විජේයි දේශපාලන වේදිකාවේ දී කච්චතිව් ඉල්ලයි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    විජේයි දේශපාලන වේදිකාවේ දී කච්චතිව් ඉල්ලයි


    2026 පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂිත දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ TVK නම් නව දේශපාලන පක්ෂයේ දෙවැනි රැලිය තමිල් නාඩුවේ මදුරෙයි හීදි ඊයේ (22) පැවැත්වුණි.

    ඒ සඳහා දැවැන්ත ජනකායක් සහභාගී වී සිටියහ.

    මෙහිදී ජනහමුව අමතමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් විජේයි ඉල්ලීමක් කර තිබුණි.

    ඒ ශ්‍රී ලංකාවට අයිතිය ඇති කච්චතිව් දූපත පවරා ගන්නා ලෙසය.

    "තමිල්නාඩු ධීවරයින් 800ක් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඔවුන් භාරයට ගෙන තියෙනවා. අපි ඒක හෙළා දකිනවා. ඒ වෙනුවෙන් පොඩි දෙයක් අපි කරන්න ඕනේ. අපේ ධීවර ජනතාවට ආරක්ෂිතව ජීවත් වෙන්න නම්, කච්චතිව් දූපත විතරක් අපිට ලබාදෙන්න. ඒක අපිට ඇති" යනුවෙන් එහිදී ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතීව් දූපත ඉන්දියාවේ මැතිවරණය ඉලක්ක කර ගත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.

    කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේද කච්චතිව් දූපතයි.

    දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා ඇති අතර, ඇතැම් අවස්ථාවල රාමේශ්වරන්හි පවතින උසින් වැඩි කුළුනු ශීර්ෂ කච්චතිව් දූපත අවට මුහුදු සීමාවට නිරීක්ෂණය වන බව ධීවරයෝ පවසති.

    දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 24කට ආසන්න දුරක් පවතින අතර, යාපනය සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම මඟින් පෙන්වා දෙයි.

    කච්චතිවු, පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි අක්කර 285ක දූපතක් වන අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මඟින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.

    කච්චතීව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් එම ගිවිසුමේ සඳහන් වුණි.

    1976දී තවත් සමුද්‍ර සීමා ගිවිසුම්ක්ද සිදුවිය. එමඟින් මෙම කච්චතිවු දූපතේ අයිතිය සහ ඒ අවට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පතද අයිති වන්නේ ශ්‍රී ලංකාවට බව තහවුරු වුණි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    Gon pakayo tika Tamilnadu we mukuth karanne naha unge state eka diyunu karanna ona dewal

    lankawe un adirajyawadi kumanthrana
    suddo inna ratawala china russia nisa unge rata wala prashna kiyanwa wage

    Tamilnadu deshapalane karana un oya doopath & lankawe ewa kiyala chanda ganna talk karanne

    anika ohoma ena bottu Tamilnadu deshapalane karanna salli karayonge bottom trawling karana trawlers.,

    gon huththo bottom trawling karala malu naha dan enawa lankawe seemawath kanna.