විඥානය රූපවාහිනි තිරයට

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,359
    567
    113
    උබල එන්නද ?
    විඥානය රූපවාහිනි තිරයට

    විඥානයේ ඇතිවන සිතුවිලි රූපවාහිනී තිරයක් මතට ගෙන ඒමට බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත.
    තම අරමුණ වන්නේ මිනිස් සිතුවිලි පටිගත කිරීමේ ක්‍රමයක් සොයාගැනීම බව ඔවුන් කියයි.
    මේ සඳහා වන එක් පර්යේෂණයකදී පුද්ගලයෙකුට චිත්‍රපටයක් නරඹන්නට ඉඩ දී එහි අන්තර්ගත රූපරාමු ඔහුගේ විඥානයේ සිතුවිලි පරිදි වෙනස් කිරීමට අවස්ථාව ඇති කිරීමට පර්යේෂක පිරිස සමත්ව තිබේ.
    චිත්‍රපටය නරඹමින් සිටියදී නරඹන්නාගේ හිසට සවිකර තිබූ විශේෂ උපකරණයකින් ඔහුගේ මොළයෙන් ජනනය වූ තරංග ග්‍රහණය කරගැනීමට සමත්වූ ඔවුන් ඒවා විශේෂ මෘදුකාංගයක් ආධාරයෙන් චිත්‍රපටයේ දර්ශන වෙනස් කරවීම සදහා යොදාගෙන ඇත.
    එක් අවස්ථාවකදී අඳුරු පැහැයෙන් වූ චිත්‍රපටයේ පසුබිම එය නරඹමින් සිටි තැනැත්තාගේ මොළයේ තරංග වලට අනුව යළි සකස් කෙරුණු පසු ආලෝකවත් වී තිබෙන අයුරු දැකගත හැකිවිය.
    දැනට යොදාගත්තාක් මෙන් චිත්‍රපටයක් නැරඹීමට ඉඩදී නොව කෙලින්ම සිතුවිලි පටිගත කළ හැකි ක්‍රමයක් දක්වා මෙය දියුණු කළ හැකි බව පර්යේෂක පිරිස පෙන්වා දේ.
    එය සාර්ථක වුවහොත් සිහින පවා පටිගත කර පසුව නැරඹීමට මිනිසාට හැකිවනු ඇතැයි ඔවුන් මත පළකරයි.



    1415183753971_wps_1_The_MindWave_Mobile_heads.jpg


    1415183772102_wps_4_A_subject_watches_the_dre.jpg



    source:http://www.lankadeepa.lk/index.php/articles/274491
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිහින නෙවෙයි ඕකෙන් ඕකුන් හදන්නේ මිනිස්සුන්ව සිතුවිලි ඉදලා පාලනය කරන්නයි.