වික්ටර්ට මොකද වුණේ... පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    වික්ටර්ව කෑවේ ඔය දැන් ඉන්න ගෑණි..ඒ ගෑණිගෙ මම අමුතු ගුප්ත ගතියක්‍ මූණෙන්ම පේනවා..

    age gap ekath ekka victor karaya ganige wahalek wage aththe wandagana pora gani kiyana padeta natanawa victor ge visa awith ne thiyenne gani nam goda.
     
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,630
    6,182
    113
    වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ දයාය. ඒ තරමට වික්ටර් - දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද...? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුර මෙසේය.

    ප‍්‍රශ්නය - ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද...?

    පිළිතුර - වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්...

    රැසක්...රැසක්...’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනාගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්... පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම, පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ... පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්... ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ... ඒ, 1971 වසරේ විතර...

    ප‍්‍රශ්නය - ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..,.

    victor3
    පිළිතුර - ඔව්... අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ...

    ප‍්‍රශ්නය - වික්ටර් රත්නායක මහතා දෙවැනි වරට විවාහ වෙන්න යන අවස්ථාවේ දී ඒ සඳහා ඔහුගේ දරුවන් විරුද්ධ වෙනවා. එහිදී ඔබ දරන්නේ කිනම් ස්ථාවරයක් ද...?

    පිළිතුර - මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා

    ”දයා මාමා... හරි වැඬේ... ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා ...’’ කියලා කිව්වා...

    ”ඒ මොකද කියලා’’ මම ඇහව්වා

    ” පොඩි අවුලක් වුණා ඊයේ... අපි ගිහිල්ලා, ඊයේ තාත්තාට අවවාදයක් දුන්නා. තාත්තා අපි සේරම එලෙව්වා. මරණයටවත් එන්න එපා කිව්වා...’’

    මම ඒ පාර, වික්ටර් බලන්න ගියා.

    ”මොකද වුණේ...ජයන්ත මට විස්තරයක් කිව්වා’’

    ” ඔව් මචං... මම දන්න ළමයෙක් මෙහෙ ඇවිල්ලා හිටියා... මුන් කට්ටිය එකතුවෙලා, ඒ ළමයට ගහලා එලෙව්වා...’’

    victor4
    ”කවුද ගැහැව්වේ...’’

    ”ලෙලූම්ගේ වයිෆ් තමයි ගැහැව්වේ... මම මචං, මුන් ඔක්කොම ගෙදරින් එලෙව්වා...’’

    ” දැන් මොකක්ද උඹ කරන්න හදන්නේ’’

    ”බෝතලයක් ගෙනහල්ලා බොමු...’’

    ” දැන් බොන්න බැහැ... මුලින්ම මේක කතා කරලා ඉවරයක් කරගමු... උඹ මේ ගැන හරියට තීන්දුවක් ගනින්...’’

    ” ඒක තමයි මචං, මම මේ ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් ඉන්නේ...’’

    ” මේ වැඬේ සීරියස් ද...’’

    ”ඔව් මචං දැන් අවුරුදු ගාණක් අපි මේ ආශ‍්‍රය කරගෙන ගියා... ඒ ළමයත් කැමතියි... දැන් මේක නවත්වන්න බැහැ.’’

    victor5
    ” එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ... නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්... නැත්නම් මේක නවත්වපන්... උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ...’’

    මෙහෙම කතා කරලා, මම එන්න ආවා. පහුවදා වික්ටර් ඇවිල්ලා, මාව හමු වුණා.

    ”මචං වැඬේ බරපතළයි. මට මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ... උඹ මොකක්ද මේ ගැන කියන්නේ...’’

    ”මුලින්ම උඹේ තීන්දුව කියපන්...’’

    ”ඒ ළමයා බඳින්න කැමතියි. මාත් කැමතියි...’’

    ”එහෙනම් මේ වැඬේ කරපන්...’’

    ”කොහොමද මචං මේක කරන්නේ’’ කියලා වික්ටර් මගෙන් ඇහැව්වා...

    මේ වෙනකොටත් මම මේ ගැහැනු ළමයාව හඳුනන්නේ නැහැ... ඒත් වික්ටර් වෙනුවෙන් මම ඔහුගේ විවාහය සඳහා කටයුතු, ඉතා රහසේම, රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ සූදානම් කළා. මමයි, මගේ වයිෆ් වික්ටර් එක්ක, එක කාර් එකේ එතැනට ගියා. ළමයත් අපිත් එක්ක, අපේ ගෙදර ඉඳලා වෙන කාර් එකක ආවා. වික්ටර්ගේ පැත්තෙන් මම අත්සන් කළා. අර ළමයාගේ පැත්තෙන්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයකු වෙන ජෝර්ජ් අත්සන් කළා. ඔහුත් වික්ටර්ගේ මිත‍්‍රයෙක්... එතකොට වික්ටර්ට හැත්තෑ පහයි... ඒ ළමයාට අවුරුදු තිස් දෙකයි...

    ප‍්‍රශ්නය - මේක නොගැළපෙන කසාදයක් කියලා ඔබට හිතුණේ නැද්ද...?

    පිළිතුර - පළවෙනි දේ තමයි, ඒ දෙන්නාගේ කැමැත්ත... ඒ වෙනකොට වික්ටර්ගේ දරුවෝ ඔක්කොම බැඳලා හිටියේ... බිරිය මැරිලා අවුරුදු දහතුනක් වෙනවා... මේ මනුස්සයාට කාත් කවුරුත් නැතුව ඔහේ ඉන්න බැහැනේ... මේ නිසා, ඒ පැත්තෙන් තමයි මම බැලූවේ... අනිත් එක දරුවෝ එපා කියපු එක, මම එපා කිව්වට නවතින්නේ නැහැනේ...

    ප‍්‍රශ්නය - මේ භාර්යාව නිසා ඒ මහා කලා පෞරුෂය වෙනස් වුණා කියන එක හැමෝම කිව්වා...

    පිළිතුර - ඔය ඊයේ පෙරේදා ආපු වීඩියෝ එක එනකම්, මම එහෙම හිතුවේ නැහැ. මොකද වික්ටර් කියන්නේ, ප‍්‍රතිපත්තිගරුක, කොන්ද කෙළින් තියාගෙන ඉන්න, නම්බුකාර, ආගමානුකූල කෙනෙක්... ඔහුව මෙතැනට වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. එදා මම හිටියේ, මේ දෙන්නාගේ කැමැත්තට සහ වික්ටර්ගේ යහපතට මේ විවාහය හේතුවක් කියන මතයේ... එහෙම වුණාට අද මම ඒ මතය දරන්නේ නැහැ. මම ඒ මතය දැන් වෙනස් කරලා, මේ මිනිහව, විනාශ කළේ මේ ගැහැනිය කියලා, මම කියනවා.

    ප‍්‍රශ්නය - අසරණව වැටී සිටි, වික්ටර් රතනායකයන්, මේ විවාහයෙන් පස්සේ, යළි ප‍්‍රමුදිත වුණා කියලා කියන්න පුළුවන්...?

    පිළිතුර - වික්ටර්ගේ නව නිර්මාණ එළි දැක්කේ නැහැ. ඒත් ඔහුට ගොඩක්, සංදර්ශන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒවායෙන් හොඳ ආදායමක් ලැබුණා. මේ බිරින්දෑට ලොකු ආර්ථික ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. උන්දැ, බැංකුවේ වැඩ කරන කොට කරපු වංචාවක් නිසා, ලොකු නඩුවකට පැටලිලා හිටියා. ඒ නඩුවෙන් ඇය රිමාන්ඞ් වෙලා හිටියා. අඟුණකොලපැලැස්සේ බන්ධනාගාරයේ තමයි හිටියේ... මාත් බලන්න ගියා. වික්ටර් එක්කමයි ගියේ... තාම ඒ නඩුව තියෙනවා. මෙයාට වික්ටර්ගේ සල්ලි ලොකු වුණා.

    ප‍්‍රශ්නය - මේ කාන්තාව මොන ආගමේද...?

    පිළිතුර - මුල් වෙලාවේ එහෙම ආගමක් ගැන මම නම් දැනගෙන හිටියේ නැහැ…

    ප‍්‍රශ්නය - වික්ටර්ගේ සහ ඇයගේ නිවසේ, ආගමික පසුබිම කොහොමද තිබුණේ...?

    පිළිතුර - වික්ටර්ගේ ගෙදර මෙයින් හෝල් එකෙන් එළියේ, තාප්පය අයිනේ, ලස්සන, ලොකු බුදු පිළිමයක් තිබ්බා. තාප්පයට අල්ලලා, ගල් ගුහාවක් වගේ හදලා, අඩි තුනක විතර ලස්සන බුදු පිළිමයක් තියලා තිබ්බා. එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් උදේ හවා, ඒ පිළිම වහන්සේට මල් පූජා කරනවා. එහෙම තමයි ඒ ගෙදර පරිසරය තිබුණේ... වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක්... ඔහුගේ නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම ටී. එන්. එල්. නාලිකාවේ, ස්වාධීන රූපවාහිනියේ බෞද්ධාගමික වැඩසටහන් සඳහා ඔහු සහභාගි වුණා.

    ප‍්‍රශ්නය - මේ අතරේ වික්ටර් අසනීප වෙනවා...

    පිළිතුර - ඔව්... දිගටම එයාට උණ ගන්නවා... අර මනුස්සයා මට කතා කරලා ”බලන්නකෝ දයා අංකල්, උදේටත් උණ, හැන්දෑවටත් උණ... මොකද කරන්නේ කියලා, මගෙන් ඇහැව්වා... ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා... මෙයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා... මෙහෙම යනකොට අපිට වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න තිබ්බා. ඒක නොපමාව කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බා. එහෙම තියෙද්දී පෙබරවාරි මාසයේ ගෙදර ආවා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා. ” මාර්තු මාසයේ මට ෂෝස් ගාණක් තියෙනවා. ලක්ෂ විසි අටක් විතර මට එන්න තියෙනවා. මම දැනටමත් ලක්ෂ අටක් විතර, ඇඞ්වාන්ස් අරගෙනයි, තියෙන්නේ... ඒ නිසා මේක අපි අපේ‍්‍රල් වල කරමු.’’ කියලා, වික්ටර් මට කිව්වා. මාර්තු අගවෙනකොට කොරෝනා ආවා. ෂෝස් එහෙම්ම නතර වුණා. ලෙඬේ වැඩි වුණා. පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා... ටිකට් කපන් එන්න හදන කොටම, හාර්ට් ඇටෑක් එකක් ආවා.

    ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා... මළ මිනියක් දාලා වගේ තමයි ඇඳේ හිටියේ...

    ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ... මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා. දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එතරම් ගෞරවයකින් තමයි, ඔවුන් කටයුතු කළේ...

    වික්ටර්ට සිහිය ආවාට පස්සේ, වෛද්‍යවරු උපදෙස් දුන්නේ, හිතවත්ම අයට ඔහුත් එක්ක කතා කරන්න, එන්න යන්න ඉඩ දෙන්න කියලයි. ඒත් පැමිණෙන පිරිස සීමා කරන්නත් ඕනේ. මොකද විෂබීජ යන්න ඉඩ තියෙන නිසා... ඒ අනුව වික්ටර්ගෙන් එන්න, කතා කරන්න කැමති අයගේ නම් කියලා අහලා තියෙනවා. එයා කැමති වුණේ, මායි කුලයයි (කුලරත්න ආරියවංශ) එනවට... සිහිය ආවාම ඔක්කොම හොඳට මතකයි... ඊට පස්සේ මාස දෙකක් තුනක් පිශියෝ තෙරපි කළා. මම ඒ හැමදාම ගියා. මේ වෙනකොට ලොකු බිලක්, රෝහල් ගාස්තු විදිහට ගෙවන්න තිබ්බා. ලක්ෂ විසි අටක් විතර බිල තිබුණා. ඒ වෙනකොට සල්ලි ඉවරවෙලයි තිබ්බේ. මම මුල් වෙලා අරගෙන දුන්න, ප‍්‍රිමියෝ කාර් එක, මම ලක්ෂ අසූ දෙකකට විකුණලා දුන්නා. ඊට පස්සේ, එයාගේ වයිෆ්ගේ අක්කලාගේ ගෙදර තමයි ඇවිල්ලා හිටියේ... මම ඉතින් හැමදාම බලන්න යනවා. මගේ කාර් එකේ ඇවිදින්න එක්කගෙන යනවා.

    මේ වෙනකොට මම දේවල් කිහිපයක් නිරීක්ෂණය කළා. වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා, මට

    ”දැන් නම් හොඳයි මචං... මම උඹට හෙට උදේ කෝල් එකක් දෙන්නම්...’’ කියලා වික්ටර් ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බා. පහුවදා උදේ එයා කතා කළේ නැහැ. මම අඟහරුවාදා උදේ කතා කළා. එතකොට මට අර වීඩියෝ එක ගැන ආරංචිය ඇවිල්ලා, ඒක බලලයි තිබ්බේ... මම ඒක දැක්ක ගමන් දෙන්නගේ ෆෝන් වලට ගත්තා. දෙකෙන් එකක්වත් ආන්සර් කළේ නැහැ. හැන්දෑවේ හයාමාරට විතර වික්ටර් මට කතා කළා...

    ” උඹ ඊයේ කතා කරනකම් මම බලාගෙන හිටියා...’’

    ”ඔව් බං මට කතා කරන්න බැරි වුණානේ...’’

    ”මොකක්ද බං, මේ උඹේ වීඩියෝ එකක් හෝ ගාලා යන්නේ...’’
    😧