වැබි සැබි

Saamantha

Junior member
  • Dec 14, 2020
    21
    36
    13
    අද වගේ නෙමෙයි ඒ දවස්වල අපට අලුත් ඇඳුමක්, සපත්තු දෙකක් ලැබුණේ කලාතුරකින්. ඒකත් ගොඩාක් වෙලාවට අලුත් අවුරැද්ද දවසට. මේ කියන අවුරැද්දේ මට අලුත් ඇඳුමක් ලැබුණේ නැහැ. එදා මම අපේ අම්මට කරදර කළේ අලුක් කමිසයක් ඉල්ලලා. මට ඒ වෙනකොට තිබුණු හොඳම කමිසේ ලැබුණු දවසත් මට හොඳට මතක තිබුණා. මම අම්මට නෝක්කාඩු කීවේ ඒ කමිසේ වයස ගැන මතක් කරලා. ඕක අහගෙන හිටපු අපේ අප්පච්චි හිනා වෙලා මෙහෙම කීවා.

    “ඕක මොකක්ද පුතා… මම අදින ඇදුම් අවුරැදු විස්සකටත් වඩා පරණයි.”
     
    • Like
    Reactions: hodakolla