විජයග්‍රහණය සාමකාමීව සමරන්න

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    විජයග්‍රහණය සාමකාමීව සමරන්න

    "විජයග්‍රහණය සාමකාමීව සමරන්න.." -නව අගමැතිගෙන් ප්‍රකාශයක්.

    ලක්දිව නව හිරු පායයි -ඉතිං හදමු අපි අලුත් රටක්..... 🇱🇰 🇱🇰

    ඊයේ උදෑසන ආරම්භ වූ ජනබල මෙහෙයුම මධ්‍යම රාත්‍රිය තෙක් අඛණ්ඩව ගෙනගිය අතර අවසානයේ අරලිය ගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමෙන් අවසානයට පත්විය..

    ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ක්‍රි.පූ. 161 විජිතපුර මහ සටනට පමණක් දෙවෙනි වූ මේ මහා සංග්‍රාමයෙන් ඓතිහාසික ජයක් ලැබීමට පොහොට්ටු ධජය සහිත ඒකාබද්ධ සේනාව සමත් විය.
    රෝහිත අබේගුණවර්ධන සෙන්පතියා යටතේ පැමිණි සේනාවෝ ලක්දිව දකුණු වෙරළ තීරය දිගේ කොළොම්තොටට පැමිණියෝය. ගාලුමුවදොරදී යහපාලන හමුදා සමඟ මුහුණට මුහුණ ගැටෙමින් දරුණු සටනකින් පසු ජය ලබා ලේක්හවුස් වටරවුමට සේන්දු විය.

    යෝෂිත සෙන්පතියා යුධබිමේදී ලද අත්දැකීම් උපයෝගී කොටගෙන දක්ෂ ලෙස සේනාව හසුරවමින් කොලොම්තොට නාවුක වරායේ බලය තම ග්‍රහණයට ගන්නට සමත් විය.
    නාමල් යුවරජු ග්‍රෑන්ඩ්පාස්, ජින්තුපිටිය, අලුත්කඩේ ආරක්ෂක කපොලු බිඳදමා ලේක්හවුස් වෙත ලඟාවිය.
    රුවන්පුර බලකොටුව බිඳදැමූ පවිත්‍රා දේවියද ජයකෙහෙලි නංවමින් සීතාවක ඔස්සේ කොලොම්තොටට ලඟාවිය.

    තුම්මුල්ලේ වීරවංස මහ සෙන්පති තම සේනාවෝ සමඟ ලිබර්ටි වටරවුම ආක්‍රමණය කොට පැය හයක දරුණු සටනකින් පසු අරලිය ගහ මන්දිරයේ බලය තහවුරු කරගන්නට සමත් වූහ.
    ගම්මන්පිල නිලමේ කොලොම්තොටට පැමිණෙන විට සටන අවසන් වී තිබූ හෙයින් ඔහු තම සොල්දාදුවන් සමඟ කොල්ලුපිටියේ කඳවුරු බැඳ ගන්නට තීරණය කළහ. මහින්දානන්ද සෙනෙවි උඩරට සිටද ප්‍රසන්න සෙනෙවියා සියනෑ කෝරළයේ සිටද සටන් කරමින් පැමිණ මහ සටනට එක්විය. අවාසනාවන්ත ලෙස ඇතුගල්පුර ජොනී සෙනෙවියා පමණක් සටනින් පැරදී සිරභාරයට පත්විය.

    සටන ජයග්‍රහණයෙන් අවසන් වන බව දැනගත් මහ නිරිඳු මහින්ද තුමා තම යුවරජවරුන් සමඟ හයිවේ එකෙන් පැමිණ කොට්ටාවෙන් එලියට දමා ජයඝෝෂා නංවමින් ලේක්හවුස් වටරවුමට පැමිණ සේනාව අමතා මැදියම් රෑ නැවත අරලියගහ මැදුර වෙත චතුරංගනී සේනා සමඟ ජයග්‍රාහී ලීලාවෙන් පිටත් විය. ඈතින් එන සේනාවෝ දැක බියෙන් වෙව්ලමින් යහපාලන අගමැති ඇතුලු හෙංචයියන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. ඉතිං රටවැසි අපද ජයපැන් බී ජය මේ විජයග්‍රහණය සමරමු... 🍷 🍷

    ජය සැමරුම් උත්සවය උදෑසන 9.00 ට දෙරණ නාලිකාව ඔස්සේ පමණක් විකාශය වන බවද නව රජය දැනුම්දී ඇත.


    - උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: Travz and Pessimist

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    41120193_2189605574649827_5341139845186060288_n.jpg
     
    • Like
    Reactions: Travz

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොනී සෙනෙවියා පමණක් සටනින් පැරදී සිරභාරයට පත්විය.
    :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    මම හෙලුවෙන්.... හැබැයි මම අනිකගෙ හෙලුවට ඔච්චම් කරනවා... :lol:
    කවදාවත් හෙලුව වහගන්න උත්සහා කරන්න නේ නෑ... :no:
    රනිල්ට හුරේ මහින්දට හුරේ කිය කිය තටමනවා... :P
    වැඩවසම් යුගයේ ප‍්‍රවේණි දාසයෝ.... :oo:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ජය සැමරුම් උත්සවය උදෑසන 9.00 ට දෙරණ නාලිකාව ඔස්සේ පමණක් විකාශය වන බවද නව රජය දැනුම්දී ඇත.