"වික්ටෝරියා වේල්ලේ දොර අරින්න දවස් තුනක්

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    "වික්ටෝරියා වේල්ලේ දොර අරින්න දවස් තුනක්

    1391730_314630148674676_307399144_n.jpg


    "වික්ටෝරියා වේල්ලේ දොර අරින්න දවස් තුනක් අඩි 350ක් යටට කිමිදුණා"

    ගන්න අපේ දේ සංකල්පයේ නිර්මාතෘ, මව්බිම ලංකා පදනම, පැල්වත්ත කිරි සමාගම සහ මාස්ටර් ඩයිවර්ස් ගරු සභාපති ආරියශීල වික්‍රමනායක.

    PHOTO: මුල් වරට භාවිත කළ කිමිදුම් ඇඳුම් කට්ටලය සමඟ....

    ඉංජිනේරුවන් බලාපොරොත්තු වූ පරිදි ස්වයංක්‍රීය දොරටු දෙකෙන් එකක් විවෘත වූයේ නැත. එහෙත් වික්ටෝරියා ජලාශය සෙමෙන් ජලයෙන් පිරී යන්නේය. ඒ 1984 වසරයි. අවුරුදු හතරක් තිස්සේ ඉදිකෙරුණු වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවන මොහොතයි. ජලාශයට පිරෙන ජල කඳ වේල්ලට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්නේ නම් ස්වයංක්‍රීයව විවෘත වී ජලය ගලා යාමට ඉඩ සලසන දොරටු දෙකක් ද ඉංජිනේරු සැලැස්මට අනුව ඉඳිවී
    තිබිණි. මේ ඒ සියල්ලේ සාර්ථකත්වය අත්හදා බලන මොහොතයි. එහෙත්
    අවාසනාවකට මෙන් විවෘත වූයේ එක් දොරටුවක් පමණි. දැන් ජලාශයේ ජල
    ධාරිතාව වේගයෙන් ඉහළ යන්නේය. එය දිනකට මීටරයක් පමණය. දිගින් දිගටම මෙලෙසින් ජල මට්ටම ඉහළ ගියහොත් වේල්ල බිඳී යා දැයි බියක් ඉංජිනේරුවන් තුළ ඇති වන්නට විය. කළ යුත්තේ කෙසේ හෝ ස්වයංක්‍රීය දොරටුව විවෘත කර ගැනීමය. ඒ සඳහා වික්ටෝරියා වේල්ල අසල මහා ජල කඳේ කිමිදීමට අවශ්‍යය. මහවැලි ව්‍යාපෘතියේ අදාළ බලධාරීහු මේ අභියෝගය ජය ගත හැකි කිසිවෙක් සොයන්නට වූහ. වැඩි වේලා නොගොස්ම ඔහුට මේ අභියෝගය පැවරිණි. එවකට ඔහු තිස් පස් වැනි වියේ පසුවූයේය. වයසින් අඩු වුවද, අභියෝගය දැවැන්ත වුවද ලබා ඇති අත්දැකීම් සහ තමා කෙරෙහි දැඩි විශ්වාසයකින් පසු වූ ඔහු අභියෝග නොපැකිල බාර ගත්තේය. අනික් අතට එය තම රට වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක් විය. වේල්ල බිඳී ගියේ නම් මහා විනාශයක් වන්නට ඉඩ තිබිණි. විවෘත වී ඇති දොරටුවත් වසා දැමිණි. ඔහු වික්ටෝරියා ජලාශයේ වේල්ල අසලින්ම ජලයේ අඩි 350 ක් යටට කිමිදුණේය. එක් දිනක් නොව දින තුනක්ම කිමිදුණේය. විවෘත නොවුණ දොරටුවේ ඔහු විසින් රැඳවෙන කේබලයක් දොඹකරයක් මඟින් ඉහළට ඇදීමෙන් දොරටුව විවෘත කරනු ලබන්නේය. එලෙසින් දිය පිරවූ මොහොතේම වික්ටෝරියා වේල්ලට ඇති වූ තර්ජනය ඔහු විසඳා දෙන්නේය. මේ කිමිදුම් නිලධාරියකු ලෙස ඔහු මුහුණ දී ජයගත් අභියෝග රාශියෙන් එකක් පමණි.

    ඒ අතීතය ඔහු මා හමුවේ සිහිපත් කරන්නේ සතුටිනි. “මගේ නම දොන් ආරියශීල ද සිල්වා වික්‍රමනායක. ගම ගාල්ල, බද්දේගම. දැන් කොළඹ බත්තරමුල්ලේ පදිංචි වෙලා හිටියත් මම හැමදාම කැමති ගමට.” ඔහු කතාව ආරම්භ කරන්නේය....

    1949 සැප්තැම්බර් 25 වැනිදා උපත ලැබු ආරියශීල ප්‍රාථමික අධ්‍යාපනය
    ලබන්නේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයෙනි. එතැන් සිට ඔහු ගාල්ල නගරයේ නේවාසික වන්නේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමේ අභිලාශයෙනි. “මගේ තාත්තා එඩ්මන් වික්‍රමනායක. අම්මා ශීලා වික්‍රමනායක. අපේ පවුලේ මාත් එක්ක පිරිමි දරුවන් නව දෙනෙකුත් ගැහැනු දරුවන් දෙදෙනෙකුත් හිටියා. ගිං ගඟ ගලාගෙන යන්නේ අපේ ගෙවල් ළඟින්. අපි කව්රුවත් කවදාවත් වතුරට බය වුණේ නැහැ. හැමෝටම වගේ අවුරුදු තුන වෙද්දි හොඳට පීනන්න පුළුවන්කම තිබුණා. ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට මම ලංකාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි. එතනින් ජීවිතාරක්ෂක කටයුතුවලටත් යොමු වුණා. රාජකීය ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයෙක් වුණා. ඒ වෙනුවෙන් දිනා ගන්න තියන ඉහළම පදක්කමත් දිනා ගත්තා.” කිමිදුම් ක්ෂේත්‍රයට පිවිසීමට අත්පොත් තැබූ අන්දම ඔහු සිහිපත් කරන්නේ එසේය. පිහිනුම් ක්‍රීඩාවට ඔහු දැක්වූ සමත්කම සහ ආශාව ඒ පිළිබඳ වැඩිදුර පුහුණුවීම් දක්වා ඔහුව පොලඹවාලන්නේය. ගාල්ල මුහුදේ පුහුණුවීම් කරන ආරියශීල දිනපතා දකින්නේ ගාල්ල වරාය ගොඩනඟන අන්දමයි. ඒ අතරින් ද වැඩියෙන්ම ඔහුගේ සිත් ගත්තේ මහා බරසාර ඇඳුමකින් සැරසි හෙල්මටයක් වැනි යමක් හිස පැලඳ මුහුද යට ඉදිකිරීම් සඳහා දායක වන කිමිදුම්කරුවන්ය. බැරැරුම් රාජකාරිවලට අමතරව ආරියශීල සිසුවා කිමිදුම්කරුවන් විෂයෙහි නිරීක්ෂණය කළ තවත් දෙයක් විය. ඒ කිමිදුම්කරුවන්ට තිබූ පිළිගැනීමයි. “ඒ කාලෙම මම හිතාගත්තා කවදාහරි මම කරන්නේ කිමිදුම් රස්සාව තමයි කියලා. මම දැකපු කිමිදුම්කරුවන් හැම දෙනාම වගේ විදේශිකයෝ. ඉතින් ඒ කාලෙම මට හිතුණා අපේ මිනිස්සු මේ රස්සාව කරනවානම් කොච්චර හොඳ ද කියලා.

    1970 අවුරුද්දේ මගේ උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ආවා. මාව පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට තේරිලා තිබුණා. ඒත් මම කිමිදුම්කරුවෙක් වෙන්න තීරණය කරලා ඉවරයි. ඒත් ඒ බව කෙළින්ම අම්මලට කියන්න ගියේ නෑ.
    ඒ අතරේ මම කොළඹ වරාය කොමිෂන් සභාවට කිමිදුම් නිලධාරී තනතුර
    වෙනුවෙන් අයදුම් කළා. අවුරුදු තුනක පුහුණුවීම් කාලයකට යටත් කරලා ඔවුන් මාව බඳවා ගත්තා. ඒ අනුව කිමිදුම් නිලධාරී තනතුරට පත්වුණු තුන්වැනි ශ්‍රී ලාංකිකයා වෙන්න මට අවස්ථාව ලැබුණා. 1970 ඔක්තෝබර් පළමුවැනිදා සිට ආරියශීල කිමිදුම් නිලධාරියකු ලෙස වැඩ බාර ගන්නේය. එහෙත් තවමත් මේ බව ඔහුගේ දෙමව්පියන් දන්නේ නැත. වෛද්‍ය වෘත්තිය අතහැර රැඩිකල් තේරීමකට යාමට ඔහුට ධෛර්ය දෙන සුවිශේෂී පුද්ගලයෙක් මේ අතර සිටින්නේය. ඒ පල්ලියේ පියතුමාය. ෆාදර් මට හැම තිස්සෙම කිව්වේ තමන් කැමති දේ කරන්න කියලා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන් අපි භක්තිමත් ක්‍රිස්තියානි පරිසරයක හැදුණේ. පෞර්ෂත්වය වර්ධනය වෙන්න, තීරණ ගන්න ඒ පසුබිම ගොඩක් බලපෑවා. මම කිමිදුම් වෘත්තිය තෝරා ගත්තා කියලා තාත්තට කියන්න ඉදිරිපත් වුණෙත් පල්ලියේ ෆාදර් තමයි. මුලින්ම අම්මලා මම වෛද්‍ය වෘත්තිය අතහැරීම ගැන කනගාටු වුණත් පස්සේ කිමිදුම් නිලධාරියෙක් වෙනවට කැමති වුණා.

    එලෙසින් ඔහු තම කැමැත්ත වෙත ජීවිතය මෙහෙයවන්නේය. සැබැවින්ම ඔහුගේ තීරණය අභියෝගකාරීය. එහෙත් එම අභියෝගයට මුහුණ දීම ම ඔහු සාර්ථකත්වය කරා ගෙන යන්නේය. ඔහු ඒ සමඟම පවසන්නේ තමා කැමති ක්ෂේත්‍රය ඔස්සේ තම වෘත්තිය තෝරා ගන්නා ලෙස තමා සෑම මොහොතකම තරුණ පරම්පරාව දිරිමත් කරන බවයි. කෙසේ හෝ මේ අන්දමින් කිමිදුම් නිලධාරියකු ලෙස සේවය අරඹන ආරියශීල ආසියාවේ පළමුවැනි කන්ටේනර් පර්යන්තය සෑදීමට තම දායකත්වය ලබා දෙන්නේය. කොළඹ වරායේ රැජින පාලමේ තමයි මේ කන්ටේනර් පර්යන්තය ඉදි කෙරුණේ. මම මේ ඉදිකිරීම් බාරව ක්‍රියා කළා. මේ ඉදිකිරීම් ගැන දවසක් පත්තරේ ලිපියක් පළ වුණා. ඒක දැකපු විදේශිකයෙක්, ජර්මන් ජාතිකයෙක් බෙන්තොට ඉඳලා ගෝල්ෆේස් හෝටලයට මාව හම්බ වෙන්න ආවා. ඒ විදේශිකයා මට යෝජනා කළේ සෞදි අරාබියේ ඉඳි කෙරෙන අති විශාල කන්ටේනර් පර්යන්තයක ඉදිකිරීම්වලට දායක වෙන්න එන්න කියලා. මම ඒ වෙලාවේ ඒක දැක්කේ විහිළුවක් වගේ. මොකද මම රජයේ රැකියාවක් කරමින් හිටියේ. රජයේ
    රැකියාවකින් ඉවත් වෙලා වෙනත් රැකියාවකට යන්න කව්රුවත් හිතන්නේවත් නෑ. ඒ නිසා මම විහිළුවට වගේ කිව්වා අවුරුදු පනස් පහ වෙනකල් රජයේ රැකියාවෙන් මට ලැබෙන මුදල දෙන්න පුළුවන් නම් ජර්මන් ආයතනයේ අවුරුදු දෙකක සේවයට එන්නම් කියලා. මම හිතුවේ නැහැ එහෙම යෝජනාවකට කීයටවත් කැමති වෙයි කියලා. ඒත් ඒ ජර්මන් ජාතිකයා කිව්වා මම ඉල්ලන තරම ගෙවන්නම් කියලා. පස්සේ ගිවිසුමකට අස්සන් කළා. මම සෞදි අරාබියට ගියා අවුරුදු දෙකකට.

    ආරියශීල යළිත් අභියෝගයකට මුහුණ දෙන්නේය. රජයේ රැකියාවට ආයුබෝවන් කියන ඔහු වසර දෙකක කාලයකට පෞද්ගලික සමාගමක සේවයට දායක වන්නේය. සෞදි කන්ටේනර් පර්යන්තය කොතෙක් සාර්ථකව ඉදි කෙරෙන්නේ ද යත් මාස නවයකින් එහි ඉදිකිරීම් නිම වන්නේය. එහෙත් වසර දෙකක් දක්වා කාලයකට තමන්ට හිමි වැටුප් ලබා ගන්නා ආරියශීල යළිත් ලංකාවට පැමිණෙන්නේය. මම ආපහු එන්න බහරේන්වලින් ප්ලේන් එකකට නැග්ගා. දැන් මං ගාව සල්ලි ගොඩක් තියෙනවා. ලංකාවේ ඒ වෙනකොට විධිමත් බැංකු පද්ධතියක් තිබුණේ නැහැ. ඉතින් මම තීරණය කළා මේ සල්ලි සිංගප්පූරුවේ බැංකුවක දාන්න. සල්ලි ගොඩක් අරගෙන සිංගප්පූරුවෙන් බැහැලා හෝටලේක නැවතුණා. මුළු රෑම මට නින්ද ගියේ නැහැ. සල්ලි ටික කොට්ටේ යට තියාගෙන හිටියා. උදේම සිංගප්පූරුවේ රජයේ බැංකුවකට ගිහින් සල්ලි තැන්පත් කළා. ආපහු ලංකාවට ඇවිත් මාස්ටර් ඩයිවර්ස් සමාගම ආරම්භ කළා.එලෙස මාස්ටර් ඩයිවර්ස් බිහි කිරීමෙන් ඔහු සිදු කරන්නේ තවත් සමාගමක් ඇරැඹීම පමණක් නොවේ. මෙරටින් පිටරටට ගලා යමින් තිබූ විනිමය විශාල ප්‍රමාණයක් ද ඔහු මෙරට
    තුළම රඳවන්නේය. ඊට අමතරව කාර්යක්ෂම සේවයක් ද ලබා දෙන්නේ කොළඹ වරායට ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ සුවිශේෂී භූමිකාවක් ලබා දෙමිනි.

    ඒ කාලේ පෞද්ගලික කිමිදුම් සේවාවන් ලබා දෙන සමාගම් ලංකාවේ තිබුණේ නැහැ. මම රජයේ රස්සාවේ ඉඳලා ආපු කෙනෙක් නිසා ඉහළ පිළිගැනීමක් තිබුණා. වරාය කොමිෂන් සභාවට සල්ලි ගෙවලා කිමිදුම්කරුවන් ලබා ගන්න යන දීර්ඝ වැඩපිළිවෙළ වෙනුවට මම ඉක්මන් සේවාවන් ගනුදෙනුකරුවන්ට ලබා දුන්නා. මේ විදිහට මගේ ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වුණා. මම මුහුදු යන්න පුළුවන් හොඳ බෝට්ටු ගත්තා. නැව් රෙපෙයාර් කරන්න පටන් ගත්තා. වරායෙන් එළියේ මුහුදේ නවත්තලා තියන නැව්වලට වතුර ලබා දෙන්න යාත්‍රාවක් මිලදී ගත්තා. ක්‍රමයෙන්
    ගනුදෙනුකරුවන් වැඩිවෙනකොට මට වැඩි සේවාවක් ලබා දෙන්න සිදුවුණා. ඒ නිසා මම නැව් මිලදී ගත්තා. ඒ නැව් මම නම් කළේ අතීතයේ ලංකාව හරහා වැටී තිබුණු සේද මාවතේ නමින්. සිල්ක් රූට් සප්ලයර් කියලා. මේ නැව්වලින් ලංකාවේ තෙල් පිටරටවල නැව්වලට විකුණන්න ගත්තා. එහෙම කළේ ලංකාවේ පළමුවරට. මේ සේරම විදේශ විනිමය රටට ඉතිරි කරන දේවල් වුණා. නැව්වලින් වරායට ගේන තෙල් රට ඇතුළට ගෙනියන්න බෝයාවක් සහ නළ මාර්ගයක් හැදුවා. තෙල් ඉවතට ගන්නා තෙක් නැව අල්ලගෙන ඉන්න ටග් යාත්‍රා මිලදී ගත්තා. මේ සියල්ල නිසා අපේ සමාගමට වැඩ වැඩිවුණා විතරක් නෙමෙයි, කොළඹ වරාය පහසුකම් තියෙන වරායක් විදිහට ලෝකයේ ප්‍රසිද්ධ වුණා.මෙලෙස කොළඹ වරාය ක්‍රමයෙන් ජනාකීර්ණ වෙද්දී වඩා ඉඩ පහසුකම් සහිතව වරායක් ඉදිකළ යුතු බව අනාගතය දකිනා ආරියශීල වික්‍රමනායක හිතුවේය. හම්බන්තොට වරාය ගැන සංකල්පය ඔහු ඉදිරිපත් කරන්නේ එලෙසිනි. අද එම වරාය ඉදිවී තිබෙනු ඔහු දකින්නේ ඔහුගේ සිහිනයක තවත් සැබෑවීමක් වශයෙන්ය.

    එපමණක් ද නොව ව්‍යාපාරිකයකු වශයෙන් නොව සිංහලයකු වශයෙන් ද ඔහු උතුරේ යුද්ධයට ලබා දෙන්නේ ද සුවිශේෂී දායකත්වයකි. හැකි සෑම අවස්ථාවකදීම මම යුද්ධය වෙනුවෙන් රජයට සහයෝගය දුන්නා. යාපනය බේර ගන්න මල්ටි බැරල් අවි ගෙනල්ලා වරායේ ගොඩබාලා තිබුණා. ඒත් ඒවා යාපනයට ගෙනියන්න නැවක් තිබුණේ නැහැ. ඒකට හේතුව මේ අවි ඔසවා තබන්න තරම් ශක්තිමත් දොඹකර සහිත නැව් හිඟ වීමයි. මම ඒ වෙනුවෙන් මගේ රුහුණුපුර නැව දුන්නා. අවි අරගෙන කන්කසන්තුරේ යනකොට කීප සැරයක්ම නැවේ නම වෙනස් කළා. ත්‍රස්තවාදීන් මුලා කරන්න. මගේ ප්‍රයිඩ් ඔෆ් ද සවුත් කියන නැව වසර ගණනක් තිස්සේම ත්‍රිකුණාමලය - යාපනය අතර සෙබළුන් ප්‍රවාහනය කළා. මගේ නැව් මඟින් ප්‍රවාහනය කෙරුණු තෙල් තමයි යුද්ධයට යොදා ගත් හැම වාහනයකටම, මැෂින් එකකටම යොදා ගත්තේ. මේ දේවල් නිසාම මම කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ මුල් පෙළේ ඉලක්කයක් බවට පත්වෙලා තිබුණා. එසේ වුවද ආරියශීල මේ සියල්ල සලකන්නෙ රට වෙනුවෙන් තමා ගෙන් විය යුතු සේවයක් හැටියටය. ඔහු හැම මොහොතකම සිතුවේ තමන් උපන් රටට සේවය කිරීමට උපරීමයෙන් කැප විය යුතු බවයි.

    විශේෂයෙන් මේ සරු පොළවේ ජීවත්වන අප එයින් උපරීම ප්‍රයෝජන ගත යුතු බවයි. විදේශයන් මත යැපීම නවතා දැමිය යුතු බවයි. “මම අද ව්‍යාපාරිකයෙක් විදිහට තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. වෛද්‍යවරයෙක් වුණානම් මේ තෘප්තිය මට ලැබෙන එකක් නැහැ. අද මට ඕනෙ කරන්නෙ රටේ මිනිස්සුන්ගේ මනස හදන්න. ඒ කිසිම දේශපාලන අරමුණකින් නොවෙයි. දේශීය දේ පරිභෝජනය කරන්න. ආනයන සීමා කරලා අවශ්‍ය දේ රට තුළම නිපදවා ගන්න මිනිස්සු පොළඹවන්න. ඒ වෙනුවෙන් මිනිස්සු ළඟට ගිහින් කතා කරන්න. මට එහෙම මිනිස්සු ළඟට යන්න පුළුවන්. මොකද මම කවදාවත් හොරකම් කරලා නැහැ. අපේ දේ අරගෙන පිටරට දේවල් පරිභෝජනය කරන එක සීමා කරන්න "ගන්න අපේ දේ" සංකල්පය සහ "සූර්යසිංහ" ලාංඡනය හඳුන්වා දුන්නා. අපේ දේවල් අගය කරන්න සහ දේශීය ව්‍යාපාර වල උන්නතිය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන මව්බිම ලංකා පදනම බිහිකෙරුවා. පාන් පිටි භාවිතය සීමා කරන්න මිනිස්සු පොලඹවන්න, පිටරටින් කිරිපිටි ගෙන්වීම නවත්තන්න මම උපරීම උත්සාහ කරමින් ඉන්නවා. පිටරටින් ගේන කිරිපිටි ඒ විදිහටම අපේ රටේ හදන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ පැලවත්ත කිරි වෙළෙඳ පොළට ලබා දීමෙන්. මේ අරමුණ සාර්ථක කර ගැනීම තමයි හෙට දවසේ මගේ ලොකුම බලාපොරොත්තුව. මම ඒ වෙනුවෙන් කැප වෙනවා. මහන්සි වෙනවා.

    වික්‍රමනායක එලෙස සංවාදය අවසන් කරන්නේය...

    ඔහු පවසන සෑම වචනයකම අර්ථ බහුලය. රටට හිතකරය. එබැවින්ම මේ අරමුණු සාක්ෂාත් කරගන්නට ඔහුට ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමය. මෙලෙස රට වෙනුවෙන් නව අදහස් සහ මතවාද සමඟ පෙරට එන ආරියශීල වික්‍රමනායක එලෙසින්ම තම පවුල සහ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ද කැප වෙන්නේය. පුතුන් දෙදෙනෙකුගේ පියකු වන ඔහු ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බලන්නේය. ඔවුන් ලබා ඇති ප්‍රගතිය ගැන සතුටු වන්නේය. තම ජීවිතයට බිරියගෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් ඔහු තුළ පවතින්නේ සතුටුදායක හැඟීම්ය. සැබැවින්ම ඔහු තම අරමුණු කරා ජීවිතය මෙහෙයවූ දක්ෂයෙකි. හෙට දිනයේදී ද ඔහුගේ අරමුණු මෙරටේ යහපත වෙනුවෙන්ම ක්‍රියාත්මක වනු ඇත.

    © මව්බිම ලංකා පදනම - ගන්න අපේ දේ 2013
    source
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එලෙසින් ඔහු තම කැමැත්ත වෙත ජීවිතය මෙහෙයවන්නේය. සැබැවින්ම ඔහුගේ තීරණය අභියෝගකාරීය. එහෙත් එම අභියෝගයට මුහුණ දීම ම ඔහු සාර්ථකත්වය කරා ගෙන යන්නේය. ඔහු ඒ සමඟම පවසන්නේ තමා කැමති ක්ෂේත්‍රය ඔස්සේ තම වෘත්තිය තෝරා ගන්නා ලෙස තමා සෑම මොහොතකම තරුණ පරම්පරාව දිරිමත් කරන බවයි
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    එලෙසින් ඔහු තම කැමැත්ත වෙත ජීවිතය මෙහෙයවන්නේය. සැබැවින්ම ඔහුගේ තීරණය අභියෝගකාරීය. එහෙත් එම අභියෝගයට මුහුණ දීම ම ඔහු සාර්ථකත්වය කරා ගෙන යන්නේය. ඔහු ඒ සමඟම පවසන්නේ තමා කැමති ක්ෂේත්‍රය ඔස්සේ තම වෘත්තිය තෝරා ගන්නා ලෙස තමා සෑම මොහොතකම තරුණ පරම්පරාව දිරිමත් කරන බවයි

    :yes::yes: eka thama wennath one. ada hama ekata doctors la engineersla wena pissuwa thiyenne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    විශේෂයෙන් මේ සරු පොළවේ ජීවත්වන අප එයින් උපරීම ප්‍රයෝජන ගත යුතු බවයි. විදේශයන් මත යැපීම නවතා දැමිය යුතු බවයි. “මම අද ව්‍යාපාරිකයෙක් විදිහට තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. වෛද්‍යවරයෙක් වුණානම් මේ තෘප්තිය මට ලැබෙන එකක් නැහැ. අද මට ඕනෙ කරන්නෙ රටේ මිනිස්සුන්ගේ මනස හදන්න. ඒ කිසිම දේශපාලන අරමුණකින් නොවෙයි. දේශීය දේ පරිභෝජනය කරන්න. ආනයන සීමා කරලා අවශ්‍ය දේ රට තුළම නිපදවා ගන්න මිනිස්සු පොළඹවන්න. ඒ වෙනුවෙන් මිනිස්සු ළඟට ගිහින් කතා කරන්න. මට එහෙම මිනිස්සු ළඟට යන්න පුළුවන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Advance level exam mathhe marenna hadana , university matthe marenna hadana young kattiyata good lesson by Great Ariyasili wikkramanayaka.