වැද්දගෙ වැඩ...............

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    වැද්දගෙ වැඩ...............

    මහනුවර මහ රෝහලේ
    ආදිවාසියාගේ ගමන වැළැකුවැයි
    ආරක්‍ෂකයකුට ඊතල ප්‍රහාරයක්‌


    සිරිල් විමලසුරේJද්‍ර තිවංක අභයරත්න

    දුනු ඊතල අතැතිව මහනුවර මහ රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ ආදිවාසී පුද්ගලයකුගේ ගමන අවහිර කළ රෝහල් ආරක්‍ෂක නිලධාරියකුට දුනු ඊතල වලින් විද තුවාල සිදුකිරීමක්‌ පිළිබඳ ඊයේ (29 වැනිදා) පස්‌වරුවේ මහනුවර මහ රෝහලෙන් වාර්තා විය.

    මහනුවර විලියම් ගොපල්ලව මාවතේ රෝහල් ගේට්‌ටුවෙන් ආදිවාසී පුද්ගලයා ඇතුළුවීමට ගිය අවස්‌ථාවේදී එහි සේවයේ යෙදී සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ නිලධාරියකු විසින් ඔහුගේ ගමන නවතා තිබේ. එම අවස්‌ථාවේදී මෙම සිදුවීම වී ඇති අතර රෝහල් ආරක්‍ෂක අංශයේ ඩබ්ලිව්. ජී. සී. සෙනවිරත්න නමැත්තා තුවාල ලබා මහනුවර මහ රෝහලේ ශල්‍ය වාට්‌ටුවට ඇතුළත් කර තිබේ.

    මෙම සිද්ධියට සම්බන්ධ ආදිවාසී පුද්ගලයා මහනුවර රෝහල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්‌ථාන පොලිසියට භාරදී තිබේ. මෙලෙස අත්අංගුවට ගෙන ඇත්තේ ඌරුවරිගේ රත්නායක (45) නමැති දඹාන පදිංචිකරුවෙකි. මෙහිදී අත්අඩංගුවටගත් ඌරුවරිගයේ රත්නායක මීට දිනකට පෙරදී මහියංගන මහ රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ආ බවත් බිරිඳ සහ පුත්‍රයා මහනුවර මහ රෝහලේ රෝහල් සහයකවරුන් ලෙස සේවය කරන බවද දැනගන්නට තිබේ.



    http://www.divaina.com/2011/08/30/news22.html