වැලිවේරිය සංහාරය

]වැලිවේරිය සංහාරයෙන් පසුව උතුරේ දූපත් දෙකකට ගොඩ ගසන මළ සිරුරු කාගේද? හඳුනාගැනීමට ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? දැනට මළ සිරුරු 7 ක් ගොඩගහලා: 2 ක් රහසේම වළ දාලා------
(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.07, ප.ව.11.30) පසුගිය 3 වෙනිදා සෙනසුරා සිට ඊයේ දක්වා උතුරේ දුපත් දෙකක් වෙත අභිරහස් මළ සිරුරු 7 ක් ගොඩ ගසා ඇතත් ඒ පිළිබඳ තොරතුරු යටපත් කිරීමට මරාණ්ඩුව දැඩි උත්සාහයක යෙදෙන බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වාර්තා කරයි.
පළමුවෙන්ම 3 වෙනිදා සෙනසුරාදා මළ සිරුරු 2 ක් පුංගුඩුතිව් දූපතට ගොඩ ගසා ඇති අතර ඒ සිරුරු දෙක මරණ පරීකෂණයක් නොපවත්වා රහසිගතවම වළ දැමීමට අපරාධ ආරක්ෂක ලේකම් වරයා විසින් උපදෙස් දී තිබේ. ඒ උපදේශය අනුව එම මළ සිරුරු දෙක වළ දමා ඇත.
'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වන අන්දමට එම මළ සිරුරු දෙක වයස අවුරුදු 26-27 ක් වන පිරිමි පුද්ගලයෙකුගේ සහ වයස අවුරුදු 30-32 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ වේ. එක් සිරුරක් නිරුවත් වූ අතර අනෙක් සිරුරේ නිල් පැහැති සස්පෙන්ඩරයක් පමණක් හැඳ ඇත. සිරුරු දෙකේම වෙඩි උණ්ඩ පහරක් දක්නට නැත. එක් සිරුරක ඛෙල්ලේ කොඳු ඇට පෙල කැඩී ගොස් ඇත්තේ ප්‍රහාරයකින් මෙනි. එක් සිරුරක දකුණු දනහිසේ ලොකු තුවාලයක් ඇත්තේ බිම දිගේ ඇදගෙන යෑමකදී ලෙලි යෑමක් වැනි ආකාරයට ය. එක් සිරුරක කකුල් දෙකේ මාපට ඇඟිලි ගැට ගසා තිබුනා වැනි සලකුණු ඇත.
මෙම සිරුරු දෙක කිසිවෙකුට නොදන්වා වළ දමා තිබේ.
ඉන්පසුව කයිට්ස් දූපතට තවත් මළ සිරුරු 4 ක් ගොඩ ගසා ඇතැයි එහි පදිංචි ජනතාව විසින් ඊට පසුදා එනම් 04 දා දහවල් 11.20 ට පමණ පොලිසියට දන්වා ඇත. ජනතාව දුටු බවට සාක්කි තිබූ නිසා එම මළ සිරුරු රහසේම වළ දැමීමට නොහැකි වී ඇත. මළ සිරුරු වල කොටස් මාළුන් විසින් කා දමා ඇති අතර සිරුරු 4 ම පිරිමින්ගේ වන අතර 3 ක් නිරුවත් ය. වයස 25 සිට වයස 45 ක පමණ විය හැකි වයස් වලට අයත් වෙති. මෙම මළ සිරුරුවලද වෙඩි උණ්ඩ තුවාලයක් දක්නට නැත. එක් මළ සිරුරක පිට කොන්දේ වම් පස කැපුම් තුවාලයක් දක්නට ලැබේ. මෙම මළ සිරුරු නරක් වී විශාල දුඟඳක් පිටවෙමිත් ඇත. පෙර සිරුරක මෙන්ම මෙහි සිරුරක ද ඛෙල්ල කොඳු ඇට පෙලින් කැඩී ගොස් ඇත්තේ පහර දීමකින් මෙනි. සියළු සිරුරු අඩි 5 යි අඟල් 6 කට වඩා උස වැඩුනු පුද්ගලයන්ගේ ය.
මේ අතර 7 වන මළ සිරුර ද ඊයේ (07) පුංගුඩුතිව් වෙරළට ගොඩ ගසා තිබී ජනතාව විසින් පොලිසිට දන්වා තිබේ. පුංගුඩුතිව් යනු ශ්‍රී ලංකාවට ඈතින්ම තිඛෙන විශාලතම දූපතයි.
රහසේම වළ දැමූ මළ සිරුරු 2 හැර අනෙක් මළ සිරුරු 5 මේ වන විට යාපනයේ පොලිස් මෝචරියේ තබා තිබේ. එහි අධි ශීතකරණ දුර්වල බැවින් වැඩි දිනක් මෙම සිරුරු තබා ගැනීමට නොහැකි වනු ඇත.
මෙම මළ සිරුරු සියල්ල දෙමළ ජාතිකයන්ගේ යයි කිව හැකි විශේෂ ලක්ෂන කිසිවක් නැත. බැලු බැල්මට සිංහල පුද්ගලයන්ගේ බව පෙනී යන්නේ යයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
මෙම මළ සිරුරු හමුවන්නේ වැලිවේරියේ සංහාරයෙන් පසුව වීම විශේෂත්වයකි.
ප්‍රධාන ප්‍රශ්නය නම් ගැහැණුන් දෙන්නෙක් හැට්ට කට්ටකට රණ්ඩු වුනා වැනි පොලිස් නිවේදනයන් නිකුත් කරද්දී මළ සිරුරු 7 ක් වෙරළට ගොඩ ගසද්දී ඒවා හඳුනාගැනීමට උදව් පතා හෝ ඒ ගැන පොලිස් නිවේදනයක් නිකුත් නොකෙළේ මන්ද? යන්නයි. අනෙක් පසින් පළමුවෙන්ම හමුවූ මළ සිරුරු දෙක වළ දැමීමට අපරාධ ආරක්ෂක ලේකම් නීති විරෝධී උපදෙස් දුන්නේ ඇයිද? යන්නයි.
පසුගිය 05 වෙනිදා ලංකා ඊ නිව්ස් වාර්තා කෙළේ වැලිවේරිය සංහාරයේදී ඇපලෝ රෝහල වෙත ගෙන ගිය මළ සිරුරු 3 ක් විනාශ කිරීමට අපරාධ ආරක්ෂක ලේකම් වරයා උපදෙස් දුන් බව සහ සංහාරයේදී 20 ක් පමණ දෙනා අතුරුදහන් බවයි.
පොලිසිය විසින් සෑම මසකම පීජී-3 නම් පොලිස් ගැසට් වාර්තාවක් සකස් කළ ප්‍රසිද්ධ කළ යුතු අතර එහිදී තම ප්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ පූර්ණ විස්තර ලැයිස්තුවක් ඇතුලත් කළ යුතුය. අපරාධ ආරක්ෂක ලේකම් තනතුරට පත්වීමෙන් පසුව එම පීජී-3 වාර්තා ප්‍රසිද්ධ කිරීම අකර්මන්‍ය වී තිබේ. ඒ නිසාම අතුරුදහන් වන පුද්ගලයන් සහ සොයාගන්නා මළ සිරුරු අතර සම්බන්ධයක් සොයා ගැනීම අපහසු වී තිබේ..
https://www.facebook.com/photo.php?fbid=519024374833927&set=a.352802854789414.76666.352796154790084&type=1

Last edited: