වැලන්ටයින්_දා_පිදෙන_සෙනෙහස

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැලන්ටයින්_දා_පිදෙන_සෙනෙහස

    valentines_day_graphic_056.gif


    ශීතල කාමරයක් තුල මත්වූ දෙනුවනින්,
    සමරයි වැලන්ටයින් හදපිරි සතුටින්...
    සයුරු වෙරලේ ගල් පරයක් යටට වී,
    මෙතෙක් නොලැබුනු දේ ලබන්නට,
    වෙරදරමින් සමරයි කුඩයකට මුවා වී වැලන්ටයින්…
    වර්ෂයන් ගෙවි ගෙවී නැවත නැවතත් පැමිණෙයි මේ සොඳුරු දින දිවි පුරාවට..
    එහෙත් ඔබ එදා තුටින් සැමරූ වැලන්ටයින් වෙනුවට,
    විටක අද දින ඔබ ලඟට වී ඇත්තේ කඳුල හෝ සුසුම පමණකි..
    තවත් විටෙක වෙනෙකෙකුද විය හැකිය...
    එත් එදා වෙරළට පෙම් බැදි රළ පෙල ශතවර්ෂයක් ගත වුවද…
    මුමුණයි පෙම් කව සුපුරුදු ලෙසම ලෙන්ගතුව...
    ගසකට පෙම්බැදි සුලඟද මුමුණයි පෙම් ගී එදා මෙන් තවමද....
    ඒ ඔවුනට ආදරය කරන්නට ලබන්නට විශේෂ වූ දිනයක් නොමැති නියාවෙනි..
    එහෙත් සිතන්න ඔබ…
    ඔබ අද දින වෙර දරන්නේ..
    ඒ උත්තරීතර ආදරයේ නිකැලල් බව කෙලසන්නට නොවේද ?