වැස්ස තව වැඩි වෙයන් මතකයන් හේදිලා මැකෙන්න!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    වරු ගණන් නිදි නොමැති දෑස් පිය වැසෙන්න
    කාරණා සිදු වුනෙ ම ඈව මග ඇරෙන්න
    කොයි තරම් දැඟලුවත් ආදරෙන් බැඳෙන්න
    මකුළු දැල බැලුවේ ම ගොදුර හිර කරන්න

    සුන්දර ම දවස් ඒ අතීතයෙ ගෙවී ගිය
    අසුන්දර මතක ඇත ඒ මැදින් ගලා ගිය
    හිස්කමක් තනිකමක් දිවි අඹර පිරී ගිය
    ඉතින් තවමත් ඇනේ මතක කටු විටින් විට

    මල් සුවඳ පතා එක මලක් වට කැරකිලා
    අවසනට ඒ මලත් නොකියා ම පර වෙලා
    ඉතින් දැන් සතුටින් ද අසන අන් මල් බලා
    සිනාසෙමි, "මගෙ කොටස මං හොඳින් ඉටු කළා"

    වරක් නොව සිය වරක් වැරදි විදිහට ඇඳුණු
    කටු රූප පිරී ගිය සිතුවමක් සේ පෙණුනු
    තාලයක් නොමැති පද වැලක් සේ මට දැනුණු
    'ජීවිතය' කියන්නෙ ම අත්හදා බැලීම ලු

    කඳුළු දැන් නැවතියන් සිනාවට ඉඩක් දී නැගෙන්න
    ආදරේ උතුරපන් රිදුණු තැන් ටිකෙන් ටික වැහෙන්න
    කෝප ගිනි නිවීයන් දැවුණු සිත ටිකෙන් ටික හැදෙන්න
    වැස්ස තව වැඩි වෙයන් මතකයන් හේදිලා මැකෙන්න!

    1621144294143.png


    ✍
    දසුන් පෙරමුණ.