විජයකලා නිරුවත්කලා..
මේ ලිපියේ හෙඩිම කියවද්දීම ඔබට ඇතිවෙන ගැටළුව මගහරවා ගැනීම සහ මේ හෙඩිම කියවා ලිපිය ගැන විවිධ ආකල්ප ඇතිකරගන්නාවූ කියවන්නන්ගේ දැනුවත්භාවය උදෙසා මුලින්ම මෙසේ ලියා තැබිය යුතුයැයි සිතමි.
මේ හෙඩිමේ ‘නාම පදයක්’ සහ එක් ‘ක්‍රියා පදයක්’ පමණක් ලියා ඇත. ඒ නිසා මෙය ‘කර්මයක්’ අහිමි වාක්‍යයක් ලෙස හඳුනාගත්තාට වරදක් නැත. මේ හෙඩිමේ වාක්‍යය කර්තෘකාරක දෘශ්ටියෙන් සලකාබලතොත් විජයකලා නැමති නාමය දරන්නිය විසින් ‘කුමක් හෝ දෙයක්’ නිරුවත් කර ඇති බව ගම්‍ය වෙන අතර, එයම කර්මකාරක දෘශ්ටියෙන් සලකා බලද්දී ‘කුමක් හෝ දෙයක් නැතිනම් පාර්ශවයක්’ විසින් විජයකලා නාමය දරන්නිය නිරුවත් කර ඇතිබව ගම්‍ය වේ. එහෙත් කර්මයක් සඳහන් නොවන නිසා එසේ සිදුකරන ලද්දේ කුමක් හෝ කව්රුන් විසින්ද යන්න පැහැදිලි නැතිවිය හැකිය.
පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රාජ්‍ය අමාත්‍යවරියක වන (මේ ලිපිය ලියන මොහොත වනවිට ඇය එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට මාධ්‍ය වාර්තා නිකුත්ව ඇති නමුත් ඇය තවමත් එසේ සිදුකර නැති බැවින්) විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත නැගී සිටිය යුතු බව සඳහන් කරමින් කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන දැඩි මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇති බව ඔබ නොදන්නවා විය නොහැකිය.
අදාල සිදුවීම සම්බන්ධයෙන්ද අප බැලිය යුත්තේ පෙරකී කර්තෘකාරක සහ කර්මකාරක දෘශ්ටිකෝණයන්ගෙන් බව කිව යුතුය. එසේම ඒ බලන ආකාරය හුදෙක් මැදිහත්ව සිදුකිරීම කලයුත්තේ පක්ෂග්‍රාහී ලියන ලියවිල්ලකින් මේ රටට හෝ සමාජය තඹ දොයිතවක ප්‍රතිලාභයක් නැති නිසාය. නමුත් බොහොමයක් මාධ්‍යවේදීන් යැයි නම් තබාගන්නා උදවිය සිදුකරන්නේද එයමය.
‘විජයකලාට එල්.ටී.ටී.ඊ පාලනයක් ඕන කියලා කිව්වොත් ඒක සාධාණය කරන්න ඉන්න එවුන් හිට්ලර් පාලනයක් හොඳයි කියපු අනු නායක හාමුදුරුවන්ට කුණුහර්පෙනුත් බැන්නා’ කියා හෝ ‘ගමේ මිනිහෙක් මහින්දට ආයෙත් පාලනය බාර දෙමු කිව්වොත් අවුල්..ඒත් විජයකලාට එල්.ටී.ටී.ඊ එකට ආයෙත් පාලනය බාරදෙමු කිව්වොත් අවුලක් නෑ’ වැනි තර්කයන් ද, ‘විජයකලා මරා දමනු!’ වැනි අනුප්‍රාසයන්ද පසෙක දමා කණ්ණාඩි ගලවා මේ දෙස බැලිය යුතුය. නමුත් කණ්ණාඩි ගැලවීමට නම් කණ්ණාඩි ගලවා අකුරු කියවිය හැකි තරමටවත් අපේ දෘශ්ටිය නිරවුල් සහ සෞඛ්‍ය සම්පන්න විය යුතුය.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලද ප්‍රකාශය නිසාවෙන් ලංකාවේ ව්‍යවස්ථාව හෝ නීතිමය තත්වයකට එරෙහිවීමක් සිදුවෙනවානම් එයට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගැනීම සිදුකල යුතුය. එහිදී ඇමති තනතුරු, මන්ත්‍රී තනතුරු පමණක් නොව නීතියෙන් දඬුවම් දිය යුතුනම් එය කළ යුතුමය. අධිකරණයට අපහාස කල ඥානසාර හිමි හෝ එස්.බී සිරගත කල හැකිනම්, විජයකලාට අමුතු සෙනෙහසක් දැක්විය යුතු නැත.
නමුත් මුලින්ම මේ ලිපියේ හෙඩියේ සඳහන් කල පරිද්දෙන්ම විජයකලා විසින් නිරුවත් කල දෑ ගැන අපි අවදානය යොමුකල යුතුය. විජයකලා සක්‍රීය දේශපාලනයට එන්නේ සිය සැමියා වන ටී. මහේෂ්වරන්ගේ ඝාතනයෙන් පසුය. එම ඝාතනයට සෘජුව ඇඟිල්ල එල්.ටී.ටී.ය දෙසට එල්ලවෙද්දී අදාල ත්‍රස්ත සංවිධානයට පක්ෂව විජයකලා අදහස් දක්වනවානම් ඇය විසින් ඇයගේම හෘද සාක්ෂියට පිහිපාරක් එල්ල කරන සිදුවිමකි, අනිත් අතින් ඇය එසේ කියන්නේ ඉන්දියාවේ සෝනියා ගාන්ධි හෝ රාහුල් ගාන්ධි දේශපාලනික ආකෘතියේ සිට නම් එතැනදී සිතිය යුතු යමක් ඇත. එනම් එල්.ටී.ටී.ය සිය සැමියා මරා දැමුවේ බෙදුම්වාදී විමුක්ති අරමුණට සිය සැමියා පවා එදිරිව සිටියා යන පදනමේ සිට වීම සහ එවැනි පදනමකදී ඇය සිය සැමියාට එල්.ටී.ටී.ය දුන් දඬුවම අනුමත කිරීමට විය හැකිය.
අනිත් පැත්තෙන් විජයකලා මේ සැබෑවටම කියන්නේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සැබෑ මතය නම් යහපාලනය පදනම් කරගෙන පැමිණි වත්මන් දෙමුහුම් රජයට මෙන්ම ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කල පසුගිය රජයේ පාලකයන්ට ද නැවත වරක් සිතන්නට දේ ඉතිරිකර ඇත. එයත් හරියටම ලංකාවේ ආණ්ඩුව අප්සට් වන විට ආර්ථිකය වැටෙන විට ‘සුද්දා හිටියනම් හොඳයි’ යනුවෙන් ලංකාවේ මිනිසුන් කියනා කතාව වැන්නක් නිසා තමන්ටද පිඩාවක්වූ ත්‍රස්ත සංවිධානයක නැවත නැගී සිටීමක් පවතින ආණ්ඩුවට වඩා හොඳයයි හිතන තැනකට මේ රටේම ජනතාවගෙන් කොටසක් පත්වෙනවා යන්න රට පාලනය කරන මෙන්ම පාලනය කල පාර්ශවයන්ගේ ක්‍රියාවලියේ ඇති අර්ථවිරහිතභාවය පැහැදිලි කරන කරුණකි.
එහෙත් විජයකලා යුද සමයේ වැල්ලවත්තට වී ආරක්ෂිතව සිට ක්‍රියාකාරී දේශපාලනය උදෙසා සිය ගම්බිම් බලාගොස් ඡන්දයක් ලඟඑන නිසා දේශපාලන අත්තිවාරම නැවත හෙලිපෙහෙලි කොට දෙමළ ජනයාගේ හැඟීම් සමග සෙල්ලම් කරන්නට මෙවැනි ප්‍රකාශයක් කරනවානම් එය බරපතල ලෙස එම ජනතාව නිරුවත් කර දැමීමකි. එය දකුණු ඉන්දියාවේ පොලිටිකල් විලාසිතාවක් සේම බාල වර්ගයේ උප්පරවැට්ටියකි. එහෙත් දකුණු ඉන්දියාවේ නම් වරක් පාසා එයින් දේශපාලනඥයින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනියි. විජයකලා අනුගමනය කරන්නේද, එය එසේනම් කිසිදිනක දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් කිරීමට ඇය වැනි කූට දේශපාලන චරිත වලට ඉඩකඩ නොලැබෙනු ඇත.
අනිත් අතට උතුරේ සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් දකුණින් ගොස් සිදුකරන ඒවා යැයි සිතිය නොහැකිය. ලියුම්කරු විසින් මීට වසරකට ඉහතදී යාපනයේ සංචාරයක් අතරතුර විවිධ තරාතිරමේ උතුරේ ජීවත්වන පුරවැසියන් ගණනාවක් සමගම කරන ලද සාකච්ඡාවලින් පැහැදිලි වුණේ ආර්ථික හා සමාජයීය වශයෙන් උතුර හා දකුණ අතර පවතින විෂමතාවයන් පදනම් කරගෙන වේගයෙන් වර්ධනය වන ජන අසහනයයි. යුද ගැටුම් පවතින සමයේදී මේවා යටපත්ව පැවතුනේ බරපතලම අසහනකාරී තත්වය යුද්ධය වූ නිසාවෙන්ය. නමුත් පශ්චාත් යුදමය කාලසීමාවේදී නිසියාකාරයෙන් උතුර සහ නැගෙනහිර ආර්ථික සහ සමාජයීය සංවර්ධනය අරමුණු කරගෙන වැඩ පිළිවෙලක් දියත් නොවූ නිසා අදවනවිට එම විෂමතාවයන් දැඩිලෙස මතුවෙමින් ඇත, මතුවෙනවා මෙන්ම එය උතුරු නැගෙනහිර ජනතාවට දැනෙන ප්‍රතිශතයද ඉහළය.
එහි ප්‍රතිඵලයක් ලෙස උතුරේ සහ නැගෙනහිර ජනතාවට දේශපාලඥයන් සම්බන්ධයෙන් ඇති විශ්වාසය බරපතල ලෙස බිඳවැටී ඇති වටපිටාවක ඔවුන් නැවත ප්‍රචණ්ඩත්වය තෝරාගත හොත් කරන්නට කිසිවක් නැත. ඒ නිසා මේ මොහොතේ පාලකයන් මෙන්ම උතුරේ සහ දකුණේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පින්සිදු වන්නට සැප පහසුකම් ලබන දේශපාලඥයින් කල යුත්තේ පුළුල්, විවෘත සහ නිර්ව්‍යාජ දෘශ්ටි කෝණයකින් මේ ප්‍රශ්නය දෙස බැලීමකි. එක් පැත්තකින් විජයකලාගේ මේ ප්‍රකාශය එයට වෙස්වලාගත් ආශිර්වාදයක් කරගත යුතුය.
කාන්තාවන්ගේ ගෞරවය පිළිබඳ සිතා බැලිය යුතු ප්‍රජාවක් ලෙස මෙරට ජනතාව විජයකලාගේ රෙදි ලිහන්නට උත්සහ කරනවාට වඩා තමන්ගේ රෙද්ද පරිස්සම් කරගැනීමේ දිර්ගකාලීන් තීන්දු තීරණ ගතයුතුම කාලයක් එළඹ ඇත. එල්.ටී.ටී.ය සංවිධානය වැනි ගරිල්ලා ත්‍රස්ත සංවිධානවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ එය එක් නායකයෙක් වටා කේන්ද්‍රගතව තිබීම සහ අදාල නායකයාගේ ඇවෑමෙන් සංවිධානය බිඳවැටීම ය. එසේම අදාල නායකත්වය නොමැතිව නැවත කිසිවිටකදී එවැනි සංවිධාන ප්‍රබලත්වයට පත්නොවන බවට ඕනෑතරම් උදාහරණ ඇත. ලංකාවේදී නම් ජනතා විමුක්ති පෙරමුණ හොඳ උදාහරණයකි. අල්කයිඩා වැනි සංවිධානවලට වී ඇත්තේද එයමය. ඒ නිසා එල්.ටී.ටී.ය නැගිටින කතාවලට නිකරුනේ තුවක්කු දිගුකර පලක් නැත. කල යුතු වන්නේ තවත් පිරබාහරන්ලා බිහිවීම වැලැක්වීමය, එය තුවක්කුවෙන් නොව මිත්‍රත්වයේ දෑත් සහ සංවර්ධනයේ අරුණළු මතින් සිදුකල යුත්තකි. එය විජයකලා මෙන්ම, ලංකාවේ පාලකයන්ද නොදන්නා බව සහතිකය. නොදන්නවාටත් වඩා නොදන්නවා ලෙස සිටීම යනු වඩාත් හොඳ නිර්වචනයකි.
දෙමළ ජනතාව පොදු ප්‍රවාහයට පැමිණෙන තාක් මේ ඔවුන්ගේ ගැටළු වලට පිළිතුරු නොමැතිවිය හැකිය. ඔවුන්ට පොදු ප්‍රවාහයට පැමිණීමට අවශ්‍ය වාතාවරණය සැකසීම රජයක් ලෙස මෙන්ම දකුණේ ජනතාවද සිහි බුද්ධියෙන් කලයුතු දෙයකි. සිංහලයාට යාපනයේ රවුමක් ගැසීම ආතල් එකක් වුවත්, දෙමළාට කොළඹ පැමිණිම මහමෙරකි. නමුත් ඒ කොළඹ එදා තරම් ඔවුන් දෙස ත්‍රස්තවාදී ලේබලය අලවා නොබැලුවත්, බෙල්ලේ සයනයිඩ් කරල නොසෙවූවත් දකුණේ උසිගැන්වීම් වලට වලිගය වනන අන්තවාදී කුක්කන්ගේ උඩුබිරුම්වලට ඔවුන් සසල වනවාක් සේම උතුරේ අන්තවාදීන්ගේ උසිගැන්වීම්වලට නොමග යෑමද නතරවිය යුතුය.
අඩුම තරමේ ඔබට මට අපේ කියා ගීතයක් රස විඳිද්දි ඉන්දියාවේ රහුමාන්ට වඩා ඉහළින් අමරදේව මාස්ටර් සිටී, ලතා මංගේෂ්කාර්ට ඉහළින් නන්දා මාලනි සිටියි. නමුත් මෙරට දෙමළ භාෂාව කතාකරන ජනතාවට දශක ගණනාවක් තිස්සේ වදදුන් යුද්ධය නිසා කලාව සහ සංස්කෘතික අවකාශය පවා අහිමිකර ඇත. අපි අමරදේව ගැන කතාකරද්දී ඔවුන්ට කතාකරන්නට සිදුව ඇත්තේ දකුණු ඉන්දියාවේ ගායකයන් ගැනය, අපි නන්දා මාලනීලාගේ සින්දු වලට තාලය අල්ලන විට ඔවුන් සිදුව ඇත්තේ දකුණු ඉන්දියාවේ ගීතවලට තාලය ඇල්ලීමටය. සංස්කෘතික අවකාශය පවා අදටත් අහිමිව ඇති ඔවුන් ‘ශ්‍රී ලංකාව’ ‘තමන්ගේ රට’ කියා දකින්නේ කෙලෙසද. ඒ නිසා මේ සාධක සියල්ල දෙස මානව දයාවෙන් සහ විවෘතව බලනා මිනිසුන් මිස සිංහ කොඩියේ සිංහයාගේ කඩුව අරගෙන හතර වටේ කොටන මිනිසුන් මේ රටට අවශ්‍ය නැත. එවැනි මිනිසුන් මුලින්ම කපා දමන්නේ කොඩියේ කඩුවට ආසන්නයෙන්ම ඇති බෝ කොළ සතරය. වර්ණ තීරුවලට අත තබන්නේ ඊළඟටය. එවැනි කාබාසිනියාකාරයන්ට වඩා යථාවබෝධයෙන් දුරදකින මිනිසුන් මේ රටට අවශ්‍යකර ඇත. ජාතිකවාදය යන වචනයේ අර්ථය නොදැන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකිනෙකා කොටවන දේශපාලන චරිත උතුරේත්, දකුණේත්,නැගෙනහිරත් අඩුවක් නැත. අපි කඩුව ගතයුත්තේ එවැන්නන්ගේ කටවල් කපා දැමීමට මිස එකිනෙකා කොටාගැනීමට නොව. එවිට එවැනි කඩුවලින් ගැලවෙන්නට විජයකලාලාට, මහින්දලාට, මෛත්‍රීලාට මෙන්ම රනිල්ලාටත් බැරිය.
නමුත් ජනතාව කා කොටාගන්නා තෙක් බලයේ සිටින්නට පාලකයන්ට හැකියාව ඇති නිසා ජනවාර්ගික අර්බුදයට හෝ ආර්ථික අර්බුදයට කිසිකලෙක මේ පාලකයන්ගේ සාක්කුවල, ෆයිල්වල උත්තර නැත. විජයකලාගේ මේ ප්‍රකාශය හරහා ඇය විසින් ඇයව ද, මෙරට පාලකයන් ද, ජනතාව ද නිරුවත් කර ඇත. එසේම මේ රටේ දැවී ගිනිගනිමින් ඇති සමාජ, ආර්ථික ප්‍රශ්න විසින් ජනතාවගේ ඥානය නිරුවත් කර ඇත. එසේම පටු දේශපාලන වාසි නැමති කුහක සංකල්පය විසින් විජයකලා මෙන්ම දකුණේ බොහොමයක් දේශපාලඥයන් බොහෝ දෙනෙක් නිරුවත් කර ඇත. ඒ නිසා කුඩා කල සිට අපි ‘කුඩා පොදු සාධක’ සහ ‘මහා පොදු සාධක’ වෙන් කර දකින්නට ගණිත කර්මයෙන් හුරුකලා සේ ඉහත කී කාරණා වලින් මහා පොදු සාධකය වෙන්කරගෙන දකිනවානම් සැබෑ නිරුවත දකින්නට ඉඩකඩ ලැබෙනු ඇත.
උපුටා ගැනීම - www.her.lk