වැල වරකා තාරුණ්‍යයේ ආහාරයයි.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැල වරකා තාරුණ්‍යයේ ආහාරයයි.

    ක්‍රිශා වීමලසේනගේ ලිපයක් සිංහල වෙදකම FB වෙබ් පිටුවෙන් උපුටා ගැනීමකි. සියලු ගෞරවය ඔවුන් හට හිමිවිය යුතුය


    https://www.facebook.com/photo.php?fbid=610749529035518&set=gm.919302758082127&type=1&pnref=story


    වැල වරකා තාරුණ්‍යයේ ආහාරයයි.


    10341656_610749529035518_499562028403160505_n.jpg



    ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ,තරුණ පෙනුමද රැකගෙන ,උජාරුවට අවුරුදු 90ක් පමණ ජීවත්වූ අපේ සීයාගේ නිරෝගී කමේ රහස් සොයා මම උන්දෑගේ මහ ගෙදරට ගියෙමි.වත්ත පුරා ඇවිද සෝදිසි කලත්,වැල වරකා ගස් බොහෝමයක් අතුරුදහන් වී ඇත.ඒවා දැන් පුටු ,මේස,අල්මාරි බවට පර්වර්තනය ව් ඇත.
    දෑන් කාලේ අපේ රටේ ඇත්තන් සමහරෙකුට ,වැලවරකා යනු 3 වෙනි පන්තියේ ‘’ චිකෙයි යා’’ කෑමකි.එහෙත් වැල ,වරකා පිලිබදව ලෝකය පුරා කර තිබෙන අධ්‍යන පිළිබද විමසද්දී පසක් වන්නේ,මෙම පලතුර විශාල රෝග ගණනාවක් මට්ටු කරන සුපිරි ආහාරයක් බවය.

    01.පිළිකා මර්දනය කරයි./ඇස් ,සම සුරැකි.
    වැල වරකා වල ආහාරමය තන්තු (fiber) බෙහෙවින් අඩංගුය.මල බුරුල් කරයි.අන්ත්‍ර පටල සුරැකි.පිළිකාකාරක විෂ මහ බඩවලින් ගලවා ඉවත් කරයි.වැල වරකා වල රසායනය ගත් විට බීටා කැරොටින්,සැන්තින්.ලුටින්,බීටා ක්‍රිප්‍රෝසැන්තින් වැනි දුලභ ස්වාභාවික ෆ්ලේවනොයිඩ් වර්ග අඩංගුය,මේවා පිළිකා ඇති කරන නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමට සමත් ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙයි.
    විටමින් A B,E,C වැඩිපුර ඇති බැවින් සම , ඇස් සුරැකි.

    02.බර අඩු කරයි
    මෙහි 98% ඇත්තේ ශක්තියයි.මේදය ඉතාමත් අඩුය,විටමින් B,C හා පොටෑසියම් ලවන ඇති බැවින් ශරීරය දුර්වල නොකොට බර අඩු කර ගැනීමට කදිම ආහාරයකි.

    03.හදවත සුරැකි.
    සොඩ්යම් ලවන ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්ය.ඒ වෙනුවට 100g ක,පොටෑසියම් 303mg පමණඅඩංගු වෙයි.එම නිසා හදවත ට හිතකරය, අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට පිළිසරණ වෙයි.

    04.අස්ථි පද්ධතිය සුරැකි,

    05.ස්වභාවික ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරයි

    06.ත්යිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.

    07.මතක ශක්තිය වැඩි කරයි

    08.AGES නමින් හැදින්වෙන අප සිරුරේ පටක විනාශ කරන ප්‍රෝටීනය,වැල වරකා වල ඇති විටමින් B6 මගින් නිශේධනය කරයි,එනම් තාරුණ්‍ය සුරැකි.

    එනමුත් වැල වරකා අහාරයට ගන්නා විට රුධිරය ආශ්‍රිත රෝග වලින් පෙලෙන්නන්,දියවැඩියාව හා වකුගඩු රෝග වලින් පෙලෙන රෝගීන් වැල වරකා අඩුවෙන් ආහාරයට ගත යුතුය.ඉතාමත් කලාතුරකින් ආසාත්මික විය හැක.

    වැල වරකා වලින් ඇතම් රටවල් ජෑම්,කෝඩියල්,වයින්,ජෙලි සාදයි...
    ජාන වෙනස් නොකළ මේ ඉමිහිරි පැණි වරකා ගස් වලට හෙන ගසන්නට ඉඩදී ,අප කෑමට අවුරුද්දකට පරන වූ ඇපල්ගෙඩි කෝටි 22ක් ආනයනය කරන්නමු.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වටිනා ලිපියක්...බෙදාගත්තට ස්තූතියි...:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැල කිව්ව ගමන් දුවන් ආවා මචන් :love:

    images


    මේවා ගැන හිතගෙන නේද දුවගෙන අවේ :rofl::rofl:

    වැල වල පොටෝ එකෙක් හොයන්න ගුගල් කළා....... ලොවෙත් වැලම තමයි :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela. Dan wala waraka thiya nikan gas wath hoyanna bari kaalayak ban.
    rep denna nam wateta deela enna kiyala kiyanne.

    රේප් නම් ඕනි නැහැ බන්. ලියපු එකට සප් එකක් වෙන්න දාපන් ලයික් එකක්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    images


    මේවා ගැන හිතගෙන නේද දුවගෙන අවේ :rofl::rofl:

    වැල වල පොටෝ එකෙක් හොයන්න ගුගල් කළා....... ලොවෙත් වැලම තමයි :rofl::rofl:

    පල පල යන්න තොගේ අකුරු
    වැරදි ඇති හරියට ආයිත් වැල කීල ටයිප් කරලා
    සර්ච් කරහන්කෝ :frown:

    ලොවෙත් උඹ මේ පැත්තේ එන්නෑ....ගාරාජ් එකට දුවයි ඔයිල් මාරු
    කරන් එන්න :rofl: