වැලන්ටයින් නොකියන කථාවක්..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    වැලන්ටයින් නොකියන කථාවක්..

    වැලන්ටයින් නොකියන කථාවක්..

    හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න.

    ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම උමතුව පත්ව තිබෙනවා. ආදරය හැම සත්වයෙකුටම පොදු දෙයක්. එක එක්කෙනා ඒ ගැන එක එක දෙවල් කියයි.

    එත් ඔය වැලන්ටයින්ලා ඔයාලාට කියලා දෙන්න දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා. ඒක තමයි සම ශ්‍රද්ධා, සම ශීල, සම දහම් දැනුමක්, සම ත්‍යාග, සම ප්‍රඥ්ඥා තියෙනවානම් නිර්වාණය දක්වාම ඒ අය නැවත මුනගැසෙන බවත් ඒ ධර්මයන් වැඩීමෙන්ම ඉතාමත් සතුටින්, සැපවත්ව, සුවසේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩී දෙදෙනාම සියළු සසර දුක් අවසන් කරන බවත්.

    ඉතින් වැලන්ටයින්ලා මොනවා කිව්වත්, උදේ හිට රෑ වෙනකල් මොට්ට ගැහැණු මාධ්‍ය අරක්ගෙන පොශ් වෙලා මොනවා කිව්වත්, පිස්සු නවකතා කාරයෝ මොනවා ලිව්වත්, දුස්සීල ගායක ගායිකාවො තම දුස්සීල ජීවිත ගැන ලස්සනට සින්දු හදාගෙන රස කර කර කිව්වත්,මගේ ඔලුවනම් මම කුණු කරගන්නේ නැහැ කියලා හිතට ගන්න.

    තරුණ ඔබ දෙදෙනම භාග්‍යවතුන් වහන්සෙ මුළු හදින්ම සරණ යන්න, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් සරණ යන්න, ඒ උතුම් අෂ්ඨාර්‍ය පුද්ගල මහා සංඝරත්නය සරණ යන්න, එවිට පින් ගංගාවන් තුනක් ඔබේ ජීවිතයට ගලනවා. ඒ කරලා උතුම් පංච ශීලය සමාදන්ව රකින්න, හැකි විටකදී උපෝසථය වැනි උසස් ශීලයක් හික්මෙන්න, එවිට පින් ගංගා හතරක් දිවා රාත්‍රී ඔබේ ජීවිතයට ගලනවාමයි. ටිකින් ටික ධර්ම ඤාණය දියුණු කරගන්න පොත පත කියවන්න ධර්ම දේශනා වලට සවන් දෙන්න ගෞරවයෙන් ධර්මය සාකච්චා කරන්න ජීවිතයේදී ඕනෑම දෙයකට මුහුණ දෙන්නට අවශ්‍ය ආයුධ ගබඩාව බවට එය පත් වේවි. හැකි සෑම විටකම ඇති විටත් නැති විටත් අල්පමාත්‍ර දෙයක් හෝ දන් දෙන්න පින මෝරාවි. බින්දුවෙන් බුන්දුව නමුත් එක දිගටම පිරෙනවානම් කලය පිරෙනවා වගේ ජීවිතය පිනෙන් පිරේවි. එකතු කරගත් ධර්ම දැනුම නුවණින් නිතර විමසන්න ප්‍රඥ්ඥාව වැඩේවි. ජීවිතය සුවපත් වේවි දන්නේම නැතිව. අන්තිමට මැරිලා පලච්චහම වැලන්ටයින්ලා එන්නේ නැහැ ඔබව සුගතිගාමී කරන්න. නමුත් අර ශ්‍රද්ධාවට පුළුවනි ඒක කරන්න. ශීලයට, ධර්මයට, දානයට, ප්‍රඥ්ඥාවට ඒවායෙන් රැස් වූ පිනට පුළුවනි ඔබව සුගතිගාමී කරන්න, සැපවත් කරන්න.

    වැලන්ටයින්ලා කියන පදේට නටන්න ගියොතින් ඔබට මේ ජීවිතෙත් අපායක් වෙලා හිස් අතින්ම මිය ගිහින් දුගතියේ යන්නට සිදු වේවි. ඉතින් ඒ වගේ අවාසනාවන්ත දෙයක් ඔබට සිදු නොවේවා.

    වැලන්ටයින් ආපසු රට පටවා වීසා නොදී අසාදු ලේඛණයට ඇතුලත් කරමු.

    තෙරුවන් සරණයි..

    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: deezter and kasun69

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    bohoma pin.dan inna ewon okkoma harak.
    Tika kalayak yana kota owa ebema therenawa.
    ethakota parakku wadei.
    theruwan saranai.....!:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැලන්ටයින් ඩේ
    මදස් ඩේ
    ෆදස් ඩේ

    මේවා දවසකට විතරක් සිමා වෙලා නෑ අපේ ලංකාවේ සංස්කෘතියේ
    හැමදාම වැලන්ටයින් වගේ ආදරයෙන් හැමෝම ඉන්නවා