මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය.
"වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සුඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා CIF වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ."
ප්‍රශ්නය - පවතින මිලට වඩා ප්‍රතිශතයක් ලෙස කොපමණ මිල වැඩිවෙයිද?
බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන සඳහා 600% දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා.
ප්‍රශ්නය - මේ හා සමානව වෙළෙඳපොළේ වාහන මිලත් ඉහළ යයිද?
පවතින වාහන වෙළෙඳපොළට වඩා මිල සුළු වශයෙන් ඉහළ යයි.
ප්‍රශ්නය - ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්න බැරිද වාහන මිලදී ගැනීම ගැන ?
ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න.