රාජ ද්‍රෝහී චොදනාව මත ඕකුන්ට නඩු දාලා හිරේ යවන්නයි තියෙන්නෙ,








ආණ්ඩුවේ මැරයෝ කටුනායක ගුවන් තොටුපලේදී zලංකා ඊ නිව්ස්Z, zසිරසZ මාධ්‍යවේදීන්ට පහර දෙති
ආපසු එද්දී වෑන් රිය හරස් කර යකඩ පොලූ සහ පොරෝ වලින් පහරදීලා -රියැදුරුගේ දක්ෂකම නිසා ජීවිත බේරෙති
(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.6.11 දෙවන සංස්කරණය ප.ව.8.15)
වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එංගලන්තයේ සිට අද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව වාර්තා කිරීමට ගොස් සිටි zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය හා zසිරසZ කටුනායක ගුවන් තොටුපල මාධ්‍යවේදී ප්‍රේමලාල් මහතාට කටුනායක ගුවන් තොටුපළේ කුලී රථ රියදුරන් හා ගුවන් තොටුපල සේවක පිරිසක් විසින් පහරදී ඇත.
පොලීසියේ තරු ගසා ගත් ඉහල නිලධාරීන් බලා සිටියදීම මෙම පහර දීම කර ඇත.
zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතාගේ හිසට පහරදීම නිසා ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.
ගුවන් තොටුපල කුලීරථ රියදුන් මෙන්ම ගුවන්තොටුපල සේවකයන් මෙම පහරදීමට පොළඹවා ඇත්තේ ආණ්ඩු පකෂයේ දේශපාලනඥයකු බව කියති.
පහරකෑමට ලක්වූ zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතා ඇතුළු ගුවන් තොටුපලේ සිද්ධිය වාර්තා කිරීමට ගිය අනෙකුත් මාධ්‍යවේදීන් පිරිස වෑන් රථයකින් නැවත පැමිණෙමින් සිටියදී ගුවන් තොටුපලට අයත් කැබ් රථ දෙකකින් පමණ පැමිණි 10 දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් වෑන් රථය හරස් කොට නවතා යකඩ පොලූ සහ පොරෝ වලින් වෑන් රථයට හා පිරිසට පහරදී තිබේ.
මේ අවස්ථාවේදී ඇතුලේ සිටි පිරිස කෑ ගසා ඇති අතර වෑන් රථයේ රියදුරු මහතා පොලූ පහරවල් කා ගෙනම නැවතත් වාහනය ඉදිරියට පැදවීම නිසා එහි සිටි පිරිසගේ ජීවිත බේරි ඇත.
ප්‍රහාරයෙන් වෑන් රථයේ වීදුරු සියල්ල බිඳී දැඩි අලාභහානි සිදුවී තිබේන අතර පහර දෙන අවස්ථාවේ වෑන් රථය තුළ කාන්තාවන් තිදෙනෙකුද සිට ඇත.
ගුවන් තොටුපලින් පිටත් වන අවස්ථාවේ zඔබලාට ආරකෂාව සපයා ඇති නිසා බය නැතිව යන්නැයිZ ගුවන් තොටුපල පොලීසිය මාධ්‍ය කණ්ඩායමට පවසා තිබේ. අතරමගදී පහර දෙන අවස්ථාවේ zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදියා සිය අනන්‍යතාවය පවසා වෑන් රථයේ කණ්ඩායමට ආරකෂාව සපයන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් ඉල්ලු විට ඔහු පවසා තිඛෙන්නේ තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවත් ප්‍රදේශයේ පොලීසියට මේ පිළිබඳව දැනුම් දෙන ලෙසත්ය.
මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතා මේ වන විට රෝහල් ගත කර තිබේ.
Source
onna niyama wada... okawa heluwen duwawanna oni town 1 purama...
මදි මචන්...ඉවරය කරන්න තිබ්බෙ...රජ කාලෙ ඉදන් ඔය වගේ රට පාවල දෙන උන් හිටිය නිසයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...පිලිගන්නවද ඔයාලා?මම හිටියනම් අම්මපා මමත් ගහනවා....






