වැදගත් දෙයක් යාලෝස්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    එන්ඩොස්කොපිය දකින ලෝකය - ජායාරුප පංතිය 3

    ඔන්න කලින් පාඩම් වල වගේම මේ පාරත් එන්ඩොස්කොපි ගැන ජායාරුප පංතියක් කරන්න හිතුවා.

    මෙවර පංතියේ පොඩි විශේෂයක් තියනවා.කලින් දෙපාරම අපි ඔයාලට අරගෙන අවේ ආහාර මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි ගැනයි.මෙවර අපි මුත්‍රා මාර්ගයෙන් ඇතුළු කරන එන්ඩොස්කොපි හෙවත් cystoscopy/ ureteroscopy ගැනයි කියන්නේ...

    ureteroscopy එකක් කරන්නේ

    නිතර නිතර මුත්‍රා ආසාදන ඇති වෙනවා නං
    මුත්‍රා මාර්ගයේ අවහිරතාවක් සැක කරනවා නං
    පිළිකාමය තත්වයක් සැක කරනවා නං
    මුත්‍රා මාර්ගයෙන් ලේ පිට වෙනවා නං
    කාලයක් තිස්සේ යටි බඩේ අමාරුවක් තියනවා නං

    මේ පරීක්ෂණය සිහි නැතිකිරීමක් අවශ්‍ය නැහැ.local anesthesia තිබුනොත් ඇති


    56255579_570346623461381_8807233660567683072_n.jpg


    අප ශරීරයේ මුත්‍රා වාහිනී පද්ධතිය සකස් වී තිබෙන ආකාරය ගැන දළ හැදින්වීමක්
    kidney - වකුගඩු
    bladder - මුත්‍රාශය
    ureter - වකුගඩුවත් මුත්රාශයත් සම්බන්ධ කරන වාහිනියකි
    urethra - වකුගඩුව භාහිරට සම්බන්ධ කරන මුත්‍රා වාහිනියකි
    sphincter - මුත්‍රා පිටවීම පාලනය කරන වෑලයකි

    56591998_570347916794585_8713634022401507328_n.jpg


    පුරුෂ හා ස්ත්‍රී මුත්‍රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කල අවස්ථාවක්

    56378075_570346963461347_755239139661578240_n.jpg


    endoscopy වගේම තමයි.නමුත් සිහින් වගේම දිගෙනුත් අඩුයි
    පුරුෂ මුත්‍රා පද්ධතිය ස්ත්‍රී මුත්‍රා පද්ධතියකට වඩා දිහින් වැඩි 15-20 cm පමණ දිගය.
    ඒ වගේම පුරස්ථ ග්‍රන්තියත් මුත්රාශයට ඇතුළු වන මාර්ගයේ පිහිටා තිබෙනවා.

    එම නිසා ස්ත්‍රී මුත්‍රා පද්ධතියකට වැඩ පුරුෂ මුත්‍රා පද්ධතියකට cystoscopy යක් ඇතුළු කිරීම තරමක් අභියෝගාත්මකයි

    ස්ත්‍රී urethra ව 2.5-4 cm විතර තමයි දිග

    අපි සුලභව හමුවන රෝග කිහිපයක් ගැන කතා කරන්න හිතුවා.

    55897231_570348553461188_4717450322530795520_n.jpg


    පළමුවැන්න ලෙස urethral stricture හෙවත් මුත්‍රා වාහිනිය සිහින් වීම ගැන බලමු.
    ගොඩක් වෙලාවට injury/trauma එකක් නිසා තමයි urethral stricture ඇතිවෙන්නේ.
    මුත්‍රා මාර්ගය සිහින් වුනොත් මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඇතිවෙනවා.
    ශල්‍යකර්මයක් සිදු කිරීම මුත්‍රා බටයක් ඇතුළු කිරීම සිදු කරනවා.ඇතැම් විට නැවත නැවත ශල්‍යකර්ම සිදුකිරීමට විය හැක.මුත්‍ර වාහිනී පිලිබදව විශේෂය වෛද්‍යවරු තමයි මේ වගේ operation වලට අත ගහන්නේ.

    55897063_570347573461286_4892780680078950400_n.jpg


    ඉදිමුන පුරස්ථ ග්‍රන්ථිය මගින් urethra අවහිර කිරීම.
    benign prostatic hyperplasia හෙවත් පිළිකාමය නොවන පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීමත්
    පිළිකාමය පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීමත් හදුන්වන්න පුළුවන්

    56174908_570348130127897_5065800521315516416_n.jpg


    ඉහල රුප සටහන් වල දැක්වෙන්නේ පිළිකාමය නොවන පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීමක් නිසා urethra අවහිර වී ඇති ආකාරයයි.
    පහල රුප සටහන් දෙක සාමාන්‍ය තත්වයයි.

    56191433_570348240127886_5182121928046936064_n.jpg


    පිළිකාමය පුරස්ථ ග්‍රන්ති ඉදිමීමක්

    සමහරුන්ට ශල්‍යකර්ම සිදුකරනවා,ඇතැමුන්ට ඖෂධ වර්ග දෙනවා.
    ureter එක පසු කරලා ඔන්න අපි මුත්රාශයට ආව.
    ආපු ගමන් පෙන්නන් හදන්නේ එච්චර හොද දෙයක් නෙමේ.
    මේ මුත්‍රාශයේ ඇතිවන පිළිකාවක්

    56533774_570348330127877_5669311793692934144_n.jpg


    ශල්‍යකර්ම විතරක් නෙමේ,chemotherapy දෙන්න වෙනවා

    55961948_570348376794539_3441620945700126720_n.jpg


    මුත්‍රාශයේ තියන ගලක්(bladder stone)

    මෙච්චර ලොකු ගලක් මුත්රාවහිනිය දිගේ පහලට යන්නේ නැ .ඒවගේම කලක් තිස්සේ තියන බඩේ අමාරුවකට වගේම නිතර මුත්‍රා ආසාදන ඇතිවීමටත් bladder stone හේතුවක් වෙනවා.
    ශල්‍යකර්මයකට යන එක තමයි විසදුම

    56443019_570348463461197_7253079390660067328_n.jpg


    මේක නං ටිකක් හිතන්න බැරි හිලක්.
    fistula එකක් හරියටම කිව්වොත්
    ඒ කියන්නේ මේ හිලේ අනික් කෙලවර අහාර මාර්ගයට හරි ස්ත්‍රියක් නං ප්‍රජනන මාර්ගයට විවර වෙන්නේ.
    අහාර මාර්ගයට විවර වෙනවා නං මුත්රාශයට මලපහ වාතය ඇතුළු වෙන්න පුළුවන්.නිතර මුත්‍රා ආසාදන ඇති වෙන්න හේතුවක්.
    මේ වගේ fistula ඇති වෙන්න කලින් බඩේ ශල්‍යකර්ම(pelvic surgery) කරලා තියනවා නං,පිළිකාවලට කරන්ට්(radiotherapy) අල්ලලා තියවා නං හරි chrons disease, diverticular disease වගේ රෝග තියනවා නං හරි තමයි.
    කරන්න අවශ්‍යයි ශල්‍යකර්මයක්.
    අවාසනාවකට හරිම සංකීර්ණයි

    56523133_570348876794489_3532783310184906752_n.jpg


    මුත්රාශයට වකුගඩු සම්බන්ධ කරන මුත්‍රා නල ඇතුළුවන ස්ථානය

    සාමාන්යෙන් cystoscopy මෙතනින් එහාට යන්නේ නෑ ureteroscopy හැරුනම

    56575911_570349036794473_3017620292475289600_n.jpg


    ureteroscope එකක් ureter එකට ඇතුළු කල අවස්ථාවක්.

    ගලක්,ලේ කැටියක් ureter එකේ හිර වුනොත් එක සාමන්යෙන් පහලට වැටෙන්න බැරි තරම් ලොකු නම් ඒ පැත්තේ වකුගඩුව block එක නිසා අඩපණ වෙනවා නං තමයි ureteroscopy පරීක්ෂණය කරන්නේ.
    කොන්දෙන් පහල හිරිවට්ටන්න ඕන වෙනවා.

    55954407_570349113461132_6889018523629125632_n.jpg


    ureteroscope එකෙන් ගලක් ඉවත් කරන විදිය.
    දැලකින් මලු අල්ලනවා වගේ තමයි.


    Your Family doctor
     
    Last edited: