වැලන්ටයින් අාදරේ & ලීංගිකත්වය

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වැලන්ටයින් අාදරේ & ලීංගිකත්වය

    "ආදරේ සමරන්න ඕන මේම නෙවේ නංඟියේ මල්ලියේ.. උයාලා සැබෑ ආදරේ දන්නෙ නෑ.. ආදරේ කියන්නෙ ලිංගිකත්වය නෙවේ.. ප්‍රේමය නම් පරම පිවිතුරු පූජනීය කුසුමක් වැනියි.. නොහොබිනා ආසාවල් වලට පෙළඹෙන්නෙපා නංඟියේ.."


    හික්! ලිංගිකත්වයක් නැති ආදරයක් කොහෙද? ආදරය කියන්නෙ වර්ගයා බෝකරන්න ස්වභාවධර්මය විසින් අටවපු උගුලක්. දෙන්නා අත් අල්ලන් පන්සල් පල්ලි ගිහින්, දියත උයනෙ ඇවිදින්න ගිහින්, මල් ගස් වටේ නටලා නටලා, අන්තිමට කරන්නෙත් අර 'වල්' කපල් කරන 'නොහොබිනා' දේම තමයි. සමාජයක් වශයෙන් පැවතෙනකොට යම් යම් සදාචාර විධික්‍රම අනුගමනය කරන්න වෙනවා. නමුත්, 'අනී ආදරේ නම් පරම පිවිතුරු කුසුමක්, උයාලා සැබෑ ආදරේ දන්නෙ නෑ' වගෙ මගුල් නම් හීන.

    දෙදෙනෙකුගේ ආදර සම්බන්ධතාවයකට මූලික අඩිතාලම ලිංගික ආකර්ශනය තමයි. කොයි තරම් නෑ කිව්වත් ඒකයි ඇත්ත. 'සෙනෙහසට' ලිංගිකත්වයක් නැතත්, දෙදෙනෙකු අතර ආදරයට අනිවාර්‍යයෙන්ම ලිංගිකත්වය ගෑවෙනවා. සම්බන්ධතාවක් පරණ වෙනකොට ඇතැම්විට ශෘංගාරාත්මක ආදර හැඟීම් සෙනෙහසකට හැරෙනවා වෙන්න ඇති. නමුත් සැබෑ ආදරය කියන්නෙ මේකය, ඒක දන්නෙ අපි විතරය,මුන්ට වෙලා තියෙන්නෙ ඒක දන්නෙ නැති එකය, අපේ කාලෙ නම් ඔහොම නෑ අපෙ හාංදුරුවලේ වගෙ වැල් බයිලා කියලා අනුන්ට උපදෙස් දීමෙන් 'අපි අනුන්ට උපදෙස් දිය හැකි මහදැනමුත්තො' ලෙවල් එකේ ස්වයංවින්දනයක් ඔය බහුතරයක් දෙනා ලබනවා.

    ඕක වැඩියෙන්ම දකින්න පුළුවන් පෙබරවාරි දෙවනි සතියෙ. කුඩයක් යට ආදරය කරන කපල් එකකුත්, පන්සල් ගිහින් පහන් පත්තු කරන කපල් එකකුත් එකට සසඳන ගමන් තමන්ට ලකුණු දා ගැනීම, සරලවම කිව්වොත්, "අපි ඔය වල් එව්වට නෑ, අපි ඒ මොනවද කියලා දන්නෙත් නෑ, අපි බැඳලත් ඉන්නෙ ස්වප්නයි සුරාජුයි වගෙ, අපි සමන් මලෙන් උපන් කුමාරිකාවො, හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තැන්ලා" විදියට තමන්වම ඉන්ඩිරෙක්ට්ලි මාකට් කරගැනීමක් කොහෙත් දකින්න පුළුවන්. හිත්වල අනුකම්පාව, කරුණාව තියෙනවා කිව්වත්, දියුණු වෙන ජාතියක් කිව්ව්ත් ශ්‍රී ලාංකිකයො කොතරම් කුහක ද කියලා බලන්න අවශ්‍ය නම් පෙබරවාරි 14 අරමුණු කරගෙන දාන පෝස්ට්ස් වල කමෙන්ට්ස් කියවන්න ඕන. දැකලා දැකලා අප්පිරිය නිසා මේක ලිව්වෙත් ගුටි කන්න බලාගෙනයි.


    ප.ලි.: (නැට්ටෙන් අල්ලගන්නා සෙට් එක වෙනුවෙනි)
    මේ කියන්නෙ ආදරේ කරන්න නම් ලිංගිකව හැසිරෙන්න අවශ්‍යම බව වත්, 14 සැමරිය යුත්තේ රූම් ගිහින් කියලා වත්, මම සමරන්නෙ රූම් ගිහින් කියලා වත්, රූම් ගිහින් සමරන එක වීරකමක් කියලා වත් නෙවෙයි. ලිංගිකත්වය අති ස්වභාවික කාර්‍යයක් බවත්, අමුතු පූජනීයත්වයක් හෝ අස්වාභාවික රහස්‍යබවක් දිය යුතු නැති බවත් විතරයි.

    :yes::yes::yes::yes:
    Amanda Abeysooriya - Facebook
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    room යන්න ඕන නැහැ ඕක සමරන උන් අමු හරක් , කොහෙවත් යන එකෙක් ගේ නමකින් තින පිස්සුවක් සමරනව. ලෝකේ 99.99999% ක්ම කවද හරි දවසක couple එකක කෑල්ලක් තමයි. affair එක පට ගත්ත දවස මුලින්ම meet උන anniversary සමරපන් එක එක ගොන් දවස් සමරන්නේ නැතුව. කොහොම හ‍රි business ක‍රන උන්ට පට්ට දවස .