වැලන්ටයින්දා

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අඩෝ අඩෝ තෝ අද කොටුවක් පැන්නා නේද ඉස්පිරිතාලේ යන්නේ නැතුව?
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    yakooo heta nidahasa bolaw...magula valak nemi..... heta ma kiyahan ban...kiyala ube hitha th nidahas karahan......... good luck machhan
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ai yako uba valantine dawasa danne naha.... google search karala kellagen ahapan.. pau e kella



    mata nam oya dawasa amathaka ma nowana dawasak.... lol ...sirawata mokada ban muu ta me wela thiyenne ..independence day ekai vala i patalawagena
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol: හිටපන් අක්කටයි නංගිටයි කියලා උඹට වැලන්ටයින් තෑගි අරන් දෙවන්නම්.......!! :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2010 :love:

    යන්නෙපා හැරදමා සෙනේ
    සිත හඩයි පාලුවේ
    නුඹම පමණි සතුට මගෙ ලොවේ
    සිත නිවයි නුඹේ ආදරේ

    දෑස් පියන් යට සගවා නුඹෙ රුව
    දැකගමි නිහඩ රැයේ
    දහසක් තරු එළි දිලුනත් කුමටද
    සද නැති අදුරු රැයේ
    සද එළියක් වී දිලුනා නුඹ මහදේ

    තුන් සිත නුඹ ගැන විමසයි සියවර
    නෙතු නිදි නොමැති පැයේ
    ඈතින් ඈතට යන්න එපා නුඹ
    හඩවා සිත රහසේ
    මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ


    2010 :love:

    මම ඔයාට ආදරෙයිනෙ දිවිය තිබෙන තුරුම
    මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න
    අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න
    ඉක්මනටම හිමිකරගන්නට ආසයි නුඹව

    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම
    මූණ පුරොගෙන හිනහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොයින්ද මේ ලෝකයෙ තවම

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක්වත් මම නොකලෙමි දිනෙක
    ජීවත්වෙන තුරාවටම පණ හරි දෙමි නුඹට

    2010 :love:

    සමාවෙන්න ඔය ඇස්වල කදුලු බිංදු පිරුනේ
    නොසිතා මම කී වදනට බව මට දැන් දැනුනේ
    සමාදෙන්න මින්මතු නෑ කදුලු දෙන්නෙ ළදුනේ
    මට මෙතරම් ආදරෙ බව දැනුයි මටත් දැනුනේ

    සද දහසක් ආත්මයෙන් සංසාරේ ඉපදී
    අපි දෙන්නා පෙම්වතුන්ව ඉන්නට ඇත ලන් වී
    අන්කිසිවෙක් හිත් නොරිදා හමුවීලා මුලදී
    අපි දෙන්නා ඉන්නට ඇති හැම කුලයෙම ඉපදී

    මේ ඉන්නවා වගේ මතුත් අපි දෙන්නා එක් වී
    සතුටු සිනා පොදි බැදගෙන එක මග යමු සැනසී
    ඔය ඇස්වල කදුලු බිදක් කවදාවත් නොම වී
    එකම දිනෙක නිවන් දකිමු මේ ලෝකෙට සමු දී


    2011 :love:

    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ
    පැතුම් ලෙන්ගතු වෙමින් යාවෙයි දලු දමා ඇසුරූ
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ
    සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුලූ


    2011 :no:

    මතක කදුලින් තෙමී දෙනුවන් සිතට නුඹ...................එද්දී
    බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක.................දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන්.................වෙද්දී
    පෙමට ගිණිදැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන්...........වෙද්දී

    අතරමං කර ආදරෙන් මම සසර තනි......................වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි ..................වෙද්දී
    අසරණයි මම ආදරය ළග නුඹත් හැර ......................යද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි .........වෙද්දී

    හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි .............වෙද්දී
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් .................හඩවද්දී
    නුඹව පතමින් ඇවිත් මේ දුර යලිත් තනි .................වෙද්දී
    නොලැබෙන එක සිතක් වෙනුවෙන් සිතම දුක් ...........වෙද්දී

    2011 :no:


    හඩන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට
    රත්තරනේ කියා නුඹට තුරුලු වෙන්නට
    හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්න
    මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න

    දෙමාපියන් සිත් රිදවා නුඹට පෙම් කලා
    නුඹ සිත රිදවනු නොහැකිව අසරණ වූවා
    ලොකය කීවත් නුඹ අන්සතුය කියාලා
    නොපිලිගෙනම නුඹ හට තව තවත් පෙම් කලා

    ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා
    මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා
    කියාගන්න බැරි තරමට නුඹ චපල උනා
    හදාගන්න බැරි තරමට හදවත බිදුනා

    2012 :no:

    කදුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන
    අදුරු වෙලා ඔයා නැතුව පාළුයි මගෙ ලොවම
    කදුළු හලා ඇතිවනතුරු හැඩුවත් මම නිතර
    ඔයා හොදින් නම් මට ඇති ඒකයි මගෙ සතුට

    2012 :no:

    අවිහිංසක ඇස් දෙකකට කදුලු දුන් තරම්
    නපුරු වුනේ කොහොමද නුඹ කියන් රත්තරන්
    පෙම් කල සිත මේ තරමට රිදවන්න තරම්
    මම වරදක් කලාද මට කියන් රත්තරන්

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
    මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම්
    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතින්
    ඉවසන්නම් මගේ කදුල නුඹගෙ සතුට නම්


    ලව් කරන්න ගිහින් මට ඔය ටික තමා උනේ..:no::no::no: