වැට්‌ පනත යළි ගෙනෙනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැට්‌ පනත යළි ගෙනෙනවා

    ඇමැති මණ්‌ඩල අනුමැතිය සහිතව වැට්‌ පනත යළි ගෙනෙනවා - අගමැති කියයි


    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට හිස නමා ඇමැති මණ්‌ඩල අනුමැතිය සහිතව යළි වැට්‌ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

    වැට්‌ පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඊයේ කථානායක කරු ජයසූරිය මහතා විසින් සභාවට ඉදිරිපත් කළ පසු අදහස්‌ ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

    නීතියක්‌ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පසු උසාවියෙන් ප්‍රශ්න කළ නොහැකියි. නමුත් උසාවියට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු දමා මේ පාර්ලිමේන්තුවේ, ගිය පාර්ලිමේන්තුවේ, ඊට කලින් පාර්ලිමේන්තුවේ සම්මතවූ පනත් යටතේ බදු නැත්නම් මුදල් වියදම් කිරීම ගැන ප්‍රශ්න කරන්න. මේ ගැන මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 ව්‍යවස්‌ථාවට අනුව ජනතාවගේ ආදායම වෙත බලපාන පනත් කෙටුම්පත් ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කළ යුතුය. ස්‌ථාවර නියෝග 133 අනුව අදාළ ඇමැතිවරයා විසින් ඇමැති මණ්‌ඩල අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

    152 ව්‍යවස්‌ථාවට අනුව ඇමැති මණ්‌ඩලය පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුව මගින් ජනතාවටත් වගකිව යුතුයි. පනත් කෙටුම්පත සභාගත කර සභාව දැනුවත් කර ඇති බැවින් ඇමැති මණ්‌ඩලය නිසි කාර්යපටිපාටි අනුගමනය කර ඇතිද යන්න විමසීම පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතුයි. පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වූ ඇමැති මණ්‌ඩලයේ තීරණය කාර්යාවලියේ ආරම්භයයි. ඇමැති මණ්‌ඩලයේ ලේකම්වරයාගේ සහතිකයක්‌ අධිකරණ කටයුතු සඳහා ප්‍රමාණවත් විවාදයක්‌ සිදු කරන්නේ නම් පාර්ලිමේන්තුව විසින් එය කළ යුතුයි. මේ ආණ්‌ඩුවත් ගිය ආණ්‌ඩුවත් ඒ අනුව කටයුතු කර තිබෙනවා. 152 ව්‍යවස්‌ථාවේ එක ක්‍රමවේදයක්‌ විතරක්‌ අනුගමනය කරනවා නම් අනෙක්‌ ක්‍රමවේදය අනුමත කරලා පාර්ලිමේන්තුවේ කෙටුම්පත ඉදිරිපත් කළා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ස්‌ථාවර නියෝග 133 සම්බන්ධව කරුණු විමසද්දී පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත් කරන ඇමැතිවරයෙකු ඒ සම්බන්ධව ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබ තිබෙන බව ප්‍රකාශ කිරීමේ සම්ප්‍රදායක්‌ ක්‍රියාත්මක කරලා නෑ. මේ පාර්ලිමේන්තුවේත්, ගිය පාර්ලිමේන්තුවේත් ඇමැතිවරු ඇවිල්ලා මේක ඉදිරිපත් කළා. 1993 ඉඳලා ජනාධිපති මුදල් ඇමැති වුණා. එවිට ඉදිරිපත් කරන ඇමැතිවරයා ඒ අනුව ක්‍රියා කරලා නෑ. අපේ සභාවත් එය පිළිගෙන තිබෙනවා. ස්‌ථාවර නියෝග අනුගමනය කර තිබෙනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ කාරණාවක්‌. ඒ පිළිබඳ අවසාන තීරණය කථානායකගෙයි.

    මෙම තීන්දුව ලබාදීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දක්‌වා අනුගමනය කරන සම්ප්‍රදායට බැහැරව අනුර බණ්‌ඩාරනායක කථානායක තුමාගේ තීන්දුවට විරුද්ධව ක්‍රියා කර තිබෙනවා. මේක පාර්ලිමේන්තුවෙ වැඩ කටයුත්තක්‌. අපි අතීතයේ සම්මත වූ නීති පිළිබඳ යම්කිසි ප්‍රකාශයක්‌ පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කරලා කථානායකතුමා විසින් තීන්දුවක්‌ ලබා දෙන්න. නැතිනම් මේ නීති ගණනාවක්‌ අපට තියෙනවා. අවුරුදු දහය දොළහක නීති ගැන මේ සභාවට යම් තීන්දුවක්‌ ඔබතුමා දෙන්න. පාර්ලිමේන්තුවෙ අනාගතයේදී ඒ අනුව ක්‍රියා කරන්න. මේ ගැන අපිට ඝට්‌ටනයක්‌ ඇති කරන්න ඕන නෑ. අලුත් බලතලයක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට දෙන්න ඕනේ නෑ. අධිකරණ බලය තියෙන්නේ මේ සභාවට.

    දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයෙන් පසු යළි අදහස්‌ පළකළ අගමැතිවරයා මෙසේද කීය.

    අගමැතිවරයා - මම කතා කළේ වැට්‌ පනත ගැන නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මේ ක්‍රමවේදය සුදුසු නෑ කියලා අපි කැබිනට්‌ මණ්‌ඩලය මාර්ගයෙන් මේ පනත යළි සභාවට ඉදිරිපත් කරන්නම්. මම කිව්වේ ඊට පෙර සම්මත කරගත් පනත සම්බන්ධයෙන්. අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මගේ ප්‍රශ්නය වුණේ මේක නොවේ. මීට පෙර පනත් ගැන. මගේ මිත්‍රයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා විදිහට පනත් කීයක්‌ ඉදිරිපත් කරලා තිබෙනවාද? ඇමැතිවරයා ප්‍රකාශ කළේ නැහැ කැබිනට්‌ අනුමැතිය ලැබුණා කියල. මම ලැයිස්‌තුවක්‌ හදාගෙන යන්නේ. පනත් ගණනාවක්‌ තියෙනවා එහෙම සම්මත වූ.

    යහපාලනය නිසා තමයි මුදල් අමාත්‍යාංශය ජනාධිපතිවරයාගෙන් වෙන්කරලා අඩු ගානේ නඩුවක්‌ කියලා හරි මේක නතර කර ගන්න පුළුවන් වුණේ. අනෙක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ මට ප්‍රශ්නයක්‌ තිබුණට මම ගිහින් හැප්පෙන්නේ නෑ. අගවිනිසුරුතුමාට විරුද්ධව දෝෂාභියෝග ගෙන එන්නේ නෑ. මම ඒවාට හිස නමලා මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිගේ කාලේ සම්මත වූ නීතිය ආරක්‌ෂා කරන්නයි මම ඉන්නේ. ඒ නීතිවල නීත්‍යනුකූල භාවය ආරක්‌ෂා කරන්නයි මම ඉන්නේ. ඔබතුමාගේ හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්‌ථාව කඩාකප්පල් කළා කියලද ඔබතුමා කියන්නේ. දැන් හරි දෝෂාභියෝගයක්‌ ගෙන එන්න එතුමාට විරුද්ධව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනතක් පාර්ලිමේන්තු ගේන හැට් නොදන්න මොට්ට අගමැතිය, ඔකට විලි ලැජ්ජව කියන දේ ගැවිලාවත් තිබුනනම් ඉයෙම ඉල්ලා අස්වෙනව.

    විමල් තමා නියම ගේම දුන්නෙ ආයෙ අලුත් පනතක් ගේද්දි අඩුම මාස 1 1/2 -2ක් යනව පව් ඉතින් වද පොන්ස් සල්ලි නැතුව වේලෙන්ඩ වෙන්නෙ හොද වැඩේ.:cool::cool:
     

    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    kawuru monawa kiwwath oka genna wenawa. Lankawe government ekata wena earn karanna deyak nene. Long term plan nethuwa thibboth thawa awurudu 2,3 kin Tax adu kala heki..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    giphy.gif


    හත්පොලේ ගාගත්තා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පනතක් පාර්ලිමේන්තු ගේන හැට් නොදන්න මොට්ට අගමැතිය, ඔකට විලි ලැජ්ජව කියන දේ ගැවිලාවත් තිබුනනම් ඉයෙම ඉල්ලා අස්වෙනව.

    විමල් තමා නියම ගේම දුන්නෙ ආයෙ අලුත් පනතක් ගේද්දි අඩුම මාස 1 1/2 -2ක් යනව පව් ඉතින් වද පොන්ස් සල්ලි නැතුව වේලෙන්ඩ වෙන්නෙ හොද වැඩේ.:cool::cool:
    🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පනතක් පාර්ලිමේන්තු ගේන හැට් නොදන්න මොට්ට අගමැතිය, ඔකට විලි ලැජ්ජව කියන දේ ගැවිලාවත් තිබුනනම් ඉයෙම ඉල්ලා අස්වෙනව.

    විමල් තමා නියම ගේම දුන්නෙ ආයෙ අලුත් පනතක් ගේද්දි අඩුම මාස 1 1/2 -2ක් යනව පව් ඉතින් වද පොන්ස් සල්ලි නැතුව වේලෙන්ඩ වෙන්නෙ හොද වැඩේ.:cool::cool:
    රාජපස්සලා වේලෙනව වගේ නෙවෙයි නේද @erozan :rofl:
     
    • Haha
    Reactions: GDKN2

    Similar threads