ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගෙන් ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි.එම ප්‍රශ්න කිරීමේදී ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කර සිටියේ ජපානයේ ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ අමාත්‍යවරුන් පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අනුග්‍රාහයකත්වයෙන් සහභාගී වූ බවයි.
එම කාරණය එසේ නොවන බවත් විදේශගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රැදීසිටින කාලය තුලදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහික මුදල් වියදම් නොකල බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා විසින් ප්‍රකාශ කර සිටී.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මැතිතුමා සමග තමන් ඇතුළුව අමාත්‍යවරුන් කීපදෙනෙකු ජපානය බලා පැමිණුනි. එහිදී පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිදුකරනු ලබන විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති සදහා ජපන් රජයේ හා ව්‍යපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් සාකව්ඡා කිහිපයක්ම සාර්ථකව පැවැත්වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.
දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාවය වැඩිදියුණු කර ගනිමින් ජපානය මඟින් දැනට ලංකාව තුළ ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති පිළිබදවත් ජිම්පේ මට්සුෂිටා මැතිතුමා සමග ද අප සාකච්ඡාවල නිරත විය.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යටතේ නිකසල පරිසරයක් බිහි කිරීමේ වැඩසටහන් පිළිබදව සහ රටතුල කාබනික පරිසරයක් ගොඩනැගිම සදහා වූ හරිත ව්‍යපෘතීන් පිළිබදව ජපානයේ හිටපු ආර්ථික, වෙළද හා කර්මාන්ත අමාත්‍ය ඔබුචි යුකෝ මැතිතුමිය සමග සාකච්ඡා කෙරිණි.
එමෙන්ම වෙළද කටයුතු, රැකියා අවස්ථා, සංචාරක ක්ෂේත්‍රය, සංස්කෘතික කටයුතු, අධ්‍යාපන අවස්ථා වගේම තරුණ හුවමාරු වැඩසටහන් ආදී වූ කරුණු රාශියක් එරට විවිධ දේශපලඥයින්, ව්‍යාපාරිකයින් හා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව සැලසුන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි.
එබැවින් රජ්‍ය මුදල් වියදම් කර හෝ වෙනත් ආයතන අනුග්‍රහයකත්වයකින් රට සවාරි යනවා යැයි සමාජය තුල මතයන් ඇති කිරීමේ කවුරුන්ගේ හෝ උත්සහය නිශ්ඵල බවත් එය සම්පූර්ණයෙන් බැහැර කරන බවත් අමාත්‍යවරයා කියා සිටී.මෙම අවස්ථාව සදහා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ , රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක දිනුෂාන් මැතිතුමා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.
ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම් lankacnews.com
Hoda set ekak rata gihin thiyenne.


Japan badu thalanawa athi Olympics kesey wethath
Pudhgalika salli walinlu giye
Ko Japan wala ewun nadda mun ehe monada karanne balanna