වැඩියෙන් පින් සිදු වන්නේ මොකකින්ද?

Mar 4, 2017
23
2
0
වැඩියෙන් පින් සිදු වන්නේ මොකකින්ද?

බුදුහාමුදුරුවන්ට දානේ දීමද වැඩිපුර පින්, යාචකයෙක්ට ලබා දීමද?

මං මුලින්ම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔබලාගෙන්. පිළිතුරු ලබා දෙන්න.

උපකල්පනය කරන්න මේ කාලයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. ඔන්න දැන් ඔබ යනවා උන්වහන්සේට දානේ වේලක් පුජා කරන්න. ඒ යන අතර මග ඔබ දකිනවා අහාර නොමැතිව යාචකයෙක් මහමග වැටී සිටිනවා. ඔබගේ බුදුහාමුදුරුවන්ට පුජා කිරීමට රැගෙන යන දානේ වේල අර යාචකයාට ලබා දුන්නොත් ඒක ආහාරයට ගෙන යාචකයාට ජිවත් වෙන්න පුළුවන් කම තියෙනවා. එසේ නොමැතිනම් ආහාර නොමැතිකම නිසා යාචකයා මිය යනු ඇති.

හැබැයි බුදුරාජාණන් වහන්සේට ඔබගේ දානේ වේල ලබාදුන්නත් නැතත් උන්වහන්සේට දානේ, ආහාර පාන වලින් අඩුවක් නැහැ. උන්වහන්සේ වැඩ සිටිනා ස්ථානයට පිරිස් ඕනා තරම් දානේ රැගෙන පැමිණෙනවා.

දැන් ඔබ සිතනා විදියට මේ අවස්ථාවේදී වැඩි කුසලයක් රැස් වෙන්නේ බුදුහාමුදුරුවන්ට ඔබ රැගෙන යන දානේ වේලා පුජා කිරීමද, එසේ නොමැති නම් යාචකයාට එම ආහාර ටික ලබා දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමද?
 
Mar 4, 2017
23
2
0
වැඩිපුර කුසල් රස්වෙන්නේ බුදුරජාණන් වහන්සේට පුජා කරන දානයෙන්. අර යාචකයා කෑම නැතුව වැටිලා ඉන්නේ ඔහුගේ අකුසල් නිසා.
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
බුදුරජාණන් වහන්සේට පිළිගන්වන ලද දානය මහා පින්කමක්. ඒකේ සැකයක් නැනැ.

නමුත් නුඹට ඕනේම නම් අර යාචකයාට කෑම දෙන්න, ඒකත් කරන්න පුළුවන්. නමුත් නිකන්ම කෑම දෙන එක නෙවෙයි. උපායක් කරමු මෙන්න මෙහෙම: කැම දෙනකොට ඔබ අරමුණු කරගන්නව, "මේ අසරණ මනුශ්‍යයා මේ දුකට පත් වෙලා ඉන්නෙ පෙර භවයන්ගේ සිදුකළ පව් නිසා. මම මේ කෑම වේළ දීලා අද බඩගින්න නිව්වත් මේ මනුස්සයාට අනන්තවත් සසර ගින්නෙන් දැවෙන්න වෙනව. මුලින්ම, මම මේ කෑම වේල ඔහුට දීලා බඩගින්න නිවලා ඊට පස්සෙ ඔහුව සසරින් මුදවන බණ අහන්න බුදුරජාණන් වහන්සේ වෙත එක්කගෙන යනව. බණ අහලා අපිට දහම් සාකච්චා කරන්න හැකි. අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න හැකි.

අසුරක් ගසන වේලාවක් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම ලොව්තුරා බුදු පියාණන්ට දානය පිළිගන්වනවට වඩා පිනක් බව උන්වහන්සේම දේශණ කරල තියෙනව නේද?
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    KaEuXjj.jpg
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    godak pin

    obe Prashnayata Budu dahama thula pahadili pilithuru dekak atha..

    01.oba Budun udesaa dan puujaa kireema "Nirvaana Sampaththiya Udsesaath

    02.Oba yaachakayaa vetha karana dandima "Bava Booga sampath: labima udesaath hethu paadaka vanu atha...

    mema darma karuna visadhu pusthakaye nama mathaka natha..ehi kathru varayaanoo "Galigamuve Gnaanadeepa Swamin vahanse bava maage mathakayai...:yes::yes::yes: