විජිත රෝහණ කාපු මුල්ම ලණුව
ජාතියේ මහා අනාවැකි කරු
බයිදෙයි විජිත් රෝහණ කාපු මුල්ම ලනුව ගැනයි මේ බොල්ග් සටහන
(දෙවෙනි ලනුව එළකිරි ත්‍රෙඩ් එකක් ගියා )
මරිමෝඩ නාවික සෙබළා
රජීව් ගාන්ධිට හමුදා පෙරෙට්ටුවක් නිරීක්ෂණය කරන මොහොතකදී රයිෆල් බඳෙන් පහර දීමේ සිද්ධිය මතකයට ආවේ ඒ මරිමෝඩ වැඩේ කළ නාවික සෙබළා සිවිල් පුරවැසියෙකු ලෙස අත් අඩංගුවට ගැනීමට කරුණු කාරණා යෙදී ඇති මොහොතකයි.
ඒ සමඟම මගේ මතකය වසර තිහකට එහා අතීතයට දිවෙනවා.
සමහර විට කෙදිනක හෝ මා අතින් ලියැවෙන්නට ඉඩක් නැති එක්තරා සුවිශේෂී හේතුවක් මත නාවික හමුදා නිලධාරියෙකු ලෙස අධිකාරිලත් මිලිටරි හමුදා සේවයට බැඳුණු මා යුද හා ගිනි අවි පුහුණුවෙන් පසු අනුයුක්ත කරනු ලැබුවේ ආරක්ෂක වළල්ලේ නාවික බලකායටයි.
ඒ උතුරත්, දකුණත් එක සේ ගිනියම් වී තිබුණ 80 දශකයේ අග භාගයේදීයි.
"ජයසාගර" හා "එඩිතර" නෞකාවන්හි පුහුණු වීමේ කාලය තුළ කෙටිකාලීන මුහුදු ගමන්හි යෙදී තිබුණත් මගේ පළමු පත්වීම ලෙස අනුයුක්ත කරනු ලැබුවේ "රක්ෂක" නම් ලැබූ Chinese Gun Boat එකටයි. ඒ වන විට ගන් බෝට්ටු වල ඉංජිනේරුවන් සේවය නොකළත් අදටත් මා නොදන්නා හේතුවක් මත මා එසේ මුල් වරට අනුයුක්ත කරනු ලැබුවා. සමහර විට එසේ කරන ලද්දේ ලොකු නෞකාවක ඉංජිනේරුවෙකු ලෙස පත් කරන්නට පෙරහුරුවක් ලෙසින් වෙන්නටත් පුළුවනි.
"රක්ෂක" වෙත අනුයුක්ත කරනු ලැබීම මා ලද වාසනාවක් කොට සලකන්නේ මුහුදු ආරක්ෂණ කලාපයේ අත්දැකීම් ලබන්නට ලද අවස්ථාව නිසා නොව එහි කපිතාන් වශයෙන් සේවය කළ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහාත්මයෙකු වන නාවික නිලධාරියෙකු යටතේ සේවය කරන්නට ලැබුණු නිසයි. එවකට ලුතිනන් කොමාන්ඩර් නිලය හෙබැවූ ඔහු උසස් නිලධාරියෙකුට වඩා සමීප මිතුරෙකු සේ කටයුතු කළා.
ඒ අන් කවුරුත් නොව ඉලංගකෝන්ගේ විවරණය බ්ලොග් සටහන් ලියන විශ්‍රාමික රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්.
මහනුවර ධර්මරාජයේ ආදි සිසුවෙකුවූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා උපාධිධරයෙක්.
උපාධිධාරීන් වහ කදුරු වූ බොහෝ නාවික හමුදා නිලධාරීන් පිළිබඳ අත්දැකීම් මධ්‍යයේ අප'තර හිතවත්කමක් ගොඩනැගීමට ඔහු උපාධිධරයෙකු වීමද බලපාන්නට ඇතැයි අද මා සිතනවා.
සමාන්‍යයෙන් නැව් පදවන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් (Executive Officers) වුණත් ඉංජිනේරු නිලධාරියෙකුවූ මා හට තනිවම සුක්කානම හසුරුවමින් ගන් බෝට්ටුව ජැටිය වෙත හෝ මව් නෞකාවක් වෙත සේන්දු කරන්නට (along side) අවසර දීමෙන් පෙනෙන්නේ හිතවත්කමට වඩා ඔහුගේ නිර්භීතබවයි. එසේම වැඩේ හරියට කරනු ඇති බවට මා කෙරෙහි ඔහු වෙත වූ විශ්වාසයයි.
සති තුනක් මුහුදු රාජකාරි ගොස් ආපසු ගොඩබිම බලා එන, යලි දින කිහිපයකින් ආරක්ෂක වළල්ලට රපෝර්තු කරන චක්රයක රාජකාරි කිරීමෙන් අනතුරුව මා අනුයුක්ත කෙරුණේ කන්කසන්තුරේ වරාය මූලික කොටගෙන ආරක්ෂක කටයුතු වල යෙදෙන චයිනීස් ගන් බෝට් හා ඊශ්‍රායෙල් ඩෝරා(Dvora) යාත්‍රාවන්හි මව් නෞකාවක් ලෙස කටයුතු කළ ජපන් "කොටා මාරු" නෞකාවටයි.
("කොටා මාරු" යනු ජපන් මුල් නම හෙයින් නාවික හමුදව ඊට සංකේත අංකයක් ලබා දී තිබුණත් මට එය මතක නැහැ. ඒ නිසා "කොටා මාරු" ලෙසම යොදනවා.)
"කොටා මාරු" නැවේ කපිතාන් වූයේ පසු කලෙක නාවික හමුදාපති වූ සෝමතිලක දිසානායකයි. "සරිගම" ඇතුළු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සෝමරත්න දිසානායකගේ සොහොයුරායි. "වෙඩික්කාරයෝ" වැනි වේදිකා නාට්‍ය ගෙනා නාට්‍යකරුවෙකු වූ සෝමරත්න ගැන අසා තිබුණත් සෝමතිලක ගැන මා දැන සිටියේ නැහැ. පුවත්පත් වලට ඔහු කවි ලියන්න ගත්තේ පසුවයි. ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක මුහුදේ සිට කාංසියට ලියූ අපූරු කවියක් මා ඔහුගෙන් ඉල්ලා දිවයිනේ දොඩංට(චන්ද්‍රසිරි දොඩංගොඩ) යැවූ විට එය පළවූවා මතකයි.
(මා local spirit පෙරන්නට ඉගෙනගත්තේ මේ නැවේදී. ඒ ගැන වෙනම නොකී කතාවක් ලියන්නම්.)
මේ නැවේ ඉංජිනේරු නිලධාරියා හැටියට යාන්ත්‍රික හා විදුලි අංශයන්ට අයත් නැවියන් මා යටතේ සිටියා. කපිතාන්වරයාගේ අනුමැතිය යටතේ ඔවුන්ගේ උසස්වීම් සහතික කළේත්, වාර්ෂික නිර්දේශ ඉදිරිපත් කළේත් මා විසිනුයි. ඒ අතරින් විදුලි කාර්මිකයෙකු වූ රෝහණ මට ඉතා හොඳින් මතක හිටියේ ඔහු හමුදා විනයට අනුකූලව කටයුතු නොකළ නිසයි.
මා එසේ කියන්නේ, සිද්ධිය හරියටම කුමක්දැයි අද මට අමතක වුවත් නැවේ ආහාර සම්බන්ධ ප්‍රශ්නයකදී ඔහු මුළුතැන්ගේ සෙබළුන් සමඟ ආරෝවක් ඇති කර ගත්තා. මට එයට මැදිහත්වන්නට සිදු වුණා. ඔහු එහිදී තමන්ට ඉහළ නිලධාරීන් විවේචනය කළා. එය හමුදා විනයට පටහැනි බව පැහැදිලි කළත් රෝහණ ඒ බව පිළිගන්නට සූදානම් වුණේ නැහැ.
අවසානයේ නිර්දේශ වාර්තාවේ ඔහු පිළිබඳ විවේචනාත්මක රෙකමදාරුවක් කළා මතකයි. එය ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවේ තියෙන්නට ඇති.
ටිකක් නාහෙට නාහන කණිෂ්ඨ නාවික සෙබළෙකු ලෙස මා තේරුම් ගෙන සිටි රෝහණ තම රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටු කළ බව සඳහන් කළ යුතුයි.
1987 ජූලි මාසය වන විට මා "එඩිතර" නෞකාවේ දෙවන ඉංජිනේරු නිලධාරියා ලෙසයි රාජකාරි කළේ. ඉංදියානු නාවික හමුදාව මුහුදින් ආහාර රැගෙන එන විට ඊට එරෙහි වීමේ තීන්දුව කොළඹින් ලබාගෙන ඒ බව දන්වන්නට ලුතිනන් කොමාන්ඩර් රාජරත්නව ඩෝරා යාත්‍රාවෙන් පිටත් කොට හැරියේ ආරක්ෂක වළල්ලේ ලාංකික මුහුදු සීමාවේ රාජකාරි කළ "එඩිතර" නෞකාවේ කොමාන්ඩර් මුසාෆායි. ඒ අවස්ථාවේ "එඩිතර" නෞකාවේ රාජකාරි කළ මා හට මුළු සිද්ධියම දැක බලාගන්නට හැකි වුණා.
පසුවදා ගුවනින් ආධාර හෙළා ජේ.ආර්. ජනාධිපතිගේ බල බිඳ දැමූ රජීව් ගාන්ධි අගමැතිවරයා කූප්රකට ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් කරන්නට පැමිණි මොහොතේ පැවැත්වූ ආචාර පෙළපාළියේදී නාවික සෙබළෙකු රයිෆල් බඳෙන් පහර දෙනු ත්‍රිකුණාමලයේ නිලධාරී නිවස්නේ සිට රූපවාහිනියෙන් නැරඹුවත් ඒ ප්‍රහාරය එල්ල කළේ මා ඉහතින් සඳහන් කළ රෝහණ සෙබළා බව මා දැන ගත්තේ පසුවයි.
ඒ මොහොතේ වෙඩි නොකා බේරුණු නාවික සෙබළා මොන තරම් මරිමෝඩයෙකුදැයි මා කල්පනා කළා.
---------------------------------------------------------
කුරිරු යුද්ධයේ ම්ලේච්ඡ බව පසක් කොට ගෙන වසර පහක කොන්ත්‍රාත්තුව අවසානයේ නාවික හමුදාවෙන් ඉවත් වන්නට ලිපි ලේඛන බාර දුන්නේ මා මිලිටරි හමුදාවට බැඳෙන්නට හේතු වූ කාරණා තව දුරටත් වලංගු නොවූ නිසයි.
in the Comments
lakshman illangakoonWednesday, February 01, 2017;
හෙන්රි , මට යාන්තම් මතකයි කවුරුහරි කිව්ව ඔය හාදයා ඇත්තෙන්ම පෙරෙඩ් එක දවසෙ උදේ ලෙඩ වාර්තා කරල පෙරෙඩ් එකට නොයා ඉන්න උත්සාහ කරාකියල
නොකී කතාWednesday, February 01, 2017;
මටත් එහෙම මතකයක් තියෙනව සර් ...මෙතන තිබුණ ජාති ආලයක් නෑ. (එහෙම තිබුණ නං මෙහෙම ගොං වැඩක් කරන්නෙත් නෑ)
දේශ්පාලන වාසි වලටනෙ කට්ටිය පස්සෙ පොර කළේ.
source http://nokieekatha.blogspot.com/2017/02/blog-post.html