විජය රජු

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
දඹදිව වඟු රටේ වඟු නම් රජ කෙනෙක් රාජ්‍ය පාලනය කලේය. වඟු රජු හට කලිඟු නැමති බිසවක් සිටියාය. ඔවුන් දෙදෙනා හට සුප්පා දෙවිය නමින් දූ කුමරියක් සිටියාය. ඇයට සිංහ බාහු නමින්පුතෙකුත් සිංහ සීවලී නමින් දුවෙකුත් සිටියහ. ටික කලකින් වඟු රජු මිය ගියේය. ඉන් පසු රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට සිදු වූයේ සිංහ බාහු කුමාරයාටයි. ඔහු රජකම සිය මාමා කෙනෙකුට භාරදී, සිංහ සීවලී කු‍මරියද රැගෙන වනයට ගියහ. ඉන් පසු එහි නගරයක් ඉදි කලේය. එහි රජු වීමට කුමරියක් විවාහ කර ගත යුතු වේ. එසේ සෙවූවද කුමාරයාට ගැලපෙන කුමාරිකාවක් නොවීය. ඒ හෙයින තම නැගෙනිය විවාහ කර ගෙන රාජාභිෂේක ලැබුවේය. සිංහ සීවලී කුමරිය ඉතා වාසනා වන්තය ඇය දරුවන් තිස් දෙදෙනෙකු බිහිකලාය. ඔවුන්ගෙන් වැඩිමහල් කුමරා විජය වන අතර දෙවැන්නා සුමින්ද විය. විජය ඉතා මුරන්ඩු කෙනෙක් විය. සිංහ සීවලී කුමරියත් සිංහ බාහු රජතුමාත් විජය කුමරුගේ මුරන්ඩු ගති ගැන ජනතාව ගෙන පැමිනෙන චෝදනා අසා කෝපවී විජය කුමරුට දඩුවමක් වශයෙන් විජය කුමරු ඇතුළුව ඔහුගේ මිතුරන් සත්සියයක් පිරිස නැවක නංවා පාකර හැරියේය. ඔවුන් සති කිහිපයක් සයුරේ පාවී ගොස් තම්මැන්නාව වෙරලට ගොඩ බැස්සෝය.

විජය ඇත්ළු පිරිස විඩාව නිවා ගැනීම සඳහා වෙරළෙහි දිගා වූහ. විඩාව නිවගෙන නැගිටි ඔවුහු සිය දෙ අත් දෙස බැලූහ. "මාගේ අත් තඹ පාටයැ"යි විජය කීවේය. මිතුරෝද එසේ කියූහ. එසේ නම් මෙය 'තම්බපන්නි' වෙරළ විය යුතුය කියා විජය තීරණය කළේය.
ඒ අතරේදී ඉන්දියාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී මහා කාරුණික බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න විය. විජය කුමරු පිරිස ලක්දිවට ආ බව දිවැසින් දුටු සේක. බුදුන්වහන්සේ සක්‍ර දෙවිඳුට හා නීල උපුල්වන් දෙවිඳුට කතා කොට "මාගේ ශාසනය පිහටුවන්නේ ලක්දිවයි. විජය ඇතුළු පිරිස අද ලක්දිවට ගොඩ බට ඇත. ලක්දිව ආරක්ෂා කිරීම නුඹගේ කාර්යයි." යැයි වදාළ සේක. එතනින් අතුරුදහන් වූ නීල උපුල්වන් දෙවිඳු බමුණු වෙස්ගෙන තම්බපන්නියේ පාතූර්භූත විය. විජය ඇතුළු පිරිසේ අත්වල පිරිත් නූල් ගැට ගැසුවේය.
විජය ඇතුළු පිරිස අසලින් බැල්ලියක යනු දැක එක් සගයකු ඌ පසු පස ගියේය. එහෙත් ආවේ නැත. මෙසේ සියළුම සගයනුත් අවසානයේ විජයත් ඒ දෙසට ගියහ. කපු කටිමින් සිටි ගැහැණිගෙන් "මාගේ යාළුවන් ආවාද" කියා ඇසුවේයත ඇය "නෑ" යැයි කීවාය. "තී බොරු කියයි. මා තී මරමි" කීවේය. "මා ඔබගේ බිරිය වෙන්නම්. මා නොමරන්න" කීවාය.
කුවේණිය හා විවාහ වූ විජය ඇයගේ උදව්වෙන් රටේ බලය අල්ලාගෙන පසුව ඇයව පලවා හැරියේ. මහින්දරටෙන් රාජ කුමාරියක් ගෙන්වාගෙන රාජාභිෂේකය ලැබීය.
විජය රජතුමා වසර 32 ක් රට පාලනය කළේය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.

විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව

මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.

සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

“තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ

උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි

කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.

වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී

(උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.

විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව

මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.

සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

“තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ

උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි

කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.

වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී

(උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
තං නන්දනා දක්‌�ණේය නයං ථෙරං රථෙසහෝ

ඹහාමේඝවනුයHdනං පාචිනද්වාරකං නයි

තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං

(උපුටා ගැනීම – මහාවංශය 15 පරි. 11 ගාථාව)

මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලි�ත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්‌ස රජ යුගයේ ගොඩනැඟිsලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.

මිහිඳු මහරහතන් වහන්සේට වාසස්‌ථානයක්‌ ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්‍යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)

එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්‍රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්‍ර රජු) පසුකාලීනව කාල ප්‍රාසාදය පිහිටි වර්තමාන ජයශ්‍රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්‌ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්‌වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්‌ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්‍ර යක්‌ රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්‍රදාය අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ජයශ්‍රීමහා බෝධි ආරක්‍ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්‌ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්‌ද?

ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස්‌ තැබූ යක්‌දෙස්‌සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්‍රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක්‌ අතුල් පහරින් මරණයට පත් කළ ප්‍රතාපවත් යක්‌ පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්‍ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්‍රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක්‌ බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්‍ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්‌වාම කරගෙන යනු ලබයි.

බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක්‌ ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්‌සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්‍රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්‌විය නොහැක.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මහින්දාගමනයට පෙර පැවැති ආගමික විශ්වාස

මහනුවර, මාරතුගොඩ,
විදුමිණ පිරිවෙනෙහි ආචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

සිතුවම් - සරත් නන්ද කුමාර

ලක්දිව පෙර නොවූ විරූ ආගමික ප්‍රබෝධයක් ඇතිවූයේ මහින්දාගමනයෙන් පසුවය. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමේ ආගමනය සිදු වී ඇත්තේ, ක්‍රි.පූ තුන්වන සියවසේ දීය. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 237 ක් ඉක්ම ගිය පසුවය. සිංහලයන්ගේ ආදි කර්තෘන් වන විජය ඇතුළු පිරිස ලක්දිවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ. හයවන සියවසේය.

ඇතැම් මුලාශ්‍රයන්ට අනුව විජයාගමනය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයේමය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී සක් දෙවිඳු අමතා අනාගතයේ බුදුසසුන ලක්දිව පිහිටන බවත් ලක්දිවට පැමිණෙන විජය ඇතුළු පිරිසට ආරක්‍ෂාව සපයන ලෙසත් දේශනා කළ බව මහාවංසයේ සඳහන් වෙයි.

කෙසේවතුදු විජයාගමනය සිංහල ජාතියේ ආරම්භය ලෙස සැලකීම නිවරදිය. ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි ප්‍රාග් මහින්ද යුගය ලෙස ගැනෙන්නේ විජයාගමනයේ සිට මහින්දාගමනය දක්වා වූ කාලයයි. විජයාගමනයට පෙර බුදුරජාණන් වහන්සේ තෙවරක්ම ලක්දිවට වැඩම කරවු බව බොහී මූලාශ්‍රයන්හි සඳහන් වෙයි.

ලක්දිව විවිධ ජන කොට්ඨාසවලට අයත් ජන කණ්ඩායම් විසුව ද, බුදු දහම තේරුම් ගැනීමට තරම් ඔවුන් පොහොසත් නොවීමද සුදුසු ආගමික පරිසරයක් නොතිබීම ද මේ සඳහා බලපාන්නට ඇත. එහෙත් මහින්දාගමනයට පෙර බුදු දහම ඇදහූ ජන කොට්ඨාසයක් ලක්දිව විසූ බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පිළිගනී. මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ විජයාගමනයේ සිට මහින්දාගමනය දක්වා වූ සියවස් තුනක පමණ කාලය තුළ ලක්දිව පැවති ආගමික පරිසරය විමසා බැලීමටය.

විජය රාජ්‍ය කාලය තුළ විශේෂ වශයෙන් ආගමික පරිසරයක් නිරූපණය නොවුනද, බ්‍රාහ්මණ ආගම හා යක්‍ෂ ආගම ලක්දිව තිබෙන්නට ඇතැයි සැලකිය හැක. ඉන්දියාවේ ලාට රට සිට මෙහි පැමිණි විජය බෞද්ධයෙකු නොවූ අතර ඔහුගේ පරම්පරා ආගම බ්‍රාහ්මණ ආගම යැයි සිතිය හැක. එකල ලක්දිව විසූ කුවේණිය යක්‍ෂ ගෝත්‍රයට අයත් වූ තැනැත්තියකි. එබැවින් ඇය ඇදහූ ආගම යක්‍ෂ ආගම හෙවත් යක්‍ෂයින් පිදීම බව අනුමාන කළ හැක. විජයගෙන් පසුව රජවන පණ්ඩුවාසුදේව රාජ්‍ය කාලයේ ද, ඔහු පුත් අභය රාජ්‍ය කාලයේ ද බ්‍රාහ්මණ ආගමට ප්‍රධාන තැනැක් හිමිව තිබුණු අතර යක්‍ෂ ඇදහිලි, වෘක්‍ෂ ඇදහිලි, නැකැත් පිදීම, ඉටුදෙවි පිදීම ආදි සෙසු ඇදහිලි හා විශ්වාසයන්ද පැවත ඇත.

මහින්දාගමනයට පෙර යුගයේ වැදගත් ආගමික පසුබිමක් නිරූපණය වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය සමයේය. පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ ලක්දිව පැවති ආගමික පරිසරය (ඇදහිලි හා විශ්වාසයන්) කොටස් දහයක් යටතේ සාකච්ඡා කළ හැකිය.

1. බ්‍රාහ්මණ ආගම
2. යක්‍ෂ ඇදහිලි
3. වෘක්‍ෂ ඇදහිලි
4. නැකැත් පිදීම
5. ඉටුදෙවි පිදීම
6. ජෛන ආගම
7. බුද්ධාගම
8. පරිබ්‍රාජක -ආජීවක ආදීන් පිදීම
9. ලිංග පූජාව හා
10. කිසිදු ආගමකට අයත් නොවු පිරිස (මිච්ඡාදිට්ඨික ) යනුවෙනි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බ්‍රාහ්මණ ආගම

ප්‍රාග් මහින්ද යුගයේ ලක්දිව පැවති ආගම් අතර රජුට සමීප ප්‍රධාන ආගම බ්‍රාහ්මණ ආගමය. රජුගේ මෙන්ම ප්‍රභූ ජනයාගේද ප්‍රධාන ආගම වූයේ බ්‍රාහ්මණ ආගමයි. එයට ප්‍රධාන හේතුව එකළ සමාජයේ නියමුවන් වශයෙන් ද රජුගේ අනුශාසකයා වශයෙන් ද (පුරෝහිත) ක්‍රියාකාරි බලයක් බමුණන්ට හිමිව තිබීමයි. විජය රජුගේ පුරෝහිත තනතුර දරා ඇත්තේ උපතිස්ස නම් බ්‍රාහ්මණයෙකි. විජය රජුගේ ඇවෑමෙන් පසු පණ්ඩුවාසුදේව කුමරු පැමිණෙන තෙක් ලක් රාජ්‍ය භාරව කටයුතු කර ඇත්තේ ද මොහුය.

චිත්‍රා කුමාරිය සිය පුත්කුමරුට සිප්සතර ඉගැන්වීම සඳහා ඔහුට භාරකොට ඇත්තේ පණ්ඩුල නම් බ්‍රාහ්මණයාටය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට අනුව පණ්ඩුල බ්‍රාහ්මණයා එකල සමාජයේ ප්‍රභූවරයෙකු, මහා උගතෙකු, මෙන්ම ධනවතෙකුද වශයෙන් ද සමාජයේ බුහුමනට පාත්‍රව ඇත. පණ්ඩුකාභය කුමරුගේ යුද ජයග්‍රහණය සදහා මෙම බ්‍රාහ්මණයාගෙන් විශාල සහයක් ලැබී ඇත. පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් පසු පණ්ඩුකාභය කුමරුගේ අනුශාසකත්වයට ඔහු පුත් චන්ද්‍ර පත්කරගන්නා ලෙස පණ්ඩුල බ්‍රාහ්මණයා ප්‍රකාශ කර ඇති බවත් පණ්ඩුකාභය කුමරු එලෙසම එය ඉටුකර ඇති බවත් පෙනේ. ඔහු පණ්ඩුකාභය කුමරු සමග එකට සිප්සතර හැදෑරු කෙනෙකි.

පණ්ඩුකාභය රජු විසින් බමුණන්ගේ මන්ත්‍ර ජපකිරීම සදහා ඉදිකරණ ලද “සොත්ථිසාලා” ගොඩනැගිලි විශේෂයක් පිළිබඳව මහවංසයේ සඳහන් වෙයි. වත්මන් උගතුන් විසින් මේ සඳහා අර්ථ දෙකක් සපයා ඇත. එක් අරුතක් නම් “සොත්ථිසාලා යනු බමුණන්ගේ මන්ත්‍ර ජප කිරීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි විශේෂයක්” යන්නය. අනෙක් අරුත නම් “ සොත්ථිසාලා යනු වෛද්‍ය කටයුතු සඳහා භාවිත කළ ගොඩනැගිලි විශේෂයක් “ යන්නය. වැඩි දෙනාගේ පිළිගැනිම වී ඇත්තේ පළමු මතයයි.

මේ අනුව බලන විට විජය රජුගේ පටන් පණ්ඩුකාභය රජු දක්වා බමුණු දහම බලවත් ආගමක් බවට පත්ව තිබීම නොරහසකි. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ බමුණු දහමේ වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරයි. ඔහුගෙන් පසු මුටසීව මෙන්ම දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය තුළත් ඉන් පසුවත් රජුට දෙවන වන බලයක් බමුණන්ට තිබීම නිසා ඔවුන්ගේ ආගම වූ බ්‍රාහ්මණ ආගම ප්‍රාග් මහින්ද යුගයේ ප්‍රධාන ආගම බවට පත්ව තිබුණේයැයි සිතිය හැකිය.
යක්‍ෂ ඇදහිලි

විජය රජු ලංකාවට පැමිණෙනවිට ලක්දිව යක්‍ෂ ගෝත්‍රිකයන් බලවත් පිරිසක් බවට පත්ව සිටියහ. යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන වු කුවේණිය විජය රජු විවාහ කරගැනීමෙන් පසුව ඇයට හිමිව තිබූ ලක්රාජ්‍ය විජය කුමරු හිමිකරගෙන ඇත. කුවේණිය යක්ෂ ගෝත්‍රිකයින්ගේ රැජින වශයෙන් කටයුතු කිරීමෙන් එම ගෝත්‍රිකයින් බලවත් පිරිසක් බවට පත්ව සිටීමෙනුත් ඔවුන්ගේ ඇදහීම් විජයාගමනයට පෙරත් පසුවත් බලවත් ආගමක් බවට පත්වී තිබී ඇතැයි සිතිය හැකිය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ යක්‍ෂ ඇදහීම් ප්‍රබලව පැවති බවට මහාවංසයේ 10 වන පරිච්ඡේදයේ 84 - 87 ගාථාවල සඳහන් තොරතුරු වලින් හෙළිවේ.

“පණ්ඩුකාභය රජු කාලවේල යක්‍ෂයා නගරයෙහි නැගෙනහිර දිශාවෙහි පදිංචි කරවුයේය. චිත්තරාජ යක්‍ෂයා අභය වැව පහළ කෙළවරෙහි පදිංචි කරවුයේය. පෙර දාසියකව ඉපිද රජුට බොහෝ උපකාර කළ පසුව යක්‍ෂණියකව උපන් තැනැත්තියක් නගරයෙහි දකුණුදොර පදිංචි කරවුයේය. වෙළඹක වෙසින් සිට රජුට උපකාර කළ වළාමුඛී නම් යක්‍ෂණිය රාජකීය වාසභවන සීමාව තුළ පදිංචිකරවා වාර්ෂිකව බිලි පුජා පැවැත්වීය. රජතුමා උත්සව කාලයෙහි චිත්තරාජ යක්‍ෂයා සමග සමසුනෙහි සිට දෙව් මිනිස් නාට්‍ය නැරඹීය.”

කාලවේල හා චිත්තරාජ යනු රජුට කුඩා කල සිට ආරක්‍ෂාව සැපයූ ආරක්‍ෂයින් දෙදෙනකි. උත්සව සමයෙහි රජු සමග සමසුන් ගෙන නෘත්‍යගීතාදිය නැරඹූ බව මෙහි සඳහන් වීමෙන් පෙනීයන්නේ ඔවුන් මිනිස් වෙසින් සිට රජුගේ සමීපතයන් ලෙසින් කටයුතු කර ඇති බව සහ නිතැතින් රජුගේ ගෞරවයට පාත්‍රව ඇති බවත්ය.

දාසියකව සිට රජුට බොහෝ උපකාර කළ තැනැත්තියක් පසුව යක්‍ෂණියකව ඉපිදීමෙන් අනතුරුව රජු ඇයටද දෙවොලක් කර දී සංග්‍රහ කළ බව සඳහන් වේ. එපමණක් නොව වෙළඹක වෙසින් සිට රජුගේ යුද්ධ කටයුතු සඳහා ෂශාල මෙහෙයක් කළ වළාමුඛී යකින්නට ද වාසභවනක් කර දී වාර්ෂිකව පුද පූජා පැවැත්වීමෙන් රජුගේ කෘතඥතාව මෙන්ම එකල යක්‍ෂ ඇදහැලි පැවති බව ද මින් සනාථවෙයි. මීට අමතරව මහෙජ නම් යක්‍ෂයෙක් ද එකල ජනයාගේ පූජ්‍යත්වයට පත්ව සිට ඇත. යක්‍ෂාධිපතියන් වූ වෛශ්‍රවණ, ජුතින්ධර හා අරිට්ඨ පබ්බතයේ විසූ ජයසේන නම් යක්‍ෂයෙක් ගැනද මහාවංසයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ මෙම යුගයේ යක්‍ෂ ඇදහිලි බොහෝ සෙයින් ජනපි‍්‍රයව පැවති බවයි.

සාවැවේ ආරක්‍ෂාව සඳහා වූ දිය රකුසකු ද එකල මහජනයාගේ ගෞරවයට පාත්‍රව සිටි බව සිව්වන මිහිඳු රජුගේ වෙස්සගිර පුවරු ලිපියේ සඳහන් වෙයි. තරමක ගැටලු සහිත නාමයක් වන පශ්චිම රාජිනී දෙවඟනක් ද එකල මහජනයා අතර පූජ්‍යත්වයට පත්ව සිටි බව මහාංවසයේ සඳහන් වෙයි. ඇතැම් උගතුන් පශ්චිම රාජිනීය යක්‍ෂණියක් වශයෙන් හඳුන්වන අතර සමහරු දෙවඟනක් වශයෙන් ද හදුන්වති. මහාචාර්ය ගෛගර් පවසන පරිදි “ පශ්චිම රාජිනිය යන්නෙන් අදහස් කරනුයේ බටහිර රාජිනිය යන්නයි “ කෙසේ වෙතත් පශ්චිම රාජිනිය ද එකල ජනතාවගේ පූජ්‍යත්වයට පත්ව සිටි බව පැහැදිලිය.
වෘක්‍ෂ ඇදහිලි
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බෞද්ධයනට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වු ඇසතුබෝරුක මහාර්ඝ පුජ්‍ය වස්තුවකි. එය එකල මෙන් අදත් එලෙසම පවතී. එකල සමාජයේ නුගරුක පූජ්‍ය වස්තුවක් වූයේය. එපමණක් නොව තල් ගස ද පූජ්‍ය වස්තුවක් වශයෙන් සලකන ලදී.

අනුරාධපුර බටහිර වාහල්කඩ අසල වූ නුග ගසක් වෛශ්‍රවණයන්ගේ වාසභවන වශයෙන්ද, එහි තිබූ තල් ගසක් ව්‍යාධ දේවයාගේ වාසභවන වශයෙන් පණ්ඩුකාභය රජු විසින් නියම කරන ලද බව ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් මහතා පවසයි. මෙහි සඳහන් නුග ගස යක්‍ෂයකුට අයත් වූ භවනකි. එහෙත් තල් ගස පිළිබඳ මත දෙකක් ඇත. මහාචාර්ය ගෛගර් මේ සඳහා අර්ථ දෙන්නේ “ ව්‍යාධිදේව “ යනුරෝග වලට අධිපති දෙවියාය” යන්නයි. මෙය ව්‍යධිදේව නොව ව්‍යාධදේව යනුවෙන් සලකා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දෙන අනෙක් අරුත නම් මෙය වැද්දන්ට අධිපති දෙවියා යන්නයි” බොහෝ උගතුන් එකගව ඇත්තේ පරණවිතාන මහතාගේ අරුත සමගයි. මෙයින් පැහැදිලි වන්නේ නුගගස හා තල්ගස යන දෙකම එකල පූජනීයත්වයට පත්ව තිබූ බවයි. මෙයින් එකල වෘක්‍ෂ වන්දනාවද පැවති බව පෙනීයයි.
නැකැත් පිදීම

නැකැත් පිදීම ද එකල ජනයාගේ ජනපි‍්‍රය ආගමික අංගයක් බවට පත්ව ඇත. නක්‍ෂත්‍රයන්ගේ නම් පුද්ගලනාමයන් වශයෙන් භාවිත කිරීමේ සිරිතක්ද පැවත ඇත. මෙසේ පුදනු ලැබුු නැකැත් අතුරෙහි කාර්තික, රෝහණ , ආශ්ලේෂ, ඵාල්ගුණ, විශාඛ, අනුරාධ, ආශාඪ , හා රේවත යන නැකැත් ප්‍රධාන තැනක් ගෙන ඇත. නිවාඩු දිනයන්හි නක්‍ෂත්‍ර හා සම්බන්ධ වී විශේෂ උත්සව ආදිය ද පවත්වා ඇත. විශේෂයෙන් මේ සඳහා යොදාගෙන ඇත්තේ දඩයමේ යෑමයි. තිස්ස රජුට මිහිඳු හිමියන් මුණගැසුනේ ද මෙවන් සැණකෙළි දිනයක දීය. එය සමන්තපාසාදිකාවෙහි “ජෙට්ඨ නක්ඛත්ත මූල “ ලෙස හඳුන්වා ඇත. මෙයින් පැහැදිලි වන්නේ සමහර නැකැත් දින සැණකෙළි රජුගේ සහභාගිත්වය සහිතව පැවැත්වූ බවයි.

ඉටුදෙවි පිදීම

ඉටුදෙවියා යනු ඒ ඒ කටයුතු වලට අධිගෘහිත දෙවියාය. දඩයම් කරුවන්ගේ ඉෂ්ට දේවතාවා වුයේ ව්‍යාධ දෙවියාය. කර්මා කාරකයන්ගේ හෙවත් කම්මල්කරුවන්ගේ ඉටුදෙවියා කම්මාර දේව නම් විය. මීට අමතරව අනුරාධපුර නගරයට අධිගෘහිත ඉටුදෙවියෙක් ද විය. පණ්ඩුකාභය රජු ඇතැම් දේව කුලයන්ට නගර අභ්‍යන්තරයෙහි දෙවොල් කරදීමෙන් පැහැදිලි වන්නේ දෙවියන් පිදීම ද එකල ආගමික අංගයක් වූ බවයි. ඒ ඒ නගරවලට අධිගෘහිත දෙවියන් ඒ ඒ නගර වැසියන්ගේ ඉටු දෙවි විය. වර්තමානයේ ද ඒ ඒ ප්‍රදේශවලට අයත් ගම්භාර දෙවියන් සිටින්නේ මෙහි නෂ්ටාවශේෂ වශයෙනි.
ජෛන ආගම

ලක්දිවට ජෛන ආගම පැමිණ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සමකාලීනයකු වු ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථපුත්ත මුනිවරයාගේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ යන නිගණ්ඨයින් සඳහා පණ්ඩුකාභය රජු විසින් වාසස්ථාන ඉදිකරදුන් බව මහාවංසයේ සඳහන් වෙයි. වළගම්බා රාජ්‍ය සමයේ ගිරි නිගණ්ඨයාගේ ආරාමය බිඳ දමා අභය ගිරිය කරවීමෙන් මහින්දාගමනයෙන් පසුව ද ලක්දිව නිගණ්ඨයින් විසූ බව පැහැදිලි වෙයි. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා පවසන පරිදි ප්‍රාග් බෞද්ධ යුගයේ ජෛන ආගම එතරම් ජනපි‍්‍රය ආගමක් බවට පත්ව නැත.
බුද්ධාගම

ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩමකොට ඇත. පළමු ලංකාගමනේ දී මහියංගණයට වැඩම වු අතර දෙවැන්න සිදුව ඇත්තේ නාගදීපයටයි. එහිදී බුදුරජාණන් වහන්සේ මැණික් පළඟක් නිසා චූලෝදර මහෝදර නාගවංශික නායකයින් අතර සිදුවන්නට ගිය මහා ව්‍යසනය නවතා ඔවුන්ට ධර්මය දේශනා කොට ඇත. එහිදී නා රජවරුන් ප්‍රධාන බොහෝ දෙනෙක් සරණ ශීලයෙහි පිහිටි බවත් සඳහන් වෙයි. ඒ අනුව ඔවුන්ගෙන් පැවත එන සරණශීලයෙහි පිහිටි හෙවත් බුදුදහම අදහන පිරිසක් මහින්දාගමනයට පෙර ලක්දිව සිටිය යුතුමය. ලක්දිවට බුදු දහම පැමිණෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් තුනක් ඉක්ම ගිය තැනය. විශාල පිරිසක් බුදුරදුන්ගේ දෙවන ලංකාගමනේදී සරණ ශීලයෙහි පිහිටි බව ඓතිහාසික මූලාශ්‍රයන්ගේ සඳහන් වෙයි. එබැවින් මෙම සියවස් තුනක කාලය තුළ අවම වශයෙන් බදු දහම ඇදහූ සුළු පිරිසක් හෝ ලක්දිව සිටිය යුතුය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේ දී කැලණියට වැඩම කළ අතර එය සිදුවී ඇත්තේ මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් බවද සඳහන්වේ. එහි දී බුදුරජාණන් වහන්සේ නූතනයේ සොළොස්මස්ථාන ලෙස භාවිත සියලු තැන්හි සුළු වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බවත්, එම ගමනේදී සුමන සමන් දෙවිඳුගේ ආයාචනයෙන් සමන් ගිර මුදුනෙහි සිරිපා සටහන තැබූ බවත් සඳහන් වෙයි. මේ කරුණු සලකා බලන විට මහින්දාගමනයට පෙර බුදු දහම ඇදහූ සුළු ජන පිරිසක් හෝ සිටි බව පිළිගත හැක. මහින්දාගමනයට පෙර බුදු දහම ඇදහූ ජන කොට්ඨාසයක් ලක්දිව විසූ බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පිළිගන්නේ ද මෙම කරුණු සැලකිල්ලට ගෙනය.
පරිබ්‍රාජක -ආජීවක ආදීන් පිදීම

බුදුරජාණන් වහන්සේගේ සමකාලීනයෙකු වූ මක්ඛලීගෝසාලයන්ගෙන් පැවත එන, නිත්‍ය වාසස්ථානයක් නොමැති, තැන තැන ඇවිදිමින් දිවිගෙවන පිරිස පරිබ්‍රාජක ආජීවක යන නම් වලින් හඳුන්වා ඇත. පණ්ඩුවාසුදේව රජුගේ බිසව වු භද්දකච්චානා කුමරිය ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ද පරිබ්‍රාජක හෙවත් පැවිදි වෙසින්ය. පණ්ඩුකාභය රජු විසින් පරිබ්‍රාජකයන්ට ආශ්‍රමයක්ද, ආජීවකයින්ට ආශ්‍රමයක්ද වශයෙන් ආරාම කර දුන් බව මහාවංසයේ සඳහන් වේ. මේ අනුව ප්‍රාග් මහින්ද යුගයේ පිරිස පරිබ්‍රාජක ආජීවක (පාසණ්ඩ) ආදි ආගමික පූජකයින් සඳහන් වීමෙන් ඔවුන්ව විශ්වාස කළ හෙවත් ඇදහු පිරිසක් එකල ලක්දිව විසු බව පිළිගත හැක. මීට අමතරව ශ්‍රමණ ගණයට අයත් තාපස නමින් හැඳින් වු පිරිසකටද පණ්ඩුකාභය රජු ආශ්‍රම කරදුන් බව තවදුරටත් මහාවංසයේ විස්තර වෙයි.
ලිංග පූජාව

පණ්ඩුකාභය රජු විසින් සිවිකාශාලා නමින් ගෘහ විශේෂයක් ඉදිකළ බව මහාවංසයේ සඳහන්වේ. වත්මන් උගතුන් විසින් සිවිකාශාලා යන්නට අර්ථ දෙකක් සපයා ඇත. පළමු වැන්න නම් “ සිවිකාශාලා “ යනු ශිව ලිංගය පිහිටුවීම සදහා කළ ගෘහ විශේෂයක් යන්නය. දෙවැන්න නම් “සිවිකාශාල” යනු සූතිකාගාරය යන්නය. මහාචාර්ය පරණවිතාන මහතා පළමු අර්ථය සමග එකඟවන අතර මහාචාර්ය ගෛගර් මහතා දෙවැන්න හා එකඟ වෙයි. දෙවන අර්ථයට වඩා පළමු අර්ථය මේ උචිත බව පෙනී යයි.

පණ්ඩුකාභය රජුගේ සමකාලීනයකු වූ මෞර්ය රාජවංශයේ ආදි කර්තෘ වන චන්ද්‍රගුප්ත රජුගේ අනුශාසකයා වු කෞටිල්‍ය ඔහුගේ අර්ථ ශාස්ත්‍රය නමැති ග්‍රන්ථයට එකල ඉන්දියාව තුළ පැවති ආගමික පරිසරය මෙන්ම පුජ්‍යත්වයට පත් දෙවිවරුන්ගේ නම් ද ඇතුළත් කොට ඇත. ඒ දේව නාම අතරට ශිව දෙවියාගේ නමත් ඇතුළත්ව තිබීමෙන් පෙනී යන්නේ ශිව දෙවියා ද එකල ඉන්දියාවේ පූජ්‍යත්වයට පත් වූ බවය. මේ තුළින් අපට සිතිය හැක්කේ එකල ඉන්දියාවේ පැවති සියලු ආගමික පරිසරයම ලක්දිවට සේන්දුවුවා සේම ශිව ලිංග පූජාව ද ලක්දිව ජනයා අතර ප්‍රචලිත වන්නට ඇති බවයි.
කිසිදු ආගමකට අයත් නොවු පිරිස
(මිච්ඡාදිට්ඨික)

බොහෝ පිරිසක් උක්ත ආගම් හා ඇදහීම් වලට අනුගතව ක්‍රියා කළද ඇතැම් පිරිසක් මෙම එකදු ආගමක් හෝ ඇදහීමක් විශ්වාස කොට ජීවත් වන්නට ඇත. ඔවුහු ප්‍රාථමික ජනකොට්ඨාසයක් වශයෙන් තම දෛනික කටයුතු ගැන පමණක් සිතා ජීවත් වන්නට ඇත. මහාවංසයේ මිච්ඡාදිට්ඨි කුල පන්සියයක් ඣාධපාලි පුර දකුණු දිසාවෙහි වාසය කළ බව සඳහන් වේ. මිච්ඡාදිට්ඨි කුල වශයෙන් හඳුන්වා ඇත්තේ කිසිදු ආගමක් නො ඇදහුු මේ ජන පිරිස විය යුතුය.

මේ අනුව බලන විට ප්‍රාග් මහින්ද යුගයේ ආගම් හා විශ්වාසයන් කිහිපයක්ම ලක්දිව ප්‍රචලිතව තිබූ අතර කිසිදු ආගමක් ප්‍රමුඛ නොවීය. එහෙත් බ්‍රාහ්මණ ආගම රජුට සමීපව ක්‍රියා කිරීම නිසා තරමක රාජානුග්‍රහයක් ලන්නට ඇත. සමහර පුද්ගලයින් එක ආගමක් හෝ ඊට වැඩි ගණනක් ඇදහු අතර ඇතැම් අය එකදු ආගමක් හෝ විශ්වාස නොකරන්නට ඇත.

මෙවැනි ආගමික පසුබිමක් තුළ ක්‍රි.පූ. 3 වන සියවසේ බුදු දහම ලක්දිවට ලැබුණු අතර එය ජනතාව අතර ජනපි‍්‍රය වීමට මෙම අක්‍රමික ආගමික පසුතලය ද බලපාන්නට ඇත. මහින්දාගමනයෙන් ඇතිවු ධර්මාලෝකය රජුගේ පටන් දැසි දස්සන් දක්වා විහිදී ගිය අතර නොබෝ කලකින්ම ප්‍රධාන රාජ්‍යාගම බවට බුදුදහම පත්විය.

බුදු දහම ඉතා ටික කලකින්ම ලක්දිව ප්‍රධාන ආගම බවට පත්වූ නමුත් එකල පැවති ආගමික විශ්වාස හා ඇදහිලි ජනතාව අතුරින් මුළුමනින්ම තුරන් වී ගිය බවක් පෙනෙන්ට නැත. බුදුදහම ලැබී මේවන විට අවුරුදු 2400 කට ලංව ඇතත් මේ යුගයේ ද අතීතයේ පැවති එම ආගමික පරිසරය නව මුහුණුවරකින් විද්‍යමාන වේ.



SOURCE
http://vidura-rule.blogspot.com/2008/10/blog-post_25.html
http://ravanalankapura.wordpress.com/king-vijaya-and-mahavamsa/