇඩ්වාන්ස් කරල සල්ලි වැටෙන කල් බලන් ඉන්න වෙලා.