වැලිකඩ කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි.

    මෙම ආසාදිතයා සමග සම්බන්ධ වූ අනෙක් රැදවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ද මේ වන විටත් කොරෝනා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

    අදාල සියළු ආශ‍්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kuhaka lapakota ge jvp balo tika welikada desa baluwada danne na.. kerale desa baluwa wage. oya kuhaka jvp ballo tika balan innema me rate corona awith sinhala minissu marenakam .. 88/89 80000 k maruwa , giya awuruddde jvp ibrahim puthalata kiyala 350 k marala lamai 1000kaa wada atha paya nathi kara .:D:yes:;):D

    habai oya kuhaka lapakota billion 6 tiyagena ,ayyalage namata hora building hadala tiyagena jvp ibrahim ge bomben thuwala una eka lamayek ta rupiyalak dunne na . kalakanni kuhaka lapaya :D ;) :yes: :D
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    🔴 සංශෝධනය: කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනු ලැබුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නොව වැලිකඩ බන්ධනාගාරයෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
    #lka #News1st #SriLanka
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    🔴 සංශෝධනය: කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනු ලැබුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නොව වැලිකඩ බන්ධනාගාරයෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
    #lka #News1st #SriLanka
    එහෙම දෙකක් තියේද ?
    වෙනස මොකක්ද බං
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවායේ හිර කරලා ඉන්නේ පාතාලයන්ට මිනී මරුවන්ට එහෙම ඔහොම ලෙඩක් හැදෙන්නෙම නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.


    ඊට අමතරව මෙම රැඳවියා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරය මගින් බවත් එම නිසා පොලොන්නරුව බන්‍ධනාගාරයේද රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද නිරෝධායනට ලක්කරන බව ඒ මහතා කීය.


    මොවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කරනු ලබන්නේ වෙනත් ස්ථානයක නොව ඔවුන් දැනට රැඳී සිටින ස්ථානවලම බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.


    මේ අතර නිරෝධායනට යොමුකර සිටින මේ සියළුම දෙනා සඳහා පීසීආර් පරීක්‍ෂණද සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    second rallak awoth yantham malawila tiyena anura kumarage munata sinawak ei. hagila inne nathuwa eliyata ei :D :yes: ;) :D
     
    • Like
    Reactions: Dr.Amdan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නිරොදායන මද්‍යස්තානයෙන් ඒ කාල සීමව ඉවර කරලා ගෙදර ගිහින් ස්වය්ං නිරෝදායනත් වෙන්න කියන එකේ නිරෝදයන මද්‍යස්තානෙන් බන්දනාගරෙට යවන්න මුන්ට පිස්සුද මන්දා? එක්කෝ හිතා මතාම කොරෝන වැඩි කරන්න හදනවද මන්දා
     
    • Like
    Reactions: Dr.Amdan

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නිරොදායන මද්‍යස්තානයෙන් ඒ කාල සීමව ඉවර කරලා ගෙදර ගිහින් ස්වය්ං නිරෝදායනත් වෙන්න කියන එකේ නිරෝදයන මද්‍යස්තානෙන් බන්දනාගරෙට යවන්න මුන්ට පිස්සුද මන්දා? එක්කෝ හිතා මතාම කොරෝන වැඩි කරන්න හදනවද මන්දා
    වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට



    නිරොදායන මද්‍යස්තානයෙන් hitapu ekek nemei ban muu
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට



    නිරොදායන මද්‍යස්තානයෙන් hitapu ekek nemei ban muu
    ammatasiri. sry. ,කන්දකාඩුව kiiwa gamn meter wenne ara widihata