වැඩ්ඩකු වීම.

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සමාජයේ ජීවත් වෙද්දී අපේ ආසාවල් තියෙනවා එක එක විදිහට.ඒත් අපි සාක්ෂාත් කරගන්නේ ඒවායින් යම් ප්‍රතිශතයක් පමණයි. අපිට මගහැරෙන්න හේතු තියෙනවා .මම මේ හේතු දාන්නේ මගේ අත්දැකීමෙන් ඉගෙන ගත්තු දේවල්.(මගේ ගරු ධර්ම :cool: )

    1.ආසාව/ උනන්දුව මදි කම.
    2.කැපවීම හා ධෛර්යය මදි කම.
    3.නිවැරදි පිළිවෙල/ක්‍රමය නොදැනීම.
    4.නිරන්තර ප්‍රයෝගික පුහුණුව නැතිකම.
    5.අවිනිශ්චිත බව/ආත්ම විස්වාසය නැතිකම.
    6.අනවශ්‍ය කලබලය / අවධානය නොමැතිකම.
    7.උඩඟු (පණ්ඩිත) කම.
    8.දෛවය. (මේක නම් වෙනස් කරන්න බෑ අපිට).

    රටේ ජනාධිපති වෙන්න ආසද ? එහෙම වෙන්න අපිට පුළුවන් .
    අපිට රටේ ජනාධිපති වෙන්න ආසාව තිබුනත් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුට සාපේක්ෂව අපි ඒ සඳහා ගරු ධර්ම පිළිපැදිය යුතු ප්‍රමාණය ඉතාම වැඩි.ඒකයි එකම වෙනස.නැතුව කිසිම දෙයක් අපිට බෑ කියලා නෑ.එක් එක් පුද්ගලයට ගරු ධර්ම පිළිපැදිය යුතු ප්‍රම්ණයන් සාපේක්ෂව වෙනස්(පුද්ගල ශකයතාව ) .

    පහුගිය දවස්වල කව්රුහරි thread එකක් දාල අහල තිබුණා “Cyber Security” ගැන ඉගෙන ගන්න ආසයි ඒක හොඳද කියලා.මේකම නොවුනත් මේ හා සම්බන්ධ ප්‍රශ්ණ නිරන්තරයෙන් මේකේ මම නිතරම දැකලා තියෙනවා.ඒ ඔක්කොටම පොදු උත්තරය තමා ,

    “වැඩ්ඩෙක් වෙන්න ඕනෑකම තියෙනවනම් පටන් ගන්න”.

    මේ ලෝකේ අපි එක එක චරිත රඟපානවා.කොල්ලෙක් නම් පුතාගේ චරිතය ,අය්යාගේ චරිතය ,ශිෂ්‍යයාගේ චරිතය,රාජකාරි ඉටු කරන සේවකයකුගේ චරිතය පෙම්වතාගේ චරිතය , සැමියකුගේ චරිතය ,වැඩිහිටියකුගේ චරිතය ඔය විදිහට .මේ හැම චාරිතයකදිම වැඩ්ඩෙක් උනේ නැත්නම් ඔබ අසාර්ථකයි.ක්‍රිකට් ගැහුවත් , බිස්නස් කාරයෙක් වුනත් ඒ ඒ ක්ෂේත්‍රයෙන් දියුණු වෙන්න නම් (සමාජයේ ඉල්ලුම හදා ගන්න) වැඩ්ඩෙක් වෙන්න.මේ ලෝකේ පවතින්නේ ඉල්ලුම පවතින්නේ හැමවිටම වැඩ්ඩකුටයි.

    උදාහරණයක් විදිහට රැකියාවට යද්දී තමන් ගාව උපාධිය තිබුණට මදි.ප්‍රයෝගික පුහුණුව ,background knowledge එක,Soft Skills ,Common Sense,උපක්‍රමශීලි වීම සේවාදායකයා බලාපොරොත්තු වෙනවා.උපාධිධාරියෙක්(බැච් ටොප් උණත්) වැඩ්ඩෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ විදිහට.
    බිරිඳ ,දරුවන් ,දෙමව්පියන් වුනත් තමන්ගේ සැමියා , තාත්තා , පුතා ගැන ආඩම්බර වෙන්නේ ඒ ඒ චරිතය රඟපාන කොට අපි කොච්චර දුරට වැඩ්ඩෙකු වෙනවද කියන දේ මතයි.

    වැඩ්ඩෙකුට ප්‍රයෝගික පුහුණුව ඉතාම වැදගත්. මම පහලින් දාන්නේ මුහුණු පොතේ මම දැක්ක හොඳ ලිපියක් ...අයිතිකාරයා නම් හරියටම දන්නේ නෑ ..ඒත් ප්‍රයෝගික පුහුණුව හා අවබෝධය වැඩ්ඩෙකුට කොච්චර වැදගත්ද කියලා මේ උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්.කවුරුහරි කිසියම් දෙයක් ඉගෙන ගනී කියල මේක ලිව්වේ.

    පසු ලිවීම : වැද්දෙක් නොවී වැඩ්ඩෙක් වෙන්න.
    ඔබට ජය !


    ………………………………………………….............................................................………………………..

    - මම ලංකාවේ දැකපු හොඳම CEO -
    __
    මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ.

    ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන.

    ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නේ.ඔහු එය මාස 2කහ මාරක් කලා කිව්වා..

    ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ..ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා.ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.

    " මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් "
    මේ ඔහුගේ වචන..

    ඔහු A/L පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..

    ඔහු මට දෙනවා ඇස් උඩ යන උත්තරයක්!

    " මචන් උබ මේ .............. බස් ගැන දන්නවද" ඔහු මගෙන් ඇසුවා.

    "ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේ"
    ඒ මම..

    හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා..

    "අඩෝ එහෙමද?"
    ඒ මම..

    ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම..

    ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීම.

    මම ඔහුගෙන් ඇහුවා " මේ උඹලගේ බස් එකක්ද"

    "නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි."
    ඔහු පැවසුවා.

    " එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? "

    මෙතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ..

    " ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ.. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන්. මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා.. මුලින්ම tourism පැත්තට.. එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා.. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා.."

    කඳුළු ආවේ නැතුව විතරයි මට!

    බහින තැන ලං වුණා.
    ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.

    ඒත් බහින්නම වෙනවා!
    ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා!
    කතාව ආයේ අහන්න ඕන මට!
    සුභ ගමන්!!!

    ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?
    - උන්මාදකරු -
    ………………………………………………….............................................................………………………..
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    + / නියමයි
    11.gif