වැලන්ටයින්ටත් ප්‍රොබ්ලම්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වැලන්ටයින්ටත් ප්‍රොබ්ලම්

    අද වැලන්ටයින්, ඕකෙ නම වැලන්ටයින් උන නිසා ඒ වැලන්ටයින්ගෙ ඉතිහාසෙ අපි මෙතනට අදාල කරගන්න අවශ්‍යය නැහැ.
    කෙසේ හෝ අද වෙනකොට පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය ලෙස වෙන් වෙලා තියෙනවනෙ. ලෝකෙ 100%ක්ම මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේ ආදරේ.
    ඉතින් ජලයට, මිහිකතට, වැඩිහිටියන්ට, ළමයින්ට, ඒඩ්ස් වලට දින වෙන් වෙලා තියෙනවා නම් ආදරවන්තයින්ට දිනයක් වෙන් උනාම මොකද?

    ඒක සමරන්නෙ කොහොමද කියන තැනදි ගැටලු තියෙන්න පුලුවන් හැබැයි ඒකට කරන්න තියෙන්නෙ පෙබරවාරි 14 දකින දකින ජෝඩුවට තඩිබාන එක වත්
    තමන් භ්‍රඃමචාරීන් වගේ පෙම්වතුන්ට බැන වදින එක වත් නෙමෙයි. ගඟක් ගලනකොට ඔහොම හිටු කියලා තාප්ප ගහලා නවත්තන්න බෑ. හැබැයි අපිට ඒ යන
    පැත්ත හරවන්න පුලුවන්. දැන උගත් මිනිස්සු ඉන්නවනෙ මේ රට ධර්ම රාජ්‍යක් කරන්න, රට සුරපුරයක් කරන්න පුලුවන් කියලා කියන අය අන්න ඒ අයට
    තියෙන්නෙ මේ අත්දැකීම් අඩු තරුණ පරම්පරාවට කියලා දෙන්න මේක සමරන්න මීට වඩා හොඳ අර්ථවත් විදිහක්.

    මොකද අද වෙනකොට වැලන්ටයින් වලට බැන බැන තැන් තැන් වල යන අය එක්කො වැලන්ටයින් සමරන්න බැරි උන නිසා දුකට බනින අය ‍එහෙම නැත්තන්
    තමාගේ පවුල් ජීවිත අවුල් නිසා පෙම්වතුන් පෙම්වතියන් එකට ඉන්නවා දැකීමේ අසහනකා‍රයො.

    තරුණ ගෑණු දරුවො වැලන්ටයින් නිසා අනාත වෙනවා නම් ඒකට කරන්න තියෙන්නෙ වැලන්ටයින් තහනම් කරන එක නෙමෙයි, එහෙම ‍නොවෙන තැනට
    දෙමවුපියන් දරුවන් දැනුවත් කරලා මාපිය දූදරු සම්බන්ධය ශක්තිමත් කරන එකයි. නැත්තන් මේ යන විදිහට අන්තිමට අපිත් තලෙයිබාන් වරු වගේ වෙනවා නිසැකවම.

    නිදහස නැති කරලා හිර කරන්න කරන්න තරුණ හිත් ඇතුලෙ ඇති වෙන අසහනය වැඩි වෙනවා මිස අඩුවක් වෙන්නෙ නැහැ. හොඳම උදාහරණෙ තමයි ලංකාව
    තුල ඊනියා සදාචාරයකට මුවා වෙලා පෝන් සයිට් තහනම් කරනවා. කෝ මොකද්ද ප්‍රතිඵලය අන්තිමට වාර්ථාගත ලෙස "සෙක්ස්" යන්න අන්තර්ජාලයේ සර්ච්
    කිරීම වැඩි වෙනවා. ඒ නිසා යමක් කරද්දි බුද්ධිමත්ව හිතලා කරනවා නම් රටට ගුණ දායකයි


    :love: හැමෝටම සුභ ආදර වන්තයින්ගේ දිනයක් :love:
    ආදරේ කියන්නෙ පෙම්වතියට පෙම්වතාට සීමා උන එකක් නෙමෙයි
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    30.png
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනේ මන්දා මේකටත් කාටද මන්දා රිදිලා රෙප් කපලා :P
    කමක් නෑ මට රෙප් හිඟන්නෙක් නෙමෙයි