Mta nm okt loku hetuwak fb bn..de activate krna pluwn tram try krnwa
වැඩක් නැහැ කතාකරල .
මටත් සමහර වැඩ වලට විතරයි හැබැයි. ආස කරන වැඩක් නන් එවෙලෙම පටන් ගන්නව.
කෝල් එනකොට වැඩ ගොඩ ගැහෙන්න ගත්ත ඔක්කොටම හා කියල. පස්සෙ දැන් බෑ කියල තමා පටන් ගන්නෙ. මල්ටිටාස්කින් වල තමා මගෙ නන් ලොකුම අවුල තියෙන්නෙ.
උබට මේ ලෙඩේ නැහැ වගේ .
උබට සෑහෙන්න control එකක් තියෙන මනුස්සයෙක් .
අනිවා මචං මමත් in. මම නං පොඩි පොඩි steps ටිකක් ගත්තා මේ මාසේ මුල ඉදන්ම වගේ. FB අයින් කරා two weeks ago වගේ. Dophine detox කරන්න ගත්තා ආයේ 1 week වගේ ඉඳන්. මාස ගානක් කරන්න හිතන් හිටියෙ exam එකකට පාඩම් කරන්න ගත්තා 3 days ago. මටත් ඔය කල් දාන වැඩෙයි බෑ කියන දේයි හින්දා මාර oppertunities miss වෙලා තියේ. ඒක හින්දා මේ අව්රුද්දේ මැද වගේ ඉඳන් හැම දේටම වගේ හා කියන mindset එක හදාගත්ත. ගොඩක් අත්දැකීම් එකතු කරගන්න පුළුවන් උනා එක හින්දා. ඊළග අවුරුදදාටත් මේවා කරගෙන යන්නේ ඕනේ. Procrastination එකට නං හරියටම දෙයක් කරගන්න බැරි උනා. ඒකත් අලුත් අව්රුද්දෙ හරි ගස්සගම්මු. ජය!
මෙච්චර ලොකු change එකක් කරා කියන්නේ
ඔයාට ඕකත් කරන්න පුළුවන් .
මටත් ඔහොම තමයි බන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩ කල් යනවා. මොනා කරලවත් නවත්තන්න බෑ ඒක. දැනුත් මේ අවුරුද්ද ලබන වෙලාවෙ පුක ඉරාගෙන අසයින්මන්ට් එකක් කරනවා.
වැඩ කල දාලා කිසිම සතුටක් ලැබෙන්නෙ නෑ. කල් දැම්මට හිතෙන් ඒවා ගැන වොරි වෙන හින්දා හිතට කිසිම සැනසීමක් නෑ.
මමත් ප්ලෑන් හදන්න නම් මාර දක්ෂයි. ඒත් හැබෑ ලෝකෙ වැඩ කරන්න ගියාම තමයි කෙළවෙන්නෙ. මම මොකක් හරි දෙයක් නැවැත්තුවොත් ඒකට වෙන මොකක් හරි අලුගුත්තේරු වැඩක් සෙට් වෙනවමයි.
බුකිය නැවැත්තුවොත් එළකිරි එනවා. ඒක නැවැත්තුවොත් ගේම් එකක් නැත්නම් යූටියුබ්. ඔහොම ඔහොම මොකක් හරි සෙට් වෙනවා කාලකන්නි වෙන්න.
මටම මම් ගැන දුකයි. මිදෙන්න බෑ. කිසිම අලුත් දෙයක් පටන් ගන්න බෑ පොතේ ප්ලෑන් විතරයි.
දැන් එග්සෑම් එකක් අවුරුදු දෙකක් විතර මාස දෙකෙන් දෙකට කල් දාගන්න්නවා. තාම කරේ නෑ. මම අත්හදා බලපු නැති ක්‍රමයක් නෑ බන්. ඒත් ටික දවසයි. වැඩිම උනොත් සතියක් යයි.
ඊටපස්සෙ පරණ පුරුදු මිනිහම තමයි.
මට හරිම දුකයි මම් ගැන.
Dophine detox කියන්නෙ මොකක්ද බන්?
මචං උබ කෙලින්ම මගේ type එකේම dial එකක් .
අන්තිම මොහොතේ assignment කරද්දී එන feeling එක කොහොමද ?
මස්කඩේට දක්කන්යන හරකෙක් වගේ නේද දැනෙන්නේ .
dopamine detox එකේදී මචං අපි මොලේ dopamine chemical එක වහනය වෙන කිසිම වැඩක් නොකර ඉන්නවා .
tv, movies, porn වගේ මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ . youtube පොඩ්ඩක් search කරන්නකෝ video තියෙනවා .
පොතේ විතරක් ප්ලෑන් ගහන එකට කියන්නේ action faking කියල. ප්ලෑන් එක ගැහුවම dopamine release වෙලා වැඩේ කලා වගේම තෘප්තියක් එනව. එතකොට එකෙන් සතුටු වෙලා ලොකු වැඩක් කලා වගේ ඉන්නවා. ටික දවසකින් ආයෙම හිතට අවුල් යනකොට තව ප්ලෑන් එකක් ගහනව. ඊට පස්සේ trap එකකට අහු උනා වගේ ඕකම තමයි දිගටම කරන්නේ.
ගොඩක් උන් business කරන්න business එක register කරල මොකුත් නොකර ඉන්නේ ඕක නිසා.
Motivational speech, following the life stories about successful people, positive thinking, the law of attraction. හැම දේකින්ම ඕක වෙනව. ඒක නිසා ඔය self help මඟුල් වලින් පරිස්සම් වෙන්න.
ඕකෙන් එළියට එන පලවෙනි පියවර තමයි එහෙම එකක් තියෙනව කියල දැනගන්න එක. දැන් ඒක දන්නවනෙ. ඊලග වතාවේ ප්ලෑන් එකක් ගැහුවම තවම කිසිම දෙයක් කලේ නෑ මොකුත් නොකළොත් මේ ප්ලෑන් එක සත5 ක් වටින්නේ නෑ කියල මතක් කරගන්න.
Just work, that's the only way out.
උබේ කතාව සහතික ඇත්ත.
කොච්චර පොත් video බැලුවත් කිසිම තේරුමක් නැහැ .
අපි දැනටමත් දන්නවා කරන්න ඕන දේ .
ඒක ක්‍රියාවට නගන්නේ නැති එකයි ප්‍රශ්නේ .
සිගරට් බොන එකත් නවත්තනවා.
ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි.
සිගරට් නැතුවනම් බොන්න බැහැ මචං .
alcohol වලින් මොලේ උත්තේජනය කරන ගමන්ම
nicotine ටිකකුත් blood වලට කවලම් උනාම තමයි හොද ගානට එන්නේ .
මම හිතන්නෙ හිත පාලනය තමයි කරන්න පුලුවන් ලොකුම දේ.
අවුරුද්දක් පටන් ගන්නවා කියන්නෙ එහෙම හිත පාලනය කරගන්න පුලුවන් ලොකුම අවස්තාවක්.
මම පිස්සෙක් වගේ ඉස්සර කොකා කෝලා බිව්වෙ. මීට අවුරුදු හතරකට විතර කලින් කොකා කෝලා කම්පැනිය කැළණෛ ගඟට මොනාද දාලා කේස් එකක් ගිය වෙලේ මම් තීරණය කරා බොන එක නවත්වන්න. අවුරුදු 4ක් විතර අදට. තාම උගුරක්වත් බීලා නෑ.
හැබැයි එක පාරක් හරි බිව්වොත් ආයෙ ඇරියස් එක්කම සෙට් වෙනවා.
වැඩකට ඉඳගත්තම නිවුස් බලන එක වීඩියෝ බලන එකත් ඒ වගේ. එකම එකක් බැලුවොත් ඉතින් එක දිගට වැල වගේ නැවතිල්ලක් නෑ.
බුකිය නතර කරා. මම් කිරියත් නැවැත්තුවා ගිය අවුරුද්දෙ අද තමයි ලොග් උනේ. ඒත් කාලෙ කෑම නතර උනේ නෑ.
ලබන අවුරුද්දෙ එන්නම්.
සුභ අලුත් අවුරුද්දක් වේවා.
සුබ අලුත් අව්රුද්දක් මචං .
මම මේ ත්‍රෙඩ් එකට bump එකක් දාන්න කියලා හිතන් හිටියේ දැන් පැය ගානක ඉදල.

ඒකත් කල් ගිහින්.
Welcome to the club
අලුත් මෙගා thread එකක් පටන්ගමු .
පේනවනේ තව අයට මේ ප්‍රශ්නෙම තියෙනවා .
නැත්තන් ඔයාගේ කලින් thread එක bump කරලා මට link එක pm කරන්න .
ඒකම ඇදගෙන යමු .
හැමදාම බොන්න සල්ලි නැහැ මචං .
අනික තනියම බොන්න හිතෙන්නෙත් නැහැනේ .
සිගා ගහන එක නැවැත්තුවහම සෑහෙන ගානක් ඉතුරුවෙයි කියලත් හිතනවා .
අලුත් අව්රුද්දෙ වෙනසක් කරමු .
හප්පා .... මගෙත් සැරටම තියෙනවා ඔය ගතිය. සිත් තැවුල් ඉතින් බෝමයි හැමවෙලේම
ඔව් මචං, වැඩ කල් දාල කාලේ නාස්ති කරලා නිදාගන්න එහෙම යද්දී මහා කුප්ප feeling එකක් එන්නේ .
අද පළවෙනිදා උදේම කිරිබත් කාල මාරම අමාරුවෙන් ඉන්නේ .
ඇස් දෙකත් පියවෙනවා වගේ .
නෑදෑයොත් call කරනවා සුබපතන්න .
අද වැඩක් කරගන්න පුළුවන් වෙයිද කියල sure නැහැ .