විජේරත්න_රණතුංග මහතා අභාවප්රාප්ත වේ
ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාර්ය, දර්ශනපති විජේරත්න රණතුංග අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මෙරට තබ්ලා වාදන කලාවේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කළ විජේරත්න රණතුංග ගලන ගලන දොල පාරේ පර්යේෂණාත්මක ගීතය ඇතුළු මිටින් මුදා හැර බැලුවෙමි, සිනා මල් ගොඩක් වැනි ජනාදරයට පාත්‍ර වූ ගී නිර්මාණ රැසක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
1943 වසරේ අප්‍රේල් මස 5 වැනිදා කොළඹදී උපත ලද විජේරත්න රණතුංග රජයේ ලලිත කලා ආයතනයෙන් තබ්ලා වාදනය හදාරා තිබේ.
දශක 5 කට ආසන්න කාලයක් සංගීත නිර්මාණ රැසකට
සිය දායකත්වය සැපයු විජේරත්න රණතුංග ප්‍රවීන ගායිකා නිර්මලා රණතුංග මහත්මියගේ ස්වාමි පුරුෂයා වේ.
මිය යන විට 68 වැනි වියේ පසු වු ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
විජේරත්න රණතුංගගේ දේහය මිරිහාන , දාබරේ පෙදෙසේ පිහිටි අංක 62/12 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර
අවසන් කටයුතු හෙට පස්වරු 5 ට උඩහමුල්ල පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතය.