වැදගත් වෙයි කියවන්න [Specially For Mothers Fathers and Girls]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැදගත් වෙයි කියවන්න [Specially For Mothers Fathers and Girls]

    නුවරට කිට්‍ටුව සංගීත සංදර්ශනයක් තිබ්බා,ඔක බලන්න කවදාවත් නැතුව මගේ ඥාති වෙන අක්කා කෙනෙක් ගෙන් එ අයියාට වදේ,එ අක්කාට බබෙක් හම්බවෙන්න හිටියේ එ හිටපු තත්වය අනුව සංගීත සංදර්ශන බලන්න සුදුසු නැ,එත් මොන දොලදුකක් ද මන්දා අන්තිමට අරන් ගියා,ඉට පස්සෙ ඔලුවේ කැක්කුමයි කියලා අයෙත් ආවා,අපේ ගෙවල් ලඟ ඉඳන් කිලෝමිටර් ගානකට එහා සංගීත ප්‍රසංගය තිබ්බෙ,එක අපිට ඇහෙනවා නම් මොනතරම් සද්දයක් ලඟට තියනවාද,මෙච්චර සද්දයක් වැඩෙන කලලයට සුදුසු නැ...
    මට මේ ගැන ලියන්නත් හිතුනේ එ සිද්ධිය මතක් වෙලා,මේ එ ගැනයි...

    picture.php


    දරුවා ගැබ් ගෙන 5 වෙනි හෝ 6 වෙනි මාසය වන විට දරුවාගේ පිට,මැද සහ අභ්‍යන්තර කණ් හොඳින් වැඩි අවසාන වෙනවා,මෙම කාලය වන විට දරුවාගේ කර්ණශංඛයද (cochlea) වැඩි අවසානයි,කර්ණශංඛය කරන කාර්ය වෙන්නෙ,ශබ්ද තරංග - ස්නායු ආවේගයට (nerve impulse) පෙරලා මොලයට යැවිම,මෙම කාලය ඇතුලත දරුවාට හොඳින් පිටතින් ශ්‍රවණය වන දේ දැනෙනවා,කෙසේ හෝ ගර්භාශයේ බිත්ති වලින්,උදර කුහරයේ තිබෙන්නා වු මාංසපේශි සහ තෙල් තට්‍ටුවෙන් පිටතින් එන්නා වු ශබ්ද තරංග මොට කරනවා,එවාගේම ඇම්නියන කෝෂය (water bag) තුල තිබෙන ඇම්නියන දියරය මෙම ශබ්ද කර්ණ පටකය මඟින් වර්ධනය කිරිමට ඇති හැකියාව අඩු කරනවා. මෙවා සියල්ල මෙසේ පැවතුනත් ඩෙසිබල් 100 වගේ හඬකට නිරාවරණය උනොත් එය දරුවා පසු කාලයක බිහිරි විමට කාරණයක් වන්න පුළුවන්,වන හානිය තිරණය වන්නෙ නිරාවාරණය වි සිටින කාලය මතයි,ඩෙසිබල් 100 වැනි ශබ්දයකට විනාඩි කිහිපයක් සිටියත් ප්‍රමාණවත් හානියක් වෙනවා.සාමන්‍යන් සංගීත සංදර්ශන වල භාවිතා වන ස්පිකර්ස්වල ඩෙසිබල් ලෙවල් එක 150 විතර යනවා,මේ හෙතුව නිසා ගොඩක් ගායකයොත් ear plugs භාවිතා කරනවා,එත් ලංකාවේ නම් මම මෙවා වැඩිය භාවිතා කරනවා දැකලා නැ,තව දෙයක් මේ ගැන දැන ගන්න ලැබුනා,මෙහෙම ශබ්ද වලට නිරාවරණය වුනොත් එය නොමේරූ දරු උපතකට හෙතු වෙන්නත් පුලුවන්ලු,එවාගේම අඩු බ‍රැති දරුවෙක් මෙයින් බිහි වෙන්න පුලුවන්,එවාගෙම හදිස්සියෙන් නොසිතු මොහොතක දැඩි ශබ්දයකට නිරාවරණය විමද මෙම කාලය තුලදි උචිත දෙයක් නොවෙයි,මෙයින් දරුවාට යම් විදියක අනතුරක් ගෙන ආ හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි...

    දැඩි ශබ්ද එසේ වුවාට මෘදු ශබ්ද සැමවිටම දරුවාට සතුටක් බව වෛද්‍යවරුන්ගේ මතයයි,මෘදු ශබ්ද ලෙස මෙතනදි අදහස් කරන්නෙ ඩෙසිබල් 60-65 වගේ පරාසයෙන් යන ශබ්ද වලට,ඩෙසිබල් 60-65 පරාසයෙන් තමා අපි
    සාමාන්‍යන් සංවාදයේ යෙදෙන්නෙ.නොඉපදුනු දරුවෙකුට සැම විටම ඇසෙන්න දිය යුත්තෙ ප්‍රසන්න ගීත හෝ සංගීතයටයි,ඔය ‍rap,dj හරි කාපු ගීත ඔය අවදියෙදි අසන්න නොදිය යුතු බව වෛදවරුන්ගේ මතයයි,එයින් මෝලයේ ව්යුහය වෙනස් විමට හැකි බව ඔවුන්ගේ මතයයි...

    මට මිට අවුරුදු කිහිපයකට කලින් මගේ ඥාති ගුරුවරයෙක් මුනගැහුනා විවහා උත්සවයකදි,ඔහුට පුතුන් තිදෙනක් සහ එක දියනියක් සිටිනවා,එ 4 දෙනාම බොහොම හොඳින් ඉගන ගත්තු අය,මට මතක විදියට පවුලේ දෙදෙනෙක් වරලත් ඉංජිනෙරුවන්,එක්කෙනෙක් දොස්තර කෙනෙක් අනික් කෙනා වරලත් ගණකාධිකාරිවරෙයෙක්,මට මේ ගුරුවරයා මෙහෙම කිව්වා "පුතේ මගේ ළමයි මෙහෙම ගුණ යහපත් විදියට හැදිලා මෙහෙම හොඳින් ඉගන ගත්තෙ මම එ අය ඉපදෙන්න ඉන්නකොට කරපු වතාවත් වලින්",ඔහු හැමදාම ‍රැට ළමයි හම්බවෙන්න ඉන්න කාලයේ තමන්ගේ බිරිඳගේ කුස අතගාමින් පිරිත් කිව්වාලු,මෙක දවසට දෙපාරක් කෙරුවා ලු,ඉට අමතරව ළමයින්ට අවවාද දුන්නාලු මව් කුසේ ඉන්න කාලෙදිම,තව ගොඩක් කතා කිව්වා මට දැන් මතක නැ,ඔහු කිව්වා ළමයෙක් හදන කාලයකට මෙහෙම කරන්න පිං වන්ත දරුවෙක් නියතයි කියලා.පිරිත් වල හොඳ ධව්නි ගුණයක් තියනවා,එ ගුරුවරයා කරපු දෙවල් වලින් වෙන්නත් පුළුවන් ඉතින් එ ළමයි එච්චර හොඳට හැදිලා වැඩදායක ළමයි උනේ.මට මෙක ලියනකොට එක මතක් උනු නිසයි එ කතාවත් දාන්න හිතුනේ...මෙහෙම කලේ බෞද්ධ පියෙක්,මෙක ක‍තෝලිකයෙක් හරි වෙන ලබ්දිකයෙක් කියවනවා නම් එ ආගමට අනුව තියන යහපත් වතාවල් කරන්න,ඔය සමහර ආගම් වල තියන බිලි පුජා නම් කොහොමත් යහපත් වෙන්නෙ නැ :no:...

    තව දෙයක් කියන්න ඔනේ මේ කාලය තුලට පමණක් හෝ නිර්මාංශ විම ඉතාම වැදගත්,හැකිනම් ජිවිත කාලයටම නිර්මාංශ වන්න,එය අහිංසක සතුන්ටත් ඔබටත් වැඩදායි තිරණයක් වෙයි...

    ඔබලා යහපත් නම් ඔබලාට ඉපදෙන්න සිටින දරුවොත් යහපත් වෙයි,ඔබලා අහයපත් නම් ඔබලාගේ දරුවොත් එසේ වෙයි,එය මතක තියාගන වැඩ කරන්න...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited: