වැඩිම වැස්ස හංවැල්ලට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,076
    113
    EnjXxpr.jpeg


    දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

    ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

    ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

    මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

    ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා විය.