විජය පත්තරේ තිබුනා චොක්ලට් හදන විදිය ගැන ආටිකල් එකක්. ඒක කියවලා ගෙදර කොකෝවා ගහෙන් ඉදිච්ච කොකෝ ගෙඩියක් අරන් කාලා සුද්ද කරලා ඇට ටික කුඩු කරගත්තා.විජය පත්තරේ තිබුන විදියට කරන්න ගිහින් මෙලෝ රහක් නැති වෙලා ගොඩ දාගන්න බැරුව කොර වෙලා ඉන්නකොට සීයා ඇවිල්ලා පිටි ටිකක් හලලා බැලුවා. එතකොට නම් රසට ආවා.
අයෙ අවුරුද්ද දවසක ජනක්රීඩා ගැන ආටිකල් එකක් තිබුනා විජය පත්තරේ ම. උණ වෙඩි කලින් අහලා වත් තිබුනෙ නෑ හැබැයි ඒක දැකලා ආසාවක් ආවා හදලා බලන්න. පත්තරේ තිබුන විදියට ම හැදුවා. ඒ උනාට පොහ් ගානවා විතරයි ලොකු සද්දයක් ආවේ නෑ. එහෙම ඉන්නකොට සීයා බලන් ඉදලා ඇවිල්ල පිබලා පිබලා ගින්දර දැම්මා.ඒක තමයි හරි ටෙක්නික් එක.ටික දවසක් ගිහින් උන වෙඩිල්ල මට ම පත්තු උනා. ඇහිබැමියි නලලට උඩින් කොන්ඩෙයි මකබෑවිලා වෙලා ගියා.
සතියක් ඉස්කෝලෙ ගියේ නෑ ඉතින්. ඊට පස්සෙ තාත්තා උන වෙඩි තුවක්කුව පලලා දැම්ම.