වැඩ කරන ජනතාව

obama2

Member
Apr 18, 2012
424
30
0
වැඩ කරන ජනතාව

Posted: 3:30 pm, June 5, 2014
10305959_10203054290011681_2315106169077232263_n1-600x320.jpg



‘හිරු’ රූපවාහිනී චැනලයේ ජනප්‍රිය රාත්‍රී වැඩසටහනක් වන copy chat හී සියවන සංවත්සරය සමරණ ලද්දේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ය. ඒ සදහා ලංකාවේ කලාකරුවන් 300 ක් සහභාගී කරවන ලද බව හිරු චැනලය විසින්ම ප්‍රකාශ කරන ලදි. විටින් විට ලංකාවේ විප්ලවවාදී කලාකරුවන් කිහිපදෙනෙකු පහල වූ නමුත් කලාකරුවන් ගැන වූ පොදු මතය ඒ නිසා වෙනස් වී නැත. කලාකරුවන් පිළිබද සිංහල සම්මත මතය වන්නේ පාලකයන්ට ප්‍රශස්ති ගායනය කරන්නන් හෝ පාලකයන් සතුටු කරන්නන් යන්නය.


සමකාලීන කලාකරුවන්ට තමන් කවුද යන්නට මතයක් නැති නිසා ඔවුන් කවුද යන්නට පිළිතුරක් පළමුව සපයා දිය යුතුය. සමකාලීන ධනවාදී සමාජය තුළ වැඩ කරන සමාජ පන්තිය තුනට කැඩී ඇත. ඒවා මෙසේය.


01 බුද්ධිමය ශ්‍රමිකයන්


02 පැරණි අර්ථයෙන් කම්කරු පන්තිය


03 පාදඩයන් ( outcaste-සමාජයෙන් පිටමන් කරන ලද ස්ථිර හිතමිතුරන් නැති, මට සමීප මිතුරන් නැතැයි උජාරුවෙන් පාරම්බාන, පාරදිගේ ඔහේ ගමන් කරන, අවස්ථාව ලැබුනු විට අනුන්ගේ පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසෙන නිශ්චිත වැඩක් නැති මිනිසුන් )


කලාකරුවන් හෝ කලාශිල්පීන් ලෙසින් සමාජ අනන්‍යතාවයක් හිමි ස්ථරය අයත් වන්නේ ඉහත තුන්වැනි කාණ්ඩයටය. ඔවුන්ගේ ජීවිතය පාදඩය.කොතරම් සුන්දර ලෙස හැද පැලැද, මහා හඩින් සිනා සෙමින් ජීවිතය ගත කලත් නෙහාරා පීරිස්,මුතූ තරංගා,නදීෂා හේමමාලි, රොනී ලීච්, අන්ජුලා රාජපක්ෂ,කොරීන් අල්මේදා,අමල් පෙරේරා,මහේන්ද්‍ර පෙරේරා,රතුපස්වල රංජා යනු පාදඩයන්ය. ඔවුන්ට උරුම වී ඇත්තේ එක්කෝ තම ශරීරය විකුණනන්නටය.නැතහොත් ප්‍රතිරූපය විකුනන්නටය.


කෙසේ වෙතත් මෙම පාදඩයන් සමාජයේ බහුතරයක් දෙනා ගේ පරමාදර්ශය බව ද අප පිළිගත යුතුය. ඉතාම අස්ථිර,අවිනිශ්චිත අනාගතයක් ඇති මෙම ජනප්‍රිය පාදඩයන්ට අනන්‍ය වීම දම්පාට,රතුපාට ලෝකයක් කරා ඇතුල් වීමකි. ‘හිල්ටන් හෝටලය’ තුළ අප දැක්කේ මෙම පාදඩයන්ගේ ජීවන විලාසය සහ මෝස්තරයයි. ‘සමාජ අවකාශය’ නම් ස්ථානයේ දී කළයුතු නොකල යුතු දෑ පිළබදව නිර්ණායකය වන්නේ මෙම පාදඩ චින්තනයයි. අවශ්‍ය නම් එදා හිල්ටන් හෝටලයේ පැවති copy chat රාත්‍රිය සිදුහත් කුමරාගේ ලෞකික ජීවිතයේ අවසන් දිනය ලෙසද දයලෙක්තිකව කියවිය හැක. මෙම පාදඩයන්නට සාමූහික විය හැකි එකම ආකෘතිය වන්නේ අසංවිධානාත්මක අපරාධ කල්ලි සමග හෝ මාෆියා පන්නයේ ව්‍යාපාරිකයන් හෝ දේශපාලකයන් සමග බද්ධ වීමයි. හිරු සහ මෙම කලාකරුවන් ගේ සමෝධානය වනාහී ඉන් එක ආකෘතියකි.


ඊ ළගට ඉහත ලැයිස්තුවේ බුද්ධිමය ශ්‍රමිකයන්ට ද දැන් තම අලුත් අනන්‍යතාවය ලබා ගැනීමට මහපාරට බැසීමට සිදු වී ඇත. මහපාරේ ගමන් කරන ප්‍රේක්ශක සමූහයා වෙනුවෙන් සමූප ඡායාරූපයකට පෙනී සිටීමට යථාර්ථය ඔවුනට බලකර ඇත. සමහර විට එම ඡායාරූපය බහුසංස්කෘතිකවාදයේ වඩාත්ම අව්‍යාජ සංසඨකය විය හැක.


ඊ ළගට අපට පැරණි අර්ථයෙන් කම්කරු පන්තිය ලෙස සැලකිය හැකි සමාජ ස්ථරය තම ජීවිතයේ මාර්ගය සහ දෘෂ්ටිවාදය ලෙස ගෙන ඇත්තේ ජාතිකවාදයයි.


ක්‍රම ක්‍රමයෙන් ඛාදනය වෙමින්,අහෝසී වෙමින්,අවුල් වෙමින් යන පොදු සමාජ අවකාශය තුළ වැඩ කරන සමාජ පන්තිය තුනට බෙදී ඇති අතර ඔවුනට පහත පරිදි වෙන වෙනම ලෝක දෘෂ්ටීන් පවතියි.


01 බුද්ධිමය ශ්‍රමිකයන් ලිබරල් සුඛපරමවාදී (ජීවිතය කෙළවර සතුට) බහුසංස්කෘතිකවාදය- එක අනන්‍යතාවයක් අහෝසි වන විට වෙනත් අනන්‍යතාවයක් ලබා ගැනීම අලුත් මෝස්තරයක් ලෙස සැලකීම





02 කම්කරු පන්තිය- මූලධර්මවාදී ආගමික සහ ජාතිවාදී කණ්ඩායම් සමග අනන්‍ය වීම-ජනප්‍රිය ජාතිවාදයය





03 පාදඩයන්- ලිංගිකත්වයට,මත්ද්‍රව්‍ය වලට,විලාසිතා වලට තදින් අබ්බැහි වීම. ශරීරය ආගමක් බවට පෙරළීම.





ඉහත කණ්ඩායම් තුනම එකිනෙකාට පරස්පරව ක්‍රියාත්මක වන නිසා ‘සමාජය’ නම් අවකාශය වඩ වඩා ඛාදනය වී හිස් ලෝකයක් නිර්මාණය වෙයි. අපගේ දේශපාලන ගැටළුව වන්නේ පොදු අවකාශයක් තුළ ඉහත කණ්ඩායම් තුන ඒකාබද්ධ කරන්නේ කොහොමද කියා කල්පනා කිරීමයි. එය හිල්ටන් හෝටලයේ දී හිරු චැනලයේ රංග සිල්වා කළ පරිදි පහසු වැඩක් නොවේ. අනන්‍යතා සංගීත පුටු තරගයේ සමහර නීති-රීති අපට අනාගතයේ දී ප්‍රයෝජනවත් විය හැක






ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    මුන්ට පිස්සුද? අපිට පිස්සුද? කෝ මේ දර්ශන කොලුවා ?