විජේදාස රාජපක්ශගෙ කේස් එක?

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    මංගලගේ ලේකම් කුඩුත් එක්ක ඇල්ලූ STF ප්‍රධානියා තනතුරෙන් ඉවතට

    http://www.colombotoday.com/36979-24629

    ekama pache hama thanama daanna epa ban :lol:


    News eke title eken "?" halila.


    :lol::lol::lol:


    Today's news:



    ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ්ට එස්ටීඑෆ් එකට අමතරව මත්ද්‍රව්‍ය නාශනයත්, අපරාධ මර්දනයත් දෙකම බාර දෙයි: කලකට පසු කළ හොඳම වැඩක්..!


    ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ, අවංක සහ අනම්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය ද, අපරාධ මර්දන අංශය ද යන අංශ දෙකම බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

    පොලිස් කොමිසම විසින්ද මෙම පත්වීම් ද්වයට අනුමැති දී පොලිස්පති වරයා විසින් අදාල පත්වීමේ ලිපිය අද දහවල් ලතීෆ් මහතා වෙත බාර දී ඇත.

    පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය.

    ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දී දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි.


    ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එස්ටීඑෆ් කොමඩාන් වරයාට මත් ද්‍රව්‍ය නාශක අංශයත් අපරාධ මර්දන අංශයත් දෙකම බාර දීමෙන් මෙතෙක් සිදුවෙමින් තිබූ නීතියේ හිලක් වසා දැමිය හැකි බවයි. එනම් මෙතෙක් එස්ටීඑෆ් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව නීතිය හමුවට ගෙන යෑමට එස්ටීඑෆ් එකට බලයක් තිබුනේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ අත් අඩංගුවට ගන්නා ජාවාරමුන් පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඒ හරහා අධිකරණයට ඉදිරිපත් කරවීම ය. එහිදී බී වාර්තා වෙනස් කරමින් නොයෙක් ජල්බරි කර අපරාධකරුවන් නීතියෙන් රිංගා ගිය අවස්ථා අනන්තවත් තිබිණ. මන්ද යත් මෙහෙයුමක් සිදුකර අත් අඩංගුවට ගන්නේ එක් පිරිසක් වන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නේ තවත් පිරිසක් වන බැවිනි. සත්‍ය වශයෙන්ම සමීර මනහර ඇතුළු පිරිස එස්ටීඑෆ් මගින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දී පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරද්දී සමීරට එරෙහිව බී වාර්තාවේ කිසිවක් සඳහන් නොවීමෙන් පෙර කී ආකාරයේ හිලකින් ඔහු රිංගා ගියා දෝ යි සැකයක්ද මතුව තිබිණ. කෙසේ වෙතත් දැන් එවැනි නීතියෙන් රිංගා යෑමේ අවස්ථා මග හැරෙනු ඇත. මන්ද යත් සියළුම අංශ එනම් එස්ටීඑෆ් නාකොටික් සහ ක්‍රයිම් අංශ 3 ම එක එකට යා වී ඇති බැවින් නීතියේ හිල් බොහෝ සෙයින් වැසී යාම ය.

    මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය.


    - http://www.lankaenews.com/news/6178/si
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ විජේදාසට දෙන credit එක හඳුන්නෙත්තිට දෙන්න නැති එකෙන් පැහැදිලිවම පේනවා කාටද කඩේ යන්නෙ කියල

    උඹ කොච්චර වහන්න හැදුවත් පස්සෙ එලි වෙයි විජේදාස, රනිල්, මහින්ද deal එක මොකද්ද කියල

    අනිවා.. බැඳුම්කරේ කලේ රනිල්නම් ඌත් හිරේ යන්න ඕනෙ. ඒ වගේම CSN එක දාන්න යෝශිතට සල්ලි ලැබුනෙ කොහෙන්ද කියලත් හොයල ඌවත් හිරේ දාන්න ඕනෙ

    ඕවා කවදාවත් වෙන්නෙ නැති දේවල් බන්

    රනිල් හිරේ යන්නෙත් නෑ, මහින්ද යන්නෙත් නෑ, යෝශිත යන්නෙත් නෑ

    උඹට හම්බ වෙන පඩියට උඹ මේවගෙ posts දානවා

    මට මේකෙ argue කරා කියල හම්බ වෙන ලබ්බක් නෑ

    මම ජොබ් එක කලොත් මම කීයක් හරි හොයාගෙන කාලා බීලා ඉන්නව

    හදුන්නෙත්තිට ක්‍රෙඩිට් එක යන්ඩ ඔනෙ නම් ගියාවෙ මොකක්ද තියෙන අවුල....රවී ගෙදර ගියෙ කොමිසම නිසාද....හදුන්නෙත්තිගෙ කෝප් එක නිසාද කියල හැමෝම දන්නව...හදුන්නෙත්ති පාර්ලිමේන්තුවෙ තමන්ගෙ සීමාවෙදි යමක් කරා...කොමිසමේදි ඊට වඩා කාර්යක් උනා තියෙන බලතල එක්ක...ඕක තේරෙන් නැත්තන් කතා කරල වැඩක් නැ...

    මම මොකක්ද වදන්ඩ හැදුවෙ විජේදාසගෙ??? නිකන් බයිල කියන්ඩ එපා...ඇත්ත කියුවම උබට රිදුනට කරන්ඩ දෙයක් නැ....මහින්දව පෙන්නල විජේදාසව අයින් කරන්ඩ හදන්නෙ අගමැති රනිලට බැදුම්කර වචාවෙන් බේරෙන්ඩ...ඔක සරල දෙයක්නෙ...රවීට බඩු පැකට් වෙනකන් විජේදාස හොදායි....පැකට් උනාම විජේදාස මහින්දගෙ...ලොල්...පව් බන් උබල...


    මහින්ද වරදක් කරල නැති නිසා හිරේ යන එකක් නැ...ඒත් මහ බැකුවෙ වචාවට අගමැති රනිල රවිය මලික් අර්ජුන් උගෙ බෑන හිරේ නොයයි කියන්ඩ බැ...බලපන්කො වෙන දේ...2020 මහින්ද නෙමේ එන්නෙ....බය වෙන්ඩ එපා අනිව හොරු හිරේ..