විකුණගන්න බැරිව ලංකා ඇපල් හරක්ට කන්න දෙයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශ්‍රී ලංකා ඇපල් යන නමින් දෙස් විදෙස් හි ප්‍රසිද්ධයට පත්ව ඇති රාගල පෙයාර්ස් අස්වනු නිසි මිලකට විකුණා ගත නොහැකිවීම හේතුවෙන් තම අස්වනු මේ දිනවල හරකුන්ට කෑමට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාගල පෙයාර්ස් ගොවියෝ පවසති.

    රට අගුළු දමා ඇති තත්ත්වය මත නුවරඑළියට සංචාරකයන් නොපැමිණීමත් මෙන්ම අස්වනු කොළඹ හා අනෙකුත් නගරවලට ප්‍රවාහනය කිරීමට ඇති අපහසුතාවයත් එමෙන්ම එම ප්‍රදේශවල අළෙවිකරුවන්ට ඒවා විකුණා ගැනීමට නොහැකිවීම මත රාගල පෙයාර්ස් වගාව ගස්යට වැටී කුණු වී යන බවද රාගල පෙයාර්ස් ගොවීයෝ සඳහන් කරති.

    රාගල කඳු පන්තිය අවට පිහිටි ගෝනකැලේ, බිංගන්තලාව, රත්නායකපතන, පළල්පතන, මන්ත්‍රීතැන්න ආදී ගම්මාන ආශ්‍රිතව පෙයාර්ස් වගාව බහුලව සිදු කරන බවත් ඒ අවට අනෙකුත් ගම්මානවලද පෙයාර්ස් විවිධ ප්‍රමාණයන්ගෙන් වගා කරන බවත් මෙවර පෙයාර්ස් අස්වැන්න ඉතාමත් සරුවට වැඩී ඇති බවත් එම අස්වැන්න මේ දිනවල කඩා අවසන් කරන මට්ටමට පැමිණ ඇති බවත් ගොවියෝ පවසති.

    මේ වනවිට පෙයාර්ස් කිලෝවක් රුපියල් සියයකටවත් හෝ විකුණා ගැනීමට නොහැකි තත්තවයක් නිර්මාණය වී ඇති බවත් 2019 වසරේ පාස්කු ප්‍රහාරය මෙන්ම පසුගිය වසරේ හා මෙම වසරේ කොරෝනා බලපෑම හේතුවෙන් වසර තුනක කාලයක පටන් රාගල පෙයාර්ස් නිසි මිළකට අලෙවි කර ගැනීමට නොහැකිව තමන් දැඩි ආර්ථික දුෂ්කරතා හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි රාගල පෙයාර්ස් ගොවියෝ කියති.

    නිවරදි වෙළෙඳ පොලක් ලබාදී රාගල පොයාර්ස් ගොවීන් රැක ගැනීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස රජයේ වගකියයුතු අංශවලින් එම ගොවියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.


    Ragala-Pears2.jpg


    Ragala-Pears1.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කොරොනා අවුරුදු 2ක් ඉවර වෙනකොටත එළවලු,පලතුරු ටික බෙදගන්න ක්‍රමයක් නෑ.තව අවුරුදු 5ක් තිබ්බත් ඉතිං එතකොටත් ක්‍රමයක් හැදෙන්නේ නෑ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,537
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැටි ඇමතිල, බතික් ඇමතිල වගෙ ඇපල් ඇමතියෙක් නැද්ද?

    lassana.com එකෙන් මම ඕව ගෙන්නගත්තෙ කිලෝව 600 ගානෙ.
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    කොරොනා අවුරුදු 2ක් ඉවර වෙනකොටත එළවලු,පලතුරු ටික බෙදගන්න ක්‍රමයක් නෑ.තව අවුරුදු 5ක් තිබ්බත් ඉතිං එතකොටත් ක්‍රමයක් හැදෙන්නේ නෑ..

    ඕකවත් හදාගන්න බැරි රටක් තාම. ආර්ථික මධ්‍යස්ථාන කීපයකට ඔක්කොම වගේ එළවලු ටික එනවා. එතනින් කිලෝමීටර් 300 ක් උපරිම දුරකට යවාගන්න බැරුව දියුණු රටවල් හදන්න කතාව. කන්න කෑමවත් නැති රටක් කරන්න ඇත්තටම උන්ට ලැජ්ජ නැද්ද මන්ද.
     
    • Like
    Reactions: TNHM

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    harakta kanna denawa.....api ganna giyama ada wechcha gediyak 60-80i....pakku
     
    • Like
    Reactions: TNHM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    මේවානම් කමක් නෑ
    ගිය අවුරුද්දේ ගත්තේ 1kg 600 ට එත් කඩ දහයක විතර බලලා
    දැන් කවපන් හරක්ට