විකල්ප යෝජනාවලියක්!

obama2

Member
Apr 18, 2012
424
30
0
විකල්ප යෝජනාවලියක්!

එක්සත් සංයුක්ත වමකට විකල්ප යෝජනාවලියක්!

Posted: 1:56 pm, July 12, 2014
52102263_iron_dome_464_2.gif





මේ වන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි.. පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා වූ දෘෂ්ඨිවාදී විශ්ලේෂණයක් බව අපේ පිළිගැනීමයි. එසේ නොවන තාක් කල් අපට ක්‍රමයට එරෙහිව යැයි කියමින් විවිධ දෑ කරමින් තනි තනිව සතුටු වන්නට පුලුවන. මේ නිසා පවතින ක්‍රමයට එරෙහිව සංයුක්ත වාමාංශික ව්‍යාපාරයක් උදෙසා වූ දෘෂ්ටිවාදී අරගලය ප්‍රමුඛ යැයි පිළිගන්නා අප, සියළු දෙනාට පහත යෝජනාවලිය ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න යැයි ආරාධනා කරන්නෙමු.


ලංකාවේ බොහෝ දෙනා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ පාලනයක් වෙනුවෙන් විවිධ යෝජනා කරයි. පවතින ක්‍රමයට අදාල දෘෂ්ටිවාදය සහ මර්ධනය ඇත්තේ අප සිතන තැන් වල නොවේ. අවම වශයෙන් එල්.ටී.ටී.ඊ ය විසින් සිංහල රාජ්‍යෙය් මතවාදී සහ මර්ධිත ආයතන වල ප්‍රමිතිය ඉහළ දමා තිබූ අතීතය අමතක කළ යුතු නැත. සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. 2009 ට පසු මෙම තත්ත්වය අහෝසි විය. දැන් ආරම්භයක් ලෙස අපට විපක්ෂ බලවේග වලට පහත යෝජනා ඉටු කිරීමට පෙළඹවිය හැක. අනාගතය පිවිතුරු කරන්නට යන අයට මේ යෝජනා විෂ විය හැක. ( ලෝකය පිවිතුරු කිරීම අවසන් වන්නේ රුධිරයෙන් නැහැවීමෙන්ය. )


01- කෑලෑ ඇදුම් අදින සියළුම නිළධාරීන්ට තමන්ගේ සාමාන්‍ය නිල ඇදුම ඇදීමට යෝජනා කිරීම.


02- පොලීසියේ අතිරික්ක බලකායක් වන විශේෂ කාර්ය බලකාය විසුරුවා හැර එහි සියළු නිළධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්ත කිරීම.


03- පුරුද්දක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් ඇමරිකාවට යැවීම අත් හිටුවා ඒ අයව යුරෝපයේ හමුදා ඇකඩමි වලට යැවීම.


04- උද්ඝොෂණ සහ රැළි විසිරුවා හැරීමේ දී ශරීරයට කරන පහර දීම් සදහා අදාල නිළධාරීන්ට විනය පරීක්ෂණ පැවැත්වීම.


05- මානව හිමිකම් නීතිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මූලික නීතිය බවට පරිවර්තනය කිරීම.


06- මින් ඉදිරියට රටතුළ අභ්‍යත්තර සිවිල් යුද්ධ මර්ධනය කිරීමට හමුදාව යොදා ගැනීමට ඇති ව්‍යවස්ථාපිත හැකියාව දේශපාලකයන්ට නැති කිරීම( වෙනත් රටකට එරෙහිව හැර-උදාහරණයක් ලෙස ඉන්දියාව සිය මාවෝවාදී අරගලය මර්ධනය කරන්නට ත්‍රවිධ හමුදාව යොදා නොගැනීම) එවිට ඔවුන් ප්‍රශ්ණ වලට දේශපාලන උත්තර දීමට පුරුදු වනු ඇත.)


ඉහත යෝජනා කිසිවක් ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා කිසිදු සිංහල දේශපාලන පක්ෂයක් කැමති නොවනු ඇත. එබැවින් ඉහත අප යෝජනා කරන සාර්වත්‍රික දේශපාලන නිදහස සදහා සටන් කළ යුත්තේ කා සමගද? ඔබගේ අනාගතය රැදී පවතින්නේ එස්.එම් මරික්කාර් හෝ සාගල රත්නායක අතේද? නැතහොත් සොක්‍රටීස් හෝ හෙබ්ස් අතේද? අපි මෙවර කාට හරි කඩේ යන්නේ නම් අවම වශයෙන් එක බිත්තරයක් හෝ අපේ සාක්කුවේ දමාගත යුතුය. එසේ නොවුන හොත් නිසි මොහොතකදී චන්ද්‍රිකා ගේ කාලයේ සනත් ගුණතිලක ලෙසින් ද? මහින්ද ගේ කාලයේ සජින් වාස් ලෙසින් ද අනාගත කවුරු හරි විපක්ෂ නායකගේ යුගයේ කවුරුන් හෝ වාඩි වනු ඇත. සංගීත පුටු තරගයකට පසු අවසානය තීරණය කරනවාද නැතහොත් දේශපාලනයේ ඇති මොහෙයුම් හැකියාව ප්‍රයෝජනයට ගන්නවාද? සෑම තැනකම කප්පම්කාරයන් රජ කරන විට මේ ක්‍රියාව අතිශය දුෂකරය. නමුත් එය විහිළුවක් නොවේ.




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට රනිල් කැමතිවෙයි, ජේ වී පි කාරයෝත්ය් කැමති වෙයි.( 06) අතහැරලා

    03 වැදගත් නැහැ එච්චර
    06 කරන්න අමාරුයි. සිහින දේශයක , ඔයගොල්ලෝ කියන්නා වගේ අහසේ විප්ලව කරන අයට කියන්න පුළුවන්. තමාගේ දර්ශනය මිනිස්සුන්ට හාඅ සමාජයට කොච්චර දෙන්න පුලුවන්ද?? කොච්චර ප්‍රායෝගිකද? දේශපාලනය කියන්නේ දේශනා පවත්විම හා සින්දාන්ත පමණක් නම් ඔබලා ඔය පතුරුගහන විප්ලවය මෙලාකටත් සිද්ද්වේලා එවරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරටු ගාමි මොඩයො, කොරන්ඩ පුලුවන් අටමගලයක් කියපන් බන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෙරටු ගාමි මොඩයො, කොරන්ඩ පුලුවන් අටමගලයක් කියපන් බන්

    අන්න හරි ....... බන් මුන්ගේ විප්ලව අහසේ කරන්න වෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න හරි ....... බන් මුන්ගේ විප්ලව අහසේ කරන්න වෙන්නේ.
    :yes::yes: මේ මිහරක්ට මොලේ නැ බන්,මුන් අබිධර්මට දේශනා කරනව හරියට පන්සිල්වත් නොදන්න පිරිසකට. ගොන් බුරුවො රැලක්
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    රට අැතුලේ ඉන්න බුද්ධිමත්තු ටික පිටරට යන ඒක නවත්තන්න ඔන.. අධ්‍යපනයට හා නව නිර්මාන කරුවන්ට රජයෙන් කිසිම අවධානයක් නෑ.. ඒ්කයි ලංකාව දියුනු වෙන්නේ නැත්තේ.. අනික බඩ ගොස්තර මහ රජුෙගේ familyය අැතුළු ගෙං අැමති හා මන්ත්‍රි මන්ඩලය..