විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ
විජයකලාගේ ඊලාම් සිතියම ඩග්ලස් දේවානන්දගේ වැඩක් බව හෙලිවේ
අන්තර්ජාලය ඔන්සේ පුචාරනය වන මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකා විජයකලා මහේශ්වරන්ගේ ප්රචාරක රථයක් යයි පැවසෙන රථයේ ඇති ඊලාම් සිතියම, ඩග්ලස් දේවානන්ද විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කරන ලද එකක් බව මේ වන විට හෙලි දරව් වී ඇත.
ඊයේ අප අනාවරණය කළ පරිදි පසුගිය දා හිටපු ප්‍රභල අමාත්‍යංශ ලේකම් වරයෙකුගේ නිවසේ පැවති ශ්‍රී-ලංකාව තුල ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්රණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාවට විරුද්ධව ජාතිවාදය ඇවිස්සීමේ කර්ත්‍රව්‍ය භාර වී ඇත්තේ ඩග්ලස් දේවානන්දට බවත් මේ වන විට අනාවරණය වී ඇත. මෙහිදී ඔහුගේ වාහනයක් මහේෂ්වරන්ගේ ආධාර රථයක් ලෙස සකසා මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම තමා සම්පූර්ණයෙන් හෙලා දකින බවයි.
තමා වරක් සටන දේශපාලන සංවාදයේදී සිංහලෙන් කරන ලද ප්‍රකාශයක් වැරදි ආකාරයෙන් අර්ථනිරූපනය කර ප්‍රචාරනය කිරීම මත මෙවැනි කුමන්ත්‍රණයකට තමාගේ නම පටලවා ගැනීම පහසු නිසා මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදින.
පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් ඉන්දියාවේ ඡායාරූප සහ පැරනි විඩියෝ පට යොදාගනිමින් මේ ආකාරයේ නොමග යවනසුළු තොරතුරු බෙදා හැරීමට කටයුතු කරන ලද බව සියළු දෙනාම අමතක නොකල යුතු බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.
Code:
http://theceylon.net/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%A9/