වැරදි_ක්‍රමයක්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    වැරදි_ක්‍රමයක්

    73452410151471382319844.jpg


    වැරදි ක්‍රමයක් නඩත්තු කරමින්, එය යහපත් අතට වෙනස් නොකර අපි හැමෝම මොකද මේ කරන්නේ.

    අපේ රටට මේ හෙනගෙඩිය පාත් උණේ අපට නොගැළපෙන පාලනයක්, ආර්ථිකයක්, ඇතුළු තකතීරු ක්‍රමයක් ආ දා ඉඳල නේද? අපේ රට සුද්දාගෙන් පසු සුද්දගේ ක්‍රමයටම පාලනය කරගෙන යනවා. දැන් අවුරුදු 60, ගණනක් තිස්සේ සුද්දගේ අධ්‍යාපන ක්‍රමයට විවිධ ක්ෂේත්‍රයන්ගෙන් උපාධිධාරීන් නිෂ්පාදනය කරනවා. ඒ එකෙනේකුටවත් පුළුවන් උනා ද ඒ එක ක්ෂේත්‍රයකවත් අවුල් ලිහා ගන්න . සෑම ක්ෂේත්‍රයකක්ම දවසින් දවස අර්බුධයට නෙමෙයිද යන්නේ. මේ ක්‍රමයෙන් බිහිවන්නේ අතිශය අත්මාර්තකමී පුද්ගලයන් නොවෙයිද? (මුළු ලෝකෙම මෙහෙම නේ) එහෙනම් ඒ ක්‍රමය නඩත්තු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? සුද්දාට රට යන්න කලින් මිනිස්සු මීට වඩා සැහැල්ලුවෙන්, සාර්ථකව ජීවත් උණා නේ. මොකක්ද ඒ රහස. දියුණුයි, දියුණුයි කිව්වට තාක්ෂණික මෙවලම්වලින් විතරණේ දියුණුව තියෙන්නේ. මිනිසා හරිම බුද්ධිමත් කිව්වට මෙව්වා කිරල මැනල තීරණයක් ගන්න තරම් බුද්ධියක් නෑනේ.

    අප හෙළ බිම පුරා තාම ඉන්නවා සුද්දගේ අධ්‍යාපනයෙන් කුරුවල් නොවුණ වැඩිහිටි ගැමියන්. සමහර විට ඔවුන් තමා ඒ රහස දන්නා අවසන් පුරුක. ඔවුන් දන්නවා මේ සමාජය යා යුත්තේ කොයි දිශාවට ද කියල. සිංහල බෞද්ධකම තුළ තියෙන වටිනාකම් නැවත ප්‍රතිස්ථාපනය නොකළොත් ........ ........

    තම තමන්ගේ මට්ටමින් යුතුකම් ප්‍රයෝගිකව ඉටු කළේ නැත්නම් මොන පණ්ඩිතයෝ උණත් මේ විනාසයට නිහඬව දායක උණු සමාජයක නෂ්ටාවශේෂ තමයි අපි හැමෝම.

    තම තමන්ගේ ගම දනවුවල පන්සල්වල හාමුදුරුවන් සමග සාකච්ඡ කරන්න. අපේ දැනුම ආයෙත් හොයාගෙන යමු. ඇඳුරට ශාප කර කර ඉඳල වැඩක් නෑ. විසිරී ඇති සිංහ තෙල් බින්දුව, බින්දුව නැවත එකතු කරමු. (එහෙම නැතුව තවත් ඒ වගේම නොගැලපෙන පිට රට බහුභූත ක්‍රම අපේ හෙළ මෑණියන්ගේ ඔලුවට අත හරින්න කල් මර මර ඉඳල හරි යන්නේ නෑ.)
     
    • Like
    Reactions: laka007

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කතාව 100% ක් ඇත්ත, ඒ උනාට මේක ලේසියෙන් කරන්ඩ පුළුවන් දෙයක් නම් නෙවෙයි දැන් වැරදි පාරේ ගොඩාක් දුර ගිහින් ඉවරයි
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    සුද්ද එන්න කලින් රට තිබුන ක්‍රමයට නැවත එමු කියලද මේ කියන්නෙ