ඕක විතරක් නෙවෙයි දැනට රට ඇතුලෙ නොපෙනෙන අර්බුදය. මිනිස්සු හිතන් ඉන්නෙ තෙල් විතරයි අර්බුදය කියලා... ලංකාවෙ ප්‍රදාන ආදායම් මාර්ග තුන ගමු ඒකෙන් පලවෙනි එක තමා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක. ඉන්කම් එකෙන් 24% වගේ දැනට එන්නෙ ඒකෙන්.අනෙක තමා තේ අපනයනය ඒක 15% වගේ දායකත්වයක්.
අපි හිතමු ඔතනින් ගාමන්ට්, තේ වලට අදාල අමුද්‍රව්‍ය ගෙන්නන්න වැය වෙනවා 80% කියලා. එතකොට ටෝටල් ආදායමෙන් අපිට ෛතිරි වෙන්නෙ 12% වගේ පොඩි ප්‍රතිශතයක්. මම ටිකක් ගැඹුරින් තේ ඉන්ඩස්ට්‍රි එක ගැන අද්‍යනය කරන නිසා මම තේ වල තියෙන අර්බුදය ගැන කියන්නම්. තේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් තේ ඇරෙන්න අනෙක් සියලුම දේවක් ආනයනය කරන්න ඕන. එතකොට ඒවා ාඅනයනය කරන්නෙ තුන්වන පාර්ශ්වයක් විසින්. උදාහරනෙකට ගත්තොත් තේ ඇසුරුම් කරන කාඩ්බෝඩ් පෙට්ටිය නිමි ප්‍රොඩක්ට් එකක් කරන්න ඕන වෙනවා කාඩ්බෝඩ් සහ තීන්ත ( තව දේවල් ඕන ) ඉතින් මේ කාඩ්බෝඩ් ආනයනය කරන කෙනාට ඩොලර් ලැබෙන්නෙ නෑ නේ. මොකද එයාලා ඩොලර් දීලා කාඩ්බෝඩ් ගෙනාවට විකුනන්නෙ ගොඩක් වෙලාවට රුපියල් වලට. එතකොට එයා රුපියල් හොයාගෙන කොච්චර බැංකුවට ගියත් වැඩක් නෑ එයාගෙ අතේ ඩොලර් නැත්නම් එයාට ණයවර ලිපි අරින්න බෑ. ශිප්මන්ට් ගේන්න බෑ. තින්ත සැපයුම් කරුවන් පවා එහෙමයි. එතකොට ලංකාවෙ දෙවනි ප්‍රදානම ආදායම තීරණය වෙන්නෙ කාඩ්බෝඩ් පෙට්ටියකින්.
කෙනෙක්ට කියන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි සැපයුම් කරුවෙක්ට පුලුවන් නේ තේ අපනයනය කරලා ඩොලර් ලැබෙන කෙනෙක්ගෙන් ඩොලර් වලින් ගෙවීම් කරන්න කියලා ඉල්ලන්න. ඔව් පුලුවන් නමුත් ගැටලු දෙකයි
1) ගොඩක් තේ අපණයන ආයතන තමන්ගෙ සේල් එක කරන්නෙ දවස් 90 / 120 වගේ ක්‍රෙඩිට් බේස් කරලා
2) මහ බැංකුව විසින් පනවා තිබෙන නීති - මාසයක් ඇතුලත ඩොලර් ඉබේම රුපී වලට හරවන එක.
දැණ් කෙනෙක්ට හිතන්න පුලුවන් නේද කොයි තරම් පැටලැවිල්ලකටද මේ අහුවෙලා ඉන්නෙ කියලා.. ඩොලර් හරියට උණු නිසා බොන්නත් බෑ කැද නිසා අහක දාන්නත් බැරි වගේ වැඩක් වෙලා තියෙන්නෙ. ඉතින් තුන් වන පාර්ශ්වයේ සැපයුම් කරුවන් සදා අනාතයි.. අපි හිතමු ප්‍රින්ටින් කම්පැනි එකක් කරන සුළු ව්‍යාපාරිකයෙක් ගෙ තත්වය. ඒ වගේ අයට කොහොමවත් මේ ඉකොනොමිකල් ක්‍රයිසිස් එකේන් එල්ලිලා ඉන්න බෑ. මොකද එයාලට ඩියුටි ෆ්‍රී බඩු ගේන්නත් බෑ.. ගේන්න ඩොලර් සතයක් වත් නෑ.
බැංකු වලට වෙලා තියෙන දේ හිතමු.
බැංකු මොනා හරි ක්‍රමයකින් ඩොලර් හොයා ගන්නවා එක්පෝටර් ලගෙ සල්ලි අරගෙන. දැන් ඒ සල්ලි වලින් කී දෙනෙක්ගෙ අවශ්‍යතා ඉශ්ඨ කරන්න ද. මූලිකවම ඩොලර් දෙන්න ඕන ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට. තේ ඉන්ඩස්ට්‍රි එකට. එතකොට බෙහෙත් ගේන්න තෙල් ගේන්න ගෑස් ගේන්න ණය වාරික ගෙවන්න එතකොට හාල් ගේන්න පරිප්පු මිරිස් සීනි ගේන්න. ඔය ඔක්කොම කරන්න වෙන්නෙ අර උඩින් කිව්ව ඉතිරි වෙන 12% තමයි. ඒ විතරක් නෙවෙයි.
අනෙකුත් ව්‍යාපාරිකයො ගැන හිතමු.
උන්ගෙ ව්‍යාපාර පවත්වාගෙන යන්න භාන්ඩ ඕන. ඒ භාන්ඩ නැති වෙනකොට ආදායම් හිග වෙනවා. ආදායම් හිග වෙනකොට වියදම් පාලනය කරගන්න බැරිව කඩා වැටීමකට ලක් වෙන්න පුලුවන්. දැන් අවුරුද්දක් විතර තිස්සෙ වාහන ආනයනය කරන්නෙ නෑ. එත්කොට වාහන සේල් වලින් යැපෙන්නො
මේ ඔක්කොම හරි.. තෙල් ප්රශ්නය නිසා පීඩා නොවිදින කවුරු හරි ඉන්නවද ? නෑ නේ තෙල් නිසා හැම ආයතනයක්ම හැම සේවකයෙක්ම පීඩා විදිනවා. පැය හතරහමාරක පවර් කට් එකෙන් රටට අහිමි වෙන නිශ්පාශනය ( ප්‍රොඩක්ටිවිටි එක ) මාසෙකට පැය 120 ක් ඒ කියන්නෙ දවස් 5 ක නිශ්පාදනයක් අයින් වෙනවා. කෙනෙක්ට කියන්න පුලුවන් කරන්ට් කැපුවට ජෙනරේටර් තියෙනව නෙ බල්ලො කියලා. මෙහෙම කියන්නෙ ඉතින් අර තෙල් පොම්නය නේ. ජෙනරේටර් වලටත් තෙල් නෑ නේ රටේ...
මේ ආන්ඩුව ශෝක්... කොහොම හරි මේ විදියට ඇදගෙන යයි... අපේ චන්දයට වටිනාකමක් දුන්න හැමෝටම පිං... පිං කියන්නෙ ඉරෝශාන් ගෙ පුක තරම් පිං..