වඩු බාස්ගේ 'සත් අවුරුදු' ණය කතාව!

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    අපේ ගමේ හිටියා මරු වඩු බාස් කෙනෙක්. වැඩට නම් සූරයා. හැබැයි සල්ලි වලට පොඩ්ඩක් අලියා. දවසක් එයා අවුරුදු 7කින් ගෙවන්න පුළුවන් "පොලී නැති" ණයක් ගත්තා. ගත්ත ගමන් අලුත් ඩබල් කැබ් එකක් ගත්තා, ගෙදරට බඩු ගත්තා, හැමදාම සාද!

    මාස දෙක තුනක් යනකම් අවුලක් නෑ. හැබැයි තුන්වෙනි මාසෙන් පස්සේ වැඩ අඩු වුණා. වාරිකේ ගෙවාගන්න බැරි වුණා.

    දවසක් ෆිනෑන්ස් එකෙන් මිනිස්සු ආවා ඩබල් කැබ් එක අරන් යන්න. වඩු බාස් දුවගෙන ගිහින් දොරට හේත්තු වෙලා කිව්වා: "අනේ මහත්තයෝ, මම මේක ගත්තේ අවුරුදු 7කින් ගෙවන්නනේ! තාම අවුරුද්දක්වත් ගියේ නෑ. ඉතුරු අවුරුදු හය යනකම් ඉවසන්න බැරිද?"

    ෆිනෑන්ස් කාරයෝ හිනා වෙලා, "වඩු බාස්, ඔයාට මොලේ ටිකක් අවුල් වගේ!" කියලා, කැබ් එක අරන් ගියා.

    අවුරුදු 7න් ණය ගෙවලා ඉවර වෙනකොට, වඩු බාස් ඉතුරු වෙලා හිටියේ නිකම්ම නිකම් 'ලී කෑල්ලක්' වගේලු! :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පොලී නැති ණයක් ? ලොකු ගණන් එහෙම දෙන්නේ කවුද ?