වැන්දඹු හා අනත් දරු නැවත ලියාපදිංචිය ජුලි 31

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    වැන්දඹු හා අනත් දරු (W&0P) නැවත ලියාපදිංචිය (Re-Registration) ජුලි 31 න් අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තුමෙන්තුව පවසනවා.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මොකද්ද බන් ඕක අම්ම දෙපාරක් පිරෙව්ව මුල එක නෑ කියල. මුන් සේව් කරපු ඩේට ටිකට කෙලවගෙනද
    මම දන්නෙත් නෑ පුරවන්න හෙන ගේමක් දෙන්න ඕනේ, ඔක්කොටම අදාල නෑ මං හිතන්නේ.

    W&OP Re-registration වැන්දඹු,වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අංකය නැවත ලියාපදිංචිය 1. මෙම නැවත ලියාපදිංචිය කා සඳහා ද? 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගතව ලියා පදිංචි කර ගැනීම සඳහාය. (W&OP Re-registration-FAQ | වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංකය නැවත ලියාපදිංචිය-නිතර අසන ප්‍රශ්න https://youtu.be/oUuOftyIEF8) 2. මාර්ගගතව ලියා පදිංචි වී ඇද්දැයි නොදනිමි. කුමක් කළ යුතුද? https://portal.pensions.gov.lk:5080/w... ගොස් "Get your W&OP Number" දිගුව මගින් ඔබගේ හැඳුනුම්පත් අංකය ඇතුලත්කර ඔබට අදාල වැන්දඹු , වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් කාඩ්පත පවතීදැයි පරික්ෂාකර බලන්න. *එහිදී ඔබට ඔබගේ විස්තර නොපෙන්වයි නම් හෝ *පෙන්වන විස්තරයෙහි මෙවැනි අංකයක් ඇත්නම් - 83/124811 , 82/156234 ඔබ නැවත ලියා පදිංචි විය යුතුය. 3. නැවත ලියාපදිංචිය සිදු කරද්දී යැපෙන්නන්ගේ විස්තර ඇතුලත් කිරීම සිදු කරන්නේ කෙසේද? https://youtu.be/Ziiwo6I9gKA 4. ලියාපදිංචිය නිවැරදිව සිදු කළ අතර මාගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබිණි. කුමක් කළ යුතුද? ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඔබ අයත් කලාපයේ පුද්ගලික ලිපිගොනු භාර නිලධාරි මහතා හෝ මහත්මියට ලබා දෙන්න. මේ පාසලක් ලෙස එකවර ලබා දෙන්නේ නම් ඔවුන්ට පහසුවක් වේවි. 5. ලියාපදිංචි අවසන් කිරීමට submit කල විට duplicate number ලෙස ලැබේ. කුමක් කළ යුතුද? බොහෝ විට මෙසේ වන්නේ ඔබ කලින් ද මෙයට තොරතුරු ඇතුලත් කර ඇති බැවිනි. duplicate number යටතේ ඔබ අයත් කලාපයේ පුද්ගලික ලිපිගොනු බාර මහතාට හෝ මහත්මියට ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න. මේ පාසලක් ලෙස එකවර ලබා දෙන්නේ නම් ඔවුන්ට පහසුවක් වේවි. 6. නැවත ලියාපදිංචිය ඔස්සේ ගිය විට සමහර දත්ත ඇතුලත් කල පසු රෝස/ රතු පැහැයෙන් කොටුව දිස්වීම? ඔබ ඇතුළත් කළ දත්තයන්හි කිසියම් හෝ වැරැද්දක් ඇති විට මෙය සිදුවේ 7. තෝරා ගැනීමට ඇති ස්ථානයන්හි පහළට ඊතලය නොපැමිණීම එනම් තෝරා ගැනීම සඳහා ලයිස්තු නොපැමිණීම? *මෙම කාලසීමාවේදී බොහෝ පිරිසක් එකවර මෙයට සම්බන්ධ වීමට යාම නිසාද මෙම තත්වය ඇතිවිය හැක. *එමෙන්ම එකවර ඔබ එම වෙබ් පිටුවට දත්ත ඇතුළත් කිරීමට යාම නිසා ද මෙය සිදුවිය හැක. 8. මෙම වෙබ් පිටුව available නැත? *මෙහිදීද එකවර බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටීම නිසා හෝ *ඔබ පැරණි වෙබ් අඩවියට යෑම නිසා මෙය සිදුවිය හැක. 9. මා මෑතකාලීනව රාජ්‍ය සේවයට එක් වූ නිලධාරි මහතකු/ මහත්මියකු හෝ මෙනෙවියකු වන අතර, දැනට මාගේ වැටුපෙන් වැන්දඹු ,වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල අඩු කර ගැනීමක් සිදු වේ. මම මේ ඔස්සේ ලියා පදිංචි විය යුතුද? නැත. වැන්දඹු වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ලියකියවිලි ඔබ අයත් කලාපයේ පුද්ගලික ලිපිගොනු නිලධාරි මහතා හෝ මහත්මියට ලබා දී ඔවුන් හරහා මාර්ගගතව ලියාපදිංචි වන්න. 10. මාගේ අංකය මාර්ගගතව පෙන්නන අතර මගේ නම් එහි වැරදියට සටහන්ව ඇත. මම නැවත ලියාපදිංචි විය යුතුද? නැත මෙය සකස් කර ගැනීම සඳහා කලාප කාර්යාලයේ ඔබගේ ලිපි ගොනු භාර නිලධාරි මහතා හෝ මහත්මිය දැනුවත් කර පෞද්ගලිකවම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැන්විය යුතුය.