වැසිකිළි බිත්තිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැසිකිළි බිත්තිය

    vasikili.gif

    ජයනි අබේසේකර

    මෙතන හරි පුදුම දේවල් වෙනවා නෝනා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි හාමුදුරුවරු වගේම ටයි කෝට් දාපු මහත්තුරුත් ඇවිත් මේ බිත්තියේ ලියලා යනවා. අපේ අතටම අහුවුණාම පැනල දුවනවා.’ මේ ඇන්ටා අයියගේ හඬය. කුරුණෑගල නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි පොදු පිරිමි වැසිකිළියක් අබියස ඉඳගෙන වැසිකිළියට යනෙන මගීන්ගෙන් සුළු මුදලක් අය කරගන්නා අතර ඔහු හඬ අවදි කරයි. ඔහුට සහායවෙමින් මා සමග දොඩමළු වේ. ‘මේ වැසිකිළිවලට එන මිනිස්සු ශරීර කෘත්‍ය සඳහා නෙමෙයි තවත් දේවල්වලට මේ වැසිකිළි පාවිච්චි කරනවා. ඉස්කෝලේ යන ළමයි කියල මේ තත්ත්වයේ වෙනසක් නෑ මිස්.’ පොදු වැසිකිලි සමඟ ගැටුණු ඔහුගේ දීර්ඝකාලීන සේවා කාලය තුළ ඔහු අත් දුටු දේ බෙහෝ ය.




    කුරුණෑගල විශේෂත්වය

    ජනාකීර්ණ කුරුණෑගල නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි පොදු පිරිමි වැසිකිළි පද්ධති දෙකකට එබිකම් කර වැසිකිළි සාහිත්‍යයේ නොදුටු පැත්තක් සොයා ගිය ගමනේ සරත් සහ ඇන්ටා පැවසූ දෑ විශ්මයජනකය. මෙකී කාර්යය සඳහා කුරුණෑගල නගරයම තෝරා ගැනීමේ රහස කුමක්දැයි ඔබ සිතනු ඇත.බොහෝමයක් මුලාශ‍්‍රවලින් ද නිරීක්‍ෂණයෙන් ද මෙවැනි කාර්යයක් සඳහා කුරුණෑගල නගරය විශේෂිත වන කාරණා කිහිපයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හේතුවෙන් මිනිසුන් අත මුදල් ගැවසීමත්, කොළඹ නගරයට ගණිකාවන් සපයන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කුරුණෑගල නගරය හඳුනාගෙන තිබීමත්, ප‍්‍රධාන නගර රාශියක් අතර කේන්ද්‍රීය නගරයක් නොහොත් ප‍්‍රධාන නැවතුම්පොළක් වශයෙන් කුරුණෑගල පැවතීමත් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය අධිකවීමත් යන කරුණුවලට අමතරව බාහිර උපකාරක පන්ති පැවැත්වෙන ජනප‍්‍රිය නගරයක් වීමත් යන කරුණු මත කුරුණෑගල නගරයත් එහි ප‍්‍රධාන බස් නැවතුම්පොළත් මෙවැනි නිරීක්‍ෂණයක් සඳහා කදිම තේරීමක් වනු ඇත.





    අතීතය හා පොදු අවකාශය

    මිනිසා තුළ පවතින බිත්ති කුරුටුගෑමේ ආශාව මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට මානවයා තුළ පැවති ආසාවකින් ශේෂ වූවක් ලෙස සැලකිය හැකිය. ස්පාඤ්ඤයේ ඇල්ටමීරා, ප‍්‍රංශයේ ලැස්කෝ ගුහාවන්හි ආදී මානවයා ස්වභාව දහමේ අත්දුටු දේ ප‍්‍රතිනිර්මාණය කිරීමට, තමන්ට සමීප සන්නිවේදන මාර්ගයක් සකස්කර ගැනීමට දැරූ උත්සාහය ගුහා බිත්ති තුළින් හමුවී ඇත. අතිශය ප‍්‍රාථමික යුගයක සිය අදහස් හැඟීම් ප‍්‍රකාශ කරනු ලැබූ එම මධ්‍යම සන්නිවේදන තාක්‍ෂණය අතින් අතිශය දියුණු නූතනයේද තවමත් භාවිත වන නොනිල මාධ්‍යයක්ව ඇති බව හැෙඟනුයේ පොදු ස්ථානයන්හි බිත්ති තාප්ප පුරා විවිධ අදහස් හා හැඟීම් ප‍්‍රකාශන සුලභව දැකගත හැකිවීමෙනි. පොදු අවකාශයක් තුළ සටහන් තැබීම යන්න සියවස් ගණනාවක් පසු කිරීමෙන්ද දියුණු මානව සන්නිවේදන අවදියකට පිවිසීමෙන්ද නොනැවතී තවමත් එලෙසින්ම භාවිතයට ගැනීම තුළ එකී ප‍්‍රකාශන මාධ්‍යයට යම් වටිනාකමක් ඇත. වත්මන් සන්නිවේදන ක‍්‍රමවේදයන්ගේ දියුණුව නිසා පසුකාලීනව මෙය මහා සංස්කෘතියෙන් ඛාදනය වී උපසංස්කෘතික ලක්‍ෂණ ලෙස මතුවිය. මේකී පොදු අවකාශය වැසිකිළි බිත්ති හතරකට මැදිවීම තුළ ප‍්‍රකාශනයට ඇති වත්මන් අයිතියේ දිග පළල පැහැදිලිය.




    නිදහස් අදහස්

    පොදු වැසිකිළි බිත්ති පුරා අඟුරු කැබලි, පාට පෑන්, පැන්සල් භාවිත කරමින් විවිධ ප‍්‍රකාශ සටහන් කර තිබීම සුලභ දසුනකි. පාසල්, පුස්තකාල, සිරමැදිරි විශ්වවිද්‍යාල වැනි ස්ථානවල බිත්තියක හෝ තාප්පයක ලියා ඇති කුරුටු ලියවිලිවලට වඩා පොදු වැසිකිළි අවකාශයක ලියවී ඇති කුරුටු සටහන් වෙනස් මගක් ගනී. පොදු වැසිකිළි අවකාශයක ලියවී ඇති කුරුටු සටහන් කිසිදු මතවාදීමය බලපෑමකින් තොරව නිදහසේ ප‍්‍රකාශ කරුණු ඒවා වේ. මෙය එක්තරා අයුරකින් විකල්ප ප‍්‍රකාශයක් ලෙස හඳුනාගත හැකිය. පොදු වැසිකිලි ස්ථානයක ලියැවෙන කුරුටු සටහන් වඩාත් සුවිශේෂී වනුයේ නිදහස් ප‍්‍රකාශනයට තිබෙන ඉඩකඩ නිසා මෙන්ම ඒ තුළ ගොඩනැගෙන අතිශය පුද්ගලික පරිසරය හේතුවෙනි.




    සන්නිවේදන මාධ්‍ය

    පොදු වැසිකිළි අවකාශය තුළින් සපිරෙන මෙම මූලික තත්ත්වයන් හේතුවෙන් සමාජයේ යම් පිරිසක් සිය ලිංගික අවශ්‍යතා හා ආවේගයන් සමාජගත කිරීම සඳහා පොදු වැසිකිළි යොදා ගෙන ඇත. කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි පොදු පිරිමි වැසිකිළි පද්ධතියෙහි ලියවී ඇති කුරුටු සටහන් නිරික්‍ෂණයේදී එම සටහන් මූලිකවම දේශපාලනික විරෝධාකල්ප දැක්වීම්, ප‍්‍රසිද්ධ හෝ තමන් පෞද්ගලිකව හඳුනන පුද්ගලයින් වෙත කෙරෙන අපහාස හා විකෘති ලිංගිකත්වය පදනම් කරගත් කුරුටු ලියවිලි වශයෙන් කාණ්ඩ කළ හැකිය.
    ලිංගික අවශ්‍යතා හා ආවේග ප‍්‍රකාශිත සටහන් අසලින් දුරකථන අංක සටහන්ව තිබීම දැකගත හැකි විශේෂත්වයකි. එම දුරකථන අංක ප‍්‍රකාශනය සටහන් කළ පුද්ගලයින්ගේ නම් එම සටහන යම් ලිංගික අවශ්‍යතාවක් ප‍්‍රකාශ කරන්නේ නම් එයට එකඟ පුද්ගල ප‍්‍රතිචාරයක් පෙරළා බලාපොරොත්තු විය හැකිය. මෙම මූලික පදනම ඇතිව හිතවතෙකුගේ දුරකථන අංකයක් එහි සටහන් කර තබා එහි සටහන් දුරකතන අංක රැුගෙන යාමට කටයුතු කළේ එවැනි සන්නිවේදනයක් සැබෑ ලෙසටම සිදුවන්නේ නම් පොදු වැසිකිළි අවකාශය සමාජයේ යම් පිරිසක් සිය සන්නිවේදන මාධ්‍ය වශයෙන් භාවිත කරන බව තහවුරු කළ හැකි බවට වන විශ්වාසයකිනි.

    නිරීක්‍ෂිත වැසිකිළි බිත්තියේ සටහන්ව තිබූ පැහැදිලිව හඳුනාගත හැකි මට්ටමේ දුරකථන අංක 490 කින් 57% ක ප‍්‍රමාණයක් එම වැසිකිළි බිත්තියේ සටහන්ව තිබූ මාගේ ගමන් සගයාගේ දුරකථන අංකයට සිය ලිංගික අවශ්‍යතා ප‍්‍රකාශ කරමින් ප‍්‍රතිචාර දැක්වූ අය විය. වැසිකිළි බිත්තියේ ලියා ඇති අතිවිශාල දුරකථන අංක ප‍්‍රමාණය යම් පිරිසකගේ හුදු සරල විනෝද කි‍්‍රියාවක්ද නැතිනම් එම දුරකථන අංක යම් පණිවිඩයක් සමාජයට දීමෙන් ප‍්‍රතිචාර බලාපොරොත්තු වන්නන්ගේ ද යන්න ප‍්‍රායෝගිකව විමසා බැලීමට දැරූ උත්සාහය සඵල කරමින් ගමන් සගයාගේ දුරකථන අංකය වෙත ඇමතුම් ලබා දුන් සියලූ පිරිස වැසිකිළිි බිත්තියේ සිය ලිංගික අවශ්‍යතාව ප‍්‍රකාශ කළ පිරිසම වීම ද සුවිශේෂිය. වැසිකිළි බිත්තියේ සටහන්ව තිබූ දුරකථන අංකවලින් බහුතරයකට අප විසින් ඇමතුම් ලබා දෙනු ලැබූ අතර දළ වශයෙන් ඉන් 75%කට වැඩි පිරිසක් හුදු ව්‍යාජයක් නොවන අතර සැබෑ ලෙසම තමාගේ යම් යම් ලිංගික අවශ්‍යතා වෙනුවෙන් යම් පුද්ගලයෙකු හෝ එවැනි පිරිස් බලාපොරොත්තු වන්නන්ගේ වීමද සුවිශේෂි වේ. ඒ අනුව එම දුරකතන අංක බහුතරය සැබෑ ලෙසම යම් ලිංගික අවශ්‍යතාවක් සහිත පුද්ගලයන්ගේ වන බව කිව හැකිය. එසේ නම් වැසිකිළි බිත්තියෙහි ලියවෙන සටහන් හුදු ප‍්‍රකාශනයක් පමණක් නොවන සමාජයේ සක‍්‍රීය මාධ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වන්නක් බව පැහැදිලි ය.

    ලිංගිකත්වය පිළිබඳ ප‍්‍රසිද්ධියේ කරනු ලබන ප‍්‍රකාශන ඉතා විරලය. ජනමාධ්‍ය අතිශය දියුණු සමාජ වටපිටාවක වුවද ප‍්‍රසිද්ධියේ එවැනි වූ කාරණාවක් සාකච්ඡුාවට බදුන් නොවන තරම්ය. ඒ අනුව සමාජගත පුද්ගලයින්ගේ අභ්‍යන්තර ලිංගික ආවේග පොදු සමාජයට නිදහස්වන මාධ්‍ය වශයෙන් ගුවන්විදුලිය, රූපවාහිනිය හෝ පුවත්පත සැලකිය නොහැකිය. එහෙයින් වැසිකිළි බිත්තියක සටහන් කරනු ලබන ලිංගික ප‍්‍රකාශනයන්ට ඇති සමාජගත අරුත බෙහෙවින් වැදගත් වේ. නිදහස් මාධ්‍යයක් වශයෙන් කිසිදු බලපෑමකට යටත් නොවී පෞද්ගලිකභාවය සුරැුකෙන පොදු වැසිකිළි අවකාශයක් තුළ ලිංගික අවශ්‍යතා හා ආවේග ප‍්‍රකට කරන සමාජ කණ්ඩායම කවරේද? දුරකතන අංක සටහන් නොකළ ද විවිධ බැණ වැදීම්, සටන් පාඨ, කාටුන් වැනි සටහන් බිත්ති පුරාවට ඇත.
    ‘ලිංගිකත්වය’ හුදු වචනාර්ථයෙන් එහා ගොස් සමාජයක මානව බැඳීම් තහවුරු කෙරෙන මානව බැඳීම් ගොඩනගන්නක් ලෙස හ`දුනා ගත් විට ලිංගිකත්වය සමාජයකට අවශ්‍යය. මිනිසාට ලිංගිකත්වය වි`දිමට ඇති නිදහස මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය විසින් පිළිගත්තද ඒ ඒ රාජ්‍යයන් තුළ එය නිර්වචනය කරගන්නා ස්වභාවය අනුව මිනිසාට ‘ලිංගික වාරණයන්’ පැනවෙනුයේ අප‍්‍රකාශිතවය. ලංකාවේ ‘සමලිංගිකත්වය’ පිළිනොගනී. මා සමග සිටින අනෙකා සමලිංගිකයෙකු නම් ඔහු හෝ ඇය දෙස වපරැුසින් බැලීමට ඔහු හෝ ඇයගෙන් දුරස්තව සිටීමට මා පෙළඹෙන්නේ සංස්කෘතික හර පද්ධති විසින් දිගුකාලීනව මා තුළ පුරුදු පුහුණු කළ ‘සමලිංගිකත්වය තරම් දරුණු පහත් වෙන දෙයක් නොමැතිය යන අදහසිනි. විරුද්ධ ලිංගිකයෙකු කෙරෙහි මා තුළ ඇති කෙරෙන ආකර්ෂණයම ඔහුට හෝ ඇයට තම සමාන ලිංගිකයා කෙරෙහි ඇති කෙරෙන්නේ නම් එය වරදක් ද?

    තරුණියකට ලිංගික හිරිහැර කළ තරුණයකුට එම තරුණිය පහර දුන් පසු තරුණියගේ මොළය පරීක්‍ෂා කළ රටක ‘සමලිංගිකත්වය’ දැඩි දඬුවම් දිය යුතු වරදක් හෝ මොළේ විකෘතියක් ලෙස නිර්වචනය කර ගන්නේ නම් එය ද පුදුම විය යුතු නැත.
    ලිංගිකත්වය සිරගත කළ සමාජයක ස්වකීය ලිංගික අයිතීන් උදෙසා ඒකරාශී වන සමාජ පැළැන්තියකට අයත් නොමැති මිනිසුන් සිය ප‍්‍රකාශනය සමාජගත කිරීමට වැසිකිළි බිත්තිය තෝරා ගෙන ඇත. සදාචාරය රැුකගත යුතු සේම සදාචාරය පෙරට දමා අනෙකාගේ ලිංගික අයිතීන් සොරා ගැනීම සාධාරණය කළ නොහැකිය. සදාචාරය පිළිබ`ද කටමැත දොඩවන ඊනියා සදාචාරවාදීන් කොතරම් සිටියදීත් වැසිකිළි බිත්තියක වැසිකිළි සාහිත්‍යය විසින් නිහඬව හ`ඩගා කියනුයේ කුමක්ද?




    සමලිංගිකත්වය

    දුරකතන ඇමතුම් ලබා දුන් සමස්ත පිරිස කොටස් දෙකක් වශයෙන් දැක්විය හැකිය. සමස්ත දුරකතන ඇමතුම් ලබා දුන් සංඛ්‍යාවෙන් (278* 81%ක් සමලිංගිකයින් වන අතර 19%ක් වන ඉතිරි පිරිස විවාහක යුවළකට ලිංගික සහකරුවෙකු සොයන්නන් වීම සුවිශේෂි වේ. දුරකතන අංක සටහන් නොකළ ද විවිධ බැණ වැදීම්, සටන් පාඨ, කාටුන් වැනි සටහන් බිත්ති පුරාවට ඇත.
    ලංකාවේ සම ලිංගිකත්වය හෙළා දකින ප‍්‍රසිද්ධියේ පිළිකුල් කරන විවෘතව සාකච්ඡුාවට ලක් නොකරන වටපිටාවක වැසිකිළි බිත්තිය සන්නිවේදන මාධ්‍ය කරගනිමින් සමලිංගිකයින් සිය අනන්‍යතාව සමාජයේ සඟවා තබයි. පොදු වැසිකිළි බිත්තිය ඔවුන් සතු ප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය වේ. මේ තොරතුරු මගින් හෙළි කරන අනෙක් ප‍්‍රධාන කරුණ නම් විවාහක යුවළක් සමඟ එක්ව ලිංගික සබඳතාවකට වෙනත් සහකරුවකු සෙවීමේ සංස්කෘතික ලක්‍ෂණයක් බිහිව තිබීමයි.

    කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි ප‍්‍රධාන වැසිකිළි පද්ධති දෙකෙහිම සටහන්ව තිබූ ප‍්‍රකාශන බහුතරය සමලිංගික චර්යාවන් හා සමලිංගික අවශ්‍යතා පදනම් කරගැනීමෙන් සමලිංගිකයින් සිය ප‍්‍රකාශනය සදහා තෝරාගත් මාධ්‍ය පොදු වැසිකිළි බිත්තිය වී ඇති බව පැහැදිලිය.මෙවැනි ප‍්‍රකාශන අතර දේශපාලනික විරෝධාකල්ප හා වෙනයම් හාස්‍ය උපදවන ප‍්‍රකාශන හා කාටුන් චිත‍්‍ර ප‍්‍රබල වශයෙන් දැකගත හැකි අතර ප‍්‍රමාණාත්මකව ගත්තද එවැනි ප‍්‍රකාශන ලිංගික අවශ්‍යතා හා ආවේග ප‍්‍රකාශිත සටහන්වලට වඩා බෙහෙවින් අඩු අගයක් ගනී. එය අවම ප‍්‍රමාණයක් වුවද එම සටහන් ද ඇතුළුව ලියවී ඇති කුරුටු සටහන් ‘‘ලිංගිකත්වය’’ පදනම්ව ලියවී තිබිම වැසිකිළි සාහිත්‍යයේ විශේෂත්වය වේ.ලියවී ඇති පැහැදිලිව හඳුනාගත හැකි මට්ටමේ ප‍්‍රකාශන 525කින් සමලිංගික අවශ්‍යතා හා ආවේග ප‍්‍රකාශ කරන වැකි 64% ක් ද විවාහක යුවළකට ලිංගික සහකරුවෙකු සෙවීමට අදාළ වැකි සමස්ත වැකි සංඛ්‍යාවෙන් 31% ක් ද වේ. දේශපාලනික විරෝධාකල්ප දැක්වීම හා වෙනත් වැකි 5% බැගින් අවම අගයක් ගනී. ඒ අනුව පොදු වැසිකිිළි බිත්තිය සමාජයේ යම් පිරිසක් අතර සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ව්‍යාප්තව ඇති බව පැහැදිලි ය.





    වෘත්තීන් හා සමාජ පසුබිම​

    මෙකී පිරිස වෘත්තීමය වශයෙන් හඳුනාගැනීම වැදගත්ය. පොදු වැසිකිළි අවකාශය ප‍්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් භාවිත කෙරෙන සමාජ කොට්ඨාසය වෘත්තීමය වශයෙන් හඳුනා ගැනීමේදී දුරකථන ඇමතුම් ලබා දුන් සමස්ත පිරිස ප‍්‍රධාන වෘත්තීය කාණ්ඩ 3 ක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව දුරකථන ඇමතුම් ලබා දුන් පිරිසෙන් 64% ක් හමුදා සේවයේ නියුක්ත සෙබළුන් වන අතර 21% ක් කුරුණෑගල නගරය අවටම හෝ ඒ ආශ‍්‍රිත නගරවල සුළු වෙළෙදාම්වල නියුක්ත පිරිස් වන අතර 15%ක් වන පිරිසක් විවිධ වෘත්තීන්හි හා සේවාවන්හි නියුක්ත පිරිස් වේ. මේ පිරිස අතර පාසල් ගුරුවරුන්ද භික්‍ෂුන් වහන්සේලාද වීම සුවිශේෂිය. මෙම සමස්ත පිරිස ස්වකීය ලිංගික අවශ්‍යතා ප‍්‍රකට කිරීම සඳහා සන්නිවේදන මාධ්‍ය වශයෙන් පොදු වැසිකිළි බිත්තිය භාවිත කරන්නන් වේ. ඔවුන්ට අනුව එය සිය අනන්‍යතාව හා රහසිගතභාවය ආරක්‍ෂා වන ස්ථානයකි.වෘත්තීයභාවය අනුව මෙම තත්ත්වය වෙනස් මානයකින් හඳුනා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලැබේ. පරිගණක සාක්‍ෂරතාව අවම හෝ නොමැති පිරිස් පොදු වැසිකිළි බිත්තිය හරහා ඒකරාශි වී ඇති බව පැහැදිලිය.

    මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ස්වකීය අදහස් වඩාත් පුද්ගලික මට්ටමෙන් හුවමාරු කරගනිමින් මෙකී කාර්යයම සිදුවන වටපිටාවක එවැනි දැනුමක් නොමැති පිරිසක් සිය ප‍්‍රකාශනය සඳහා පොදු වැසිකිළි බිත්තිය වැන්නක් සිය සන්නිවේදන මාධ්‍ය ලෙස භාවිතයට ගෙන ඇත. ලිංගිකත්වය හුවා දැක්වෙන රූපසටහන් වැසිකිළි බිත්ති පුරා ඇඳ ඇති අතර එම රූපසටහන් බහුතරය පුරුෂ ලිංගික අවයව ඉස්මතුකර දැක්වීම කෙරෙහි යොමු වී තිබේ.





    සදාචාරය​

    රටේ අධ්‍යාපනය, නීතිය හා සමාජ සාරධර්මවල පිරිහීම විසින් ඇති කර තිබෙන බලපෑම නිහඩ සාක්‍ෂි ලෙස වැසිකිළි බිත්තිය සපයා ඇත. යුද මානසිකත්වයෙන් ඔද්දල් වූ සමාජයක ඓශ්චර්යමත් දේශයක් කරා රැුගෙන යාමට වලිකන මෙරට දේශපාලන බලාධිකාරිය ක‍්‍රමිකව වනසමින් තිබෙනුයේ රටේ ආචාරධර්මීය පදනමයි. සිවුරු පොරවාගත් බලසේනා මොරදෙනුයේ සුළු ජාතීන් තලා පෙළා දිනා ගන්නා සිංහල බෞද්ධ දේශයක් දැකීමටයි. මේ සියල්ල සිදුවනුයේ එහෙව් රටකය. මානව ප‍්‍රකාශනය සිරගත කළ සමාජයක සාධාරණ මිනිස් අවශ්‍යතාවන් හෙළා දැකි සමාජයක හඬක් නැති ඒ පිරිස් සිය හඬ නිහඬව අවදිකර ඇත. ඒ තුළ සන්නිවේදනය වනුයේ සමලංගිකත්වය ම පමණක් නොව විකෘති ලිංගික අවශ්‍යතා ප‍්‍රකට කෙරෙන එම පරිසරය කුරුණෑගලට පමණක් හෝ එහි ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි පොදු පිරිමි වැසිකිළි පද්ධති දෙකකට පමණක් සීමා වූවක් වූ හෝ නොව රටේ සමස්ත නියෝජනයට මෙය අදාළය. සතිපතා වැසිකිළි බිත්ති පුරා ලියවෙන සටහන් ක‍්‍රමිකව වැඩිවීමෙන් වැසිකිළි බිත්තිය සක‍්‍රීය සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් මෙන්ම සමාජගත පිරිසකගේ එකම ප‍්‍රකාශන අවකාශය වී ඇති බවද පෙනේ. අනෙක් අතින් වැසිකිළිි බිත්තියක ලිංගිකත්වය පමණක් නොව දේශපාලනික විරෝධාකල්ප දැක්වීම කෙරෙහි මිනිසා යොමු වී තිිබීම තුළ දේශපාලනිකව පුද්ගලයා තුළ ගොඩනැගෙන යම් යම් විරෝධයන් ප‍්‍රකාශනයට පනවා ඇති සීමා කිරීම් වැසිකිළි බිත්ති මත මුදාහැර ඇත. සදාචාරවාදීන්ට අනුව ගණිකා වෘත්තිය, සමලිංගිකත්වය, ගබ්සාව සදාචාර විරෝධී බරපතළ ගණයේ අපරාධ වේ. මේ ස`දහා ඉඩ ලබාදීම ලාංකේය සංස්කෘතිය සෝදා පාලූවට ලක්වීමක් වේ. එහෙත් එකී සදාචාරවාදීන් සිහිපත් කළ යුතු යමක් ඇත. උක්ත කාරණා ස`දහා නිදහස් අවකාශයක් රට තුළ අහිමි වුවද ඒවා එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් නිහඬව හා අවිධිමත් ලෙස ඔබ මා ජීවත් වන මේ සමාජයේ ක‍්‍රියාත්මක වේ. දෑත් එක් කොට තදකර වසා සිටියද ඇ`ගිලි අතරින් ගලන ජල සීරාවක් සේ විවිධ මුහුණුවරින් නොනැවතී සමාජයේ ක‍්‍රියාත්මක වේ. වාරණය පැනවෙන තරමටම එය අවිධිමත් ලෙස සංවිධානගතව හෝ නොමැතිව සිය ප‍්‍රකාශනය ස`දහා අවකාශයක් සොයා මේ පිරිස් අනවරත ගමනක යෙදීම වැළැක්විය නොහැක්කේ එක් පසෙකින් එය සිය හිමිකම් සොයා යෑමක් නිසාවෙනි.



    http://ravaya.lk